Monday, January 26, 2015

ලිංගික සබඳතා ගැන කාන්තාවන් දැනගත යුතු දෑ 18+

ලිංගික සබඳතා ගැන කාන්තාවන් දැනගත යුතු දෑ
යාලුවනේ මේක 18+ මාතෘකාවක් විශේෂයෙන්ම විවාහක කාන්තාවන් මේ ගැන දැනගන්න එක හොදයි කියල හිතුන නිසා වෙන් අවකාශයේ සැරිසරද්දී හම්බවුන ලිපියක් ඔයාලටත් ගෙනාව.. මේක 18 ට අඩු පිරිසට බලුවා කියල අවුලක් නැහැ අනාගතේදී වැදගත්වෙයි…

සිය සහකරුවා පිළිබඳ ලිංගික සබඳතාවන් පැවැත්වීමේදී කාන්තාවන් විවිධ ව්‍යාජ අදහස් වලට ගොදුරු වන බව මනෝවිද්‍යාඥ සමන්තා රොඞ්මන් පවසා තිබේ.ඇය පවසන්නේ ලිංගික සබඳතාවයේදී වඩා ප‍්‍රමුඛ වන්නේ සුරතාන්තයට එළඹීම බවත් සහකරුවාට අවශ්‍ය වන්නේද එයම බව බොහෝ කාන්තාවන් විශ්වාස කරන බවයි.

නමුත් දෙදෙනාගෙන් වැඩිවැඩියෙන් ලිංගික හැසිරීම් සඳහා ආරාධනා කරන කෙනා බොහෝ විට සුරතාන්තයෙන් ලිංගික එක්වීම අවසන් කිරීම වෙනුවට එහි පහසල මිහිරි වදන් ආදියට ආශා කරන බව රොඞ්මන්ගේ අදහසයි. තම සැමියාට තමා තවදුරටත් ආකර්ෂණීය නොවන බවත් ඔහු තමන් සමග එක්වන්නේ ඒ සඳහා වෙන කිසිවෙකු නොමැති නිසා බව විවාහක කාන්තාවන්ගේ සුලභ අදහසක් නමුත් එයද කාන්තා පාර්ශ්වයේ මැදිහත්වීමකින් වෙනස් කළ හැකි බව ඇය පවසා තිබේ.

ඔබේ සැමියා කාමුක චිත‍්‍රපට නැරඹීම ඔබ පිළිකුල් කරන්නේ නම් සමන්තා රොඞ්මන් පවසන්නේ පිරිමියා බොහෝ විට ලිංගික ක‍්‍රියාකාරකම් නැරඹීමෙන් වින්දනය කිරීමට පුරුදු වූවෙකු බව ඔබ වටහා ගත යුතු බවයි.

ඔබේ රහසිගත ආශාවන් පිළිබඳව ඔහු ප‍්‍රශ්න කළහොත් ඔබ ලැජ්ජාවට පත්වන ආකාරයටම ඔහුද අපහසුතාවයට පත්වන බව රොඞ්මන් පවසා ඇත.

තම සහකරුවා තමන් සමග ලිංගික සබඳතාවට අලසකමක් දක්වන්නේ නම් සමන්තා රොඞ්මන් සඳහන් කර ඇත්තේ ඔබ විසින් ඔහුගේ ඉල්ලීමක් ප‍්‍රතික්‍ෂේපවී තිබීම එයට හේතුව විය හැකි බවයි.

ඔයාලටත් මේගැන අදහස් තියනවනම් කමෙන්ට් එකක් දාන්න.. පුද්ගලිකව මොනවා හරි කියන්න තියනවනම් මාව සම්බන්ද කරගන්න..

raweendragampola@gmail.com

http://www.facebook.com/slcu.lk

කතාකරන්න 075-4733407

0 comments:

පරිගණක පන්ති