Friday, February 13, 2015

ආදරවන්තයන්ගේ දිනය (වැලන්ටයින්) ආරම්භය ගැන දැනගමු ..

 2015 HAPPY VALANTINE DAY අආදරවන්තයන්ගේ දිනය 2015

ඔන්න යාලුවනේ පෙබරවාරි මාසේ ඇත ලග. පෙබරවාරි 14 වෙනිදට දැම්ම ඉදල කස්ටිය ලෑස්තිය.. හත්වලාමයි කියල මට මතක්වෙන්නේ අපේ අය මුල දැනගන්නේ නැතුව මේක සමරන එක ගැනයි. අපේ උන්දලා අපේම කියන අපේ කම අගට දැනෙන සිංහල අවුරුද්දට වඩා, අපේ සිතට සැනසිල්ලක් ගෙන අපේ බුදුහාමුදුරුවන්ගේ තෙමගුල සිහිකරන වෙසක් තෙමගුල, පොසොන් උත්සවය අඩුම අම්මගේ තාත්තගේ උපන්දිනේටත් වඩා ආදරවන්තයින්ගේ දිනේට සැරසනවා. අනේ කාලේ වනේ වාසේ කිවුවලු.. අපේ උන්දලට වෙච්ච දෙයක් මම හැමෝටම දැනගන්න වැලන්ටයින් කියන මගුල් දවස ගැන කියන්නම්.. අපේ අය අම්මගේ තාත්තගේ උපන්දිනේට තෑගි අරගන දෙනවා තිය එදාට අම්මට තාත්තට සුභාපතන්නේ නැති අය කෙල්ලට දෙන්න කොල්ලන්ට දෙන්න තෑගි ග්ඵන්න සති ගණන් හොයනවා.. මේ විස්තරේ 100% ඇත්ත කතාව. මම පොඩිකාලේ දැනගත්තේ ඒ කාලේ ලංකාවේ වැලන්ටයින් කියන දේ එච්චරම දන්නෙවත් නැති කාලයක..  පොඩිකාලේ අහපු දෙයක් නිසා නම් ගම මතක නැහැ හරියට විස්තර දන්නා යාලුවෙක් ඉන්නවනම් මට විස්තර ටික කියන්න.

ඔන්න බටහිර රටක රජ කෙනෙක්ගේ  පුතෙක් හිටියලු ,  තේරෙන විදියට කිවුවොත්  රාජ කුමාරයෙක් හිටියලු. එයට දවසක් අහම්බෙන් ලස්සන කුමාරිකාවක් මුණගැහුනලු.. ඉතින් මේ කුමාරයාට කුමාරි ගැන ආදරයක් ඇති උනාලු වැඩිය විස්තර  දන්නෙත් නැහැ . පොඩි පොඩි විස්තර ටිකක් හොයාගත්තලු. ඔන්න දන් කුමාරයාට මාර ෂොක්  එක කෙල්ල කුමාරිව බලන්නේ නැතුව ( අපේ අයත් කෙල්ලෙක් හිතට වැදුනම බෝක්කු ගානේ බස් හෝල්ට් ගානේ කඩ ගානේ ශෝපින්ග් සෙන්ටෙර් ගානේ යනවනේ ) රජ කුමාරයා තමන්ගේ හිතවත්ම සේවකස්යෙක්ව මේකට සම්බන්ද කරගත්ත එයා මාර්ගයෙන් මේ දෙන්න පණිවිඩ හුවමාරු කරගත්තා. අද වගේ SMS ඊ මේල් ෆේස්බුක් ටුවිටර් G+ වගේ ඒවා තිබ්බේ නැහැනේ. අනේ ඉතින් බොහොම අමාරුවෙන් මේ ලවු එක ඇදගන ගියාලු . රෝමියෝ ජුලියට් වගේ නොවුනට ප්‍රශ්න නම් අඩුවක් තිබුනෙම නැතිලු. කොහොමින් කොහොමින් හරි අපේ කතා නායක කුමාරයා ඔන්න කුමාරිකාව කරකර බන්දලු.. විවාහ ප්‍රාර්ථ උනාලු. ඊට පස්සේ නම් දෙන්න සතුටින් හිටියලු කුමාරයාගේ තාත්ත  පිය රජුගේ අභාවයෙන් පසුව මෙයා රජ වුනාලු. අන්න එතැනදී ආය අර පණිවිඩ හුවමාරු කරපු පුද්ගලයාව මතක්වෙනවා. රජතුමා සහ රැජින අරයට හොදින් සැලකුවාලු .. මොකද තමන්ගේ ආදරයට උදවූ කරපු කෙනනේ. ඔහොම කාලය ගතවෙද්දී අර ආදර කුරුල්ලා හදිසි ලෙඩකින් මෙලොව දාල ගියාලු. හත්වලාමයි “වහාම රාජ්‍ය ශෝක දිනයක් නම්කරන්න “ රජතුමා එහෙම කිවුවේ නැහැ. එයා එදා විශේෂ දිනයක් කලා. එදාට හැමදාම ඒ දෙන්න ආදරෙන් සැමරුවා. එක සාමාන්‍ය ජනතාවත් සමරන්න පටන් ගත්ත. රජතුමා ආදරේ නාමයෙන් සමරන නිසා එදා ආදර වන්තයන්ගේ දිනය වුනා. කුමාරයා කුමරියට යවපු පලවෙනි තෑග්ග රෝස මලක් නිසා එදාට ගොඩක් අදර වන්තයෝ රෝස මල් දෙනවා.. චොකලට් නම් සමාගම් පුරුදු කරපු දෙයක්. තව දෙයක් අපේ කතානායකස් කුමාරයට උදවූ කරපු කෙනාගේ නම “වැලන්ටයින්” .. හික් හික් හික් …

       අපේ වුන් මහා ලොකුවට ආදරේ කියා කියා සමරන්නේ අර වැලන්ටයින් ලොක්ක මරුන දවස බන් .. හික් හික් හික්.. මටනම් දුකේ බැරුවා …… කටින් විතරක් නෙවෙයි අනිත් පැත්තෙනුත් හිනා යනවා  .     ආදරේ කරන එක හැමදාම කරන්න එක දවසකට සිමා වෙන්න එපා ……..

 

ඔයාලටත් මේගැන අදහස් තියනවනම් කමෙන්ට් එකක් දාන්න.. පුද්ගලිකව මොනවා හරි කියන්න තියනවනම් මාව සම්බන්ද කරගන්න..

raweendragampola@gmail.com

http://www.facebook.com/slcu.lk

කතාකරන්න 075-4733407

0 comments:

පරිගණක පන්ති