Monday, May 16, 2016

සප්ත ස්වරයයි සුවද හමනා

විහග පවන මත හිනැහි හිනැහි පිනිමල් මතින් වඩින දෙවුලියෙ
ගත තබර මල් සුවද විහිදා බිගුන් බබනා ඈ වටා

ඇගෙ නිකිනි සිනහ මල් කිනිති සැලෙන විට දැනෙන දැනෙන හැගුමන්
රන් තිසර රුවැති ඇගෙ ලපල් ලමැදෙ මම සිහින සිහින වින්දෙම්

සප්ත ස්වරයයි සුවද හමනා ....//
........................
හිත පුරා විසිරි මුතු ලතා ඉහිරුනා රුවැති හදපතා
හින මුසුවුන පාට තැවරුන දෑස අබියස නැවතුනා

ඇගෙ නිකිනි සිනහ මල් කිනිති සැලෙන විට දැනෙන දැනෙන හැගුමන
රන් තිසර රුවැති ඇගෙ ලපල් ලමැදෙ මම සිහින සිහින වින්දෙම්

සප්ත ස්වරයයි සුවද හමනා ........//
........................
මෙපුර සුරබ නල විදිමි විදිමි ඇගෙ මුව මතින් වයන රිද්මයේ
නිල් අබරෙ තුහින මල්වැල් තෙමෙන්වා මා ආදරෙන්

ඇගෙ නිතබ ලෙලෙන පා සලබ සැලෙන විට දැනෙන දැනෙන හැගුමන
මුදු සුවැති සුමුදු ඇගෙ ලපල් ලමැදෙ මම සිහින සිහින වින්දෙම්

සප්ත ස්වරයයි සුවද හමනා .......//



0 comments:

පරිගණක පන්ති