අඩු මුදලට පරිගණක පාඨමාලා

දැන්මම කතාකරන්න රවීන්ද්‍ර:075-4733407

ක්ලාස් කියල රවුම් ගහල ඉවයි

දැන්මම කතාකරන්න රවීන්ද්‍ර:075-473340

හරියට කියලදෙන්නති තැන එපවෙලද

දැන්මම කතාකරන්න රවීන්ද්‍ර:075-473340

MS Office ප්‍රශ්නයක්ද

දැන්මම කතාකරන්න රවීන්ද්‍ර:075-473340

කියක් හරි හොයාගමුද

දැන්මම කතාකරන්න රවීන්ද්‍ර:075-473340

Monday, January 26, 2015

1+1= උත්තරය දන්නා අය අනිවාර්යෙන්ම කියවන්න. උත්තරය ඔබ සිතනවාට වඩා බොහෝ වෙනස් වේ..

 

1 1= දන්නා අය අනිවාර්යෙන්ම කියවන්න. උත්තරය ඔබ සිතනවාට වඩා බොහෝ වෙනස් වේ.

පූජ්‍ය කටුගස්තොට සනාථවිහාරී ස්වාමීන් වහන්සේ වරෙක පැනයක් ඉදිරිපත් කළහ. ඒ, විවිධ රැකියාවල නියුතු වැඩිහිටියන් පිරිසක් හා පාසල් සිසුන් කිහිප දෙනකු සමඟ අප පේරාදෙණි විශ්වවිද්‍යාලයේ විවිධ පීඨවල ඉගැනුම ලබමින් සිටි සිසුන් කිහිප දෙනකු ද සහභාගි වූ, මහනුවර, බෝවලවත්ත වජිරාරාම ආරණ්‍ය සේනාසනයෙහි පැවැති සාකච්ඡාවකදී ය.

අට දෙකට බෙදූ විට පිළිතුර කුමක් ද?” යනු එම පැනය යි.

එය ඉතා සරල, පහසු පැනයක් වූ බැවින් සහ එයට නිශ්චිත පිළිතුර අප සැම දැන සිටි හෙයින් එසැණින් එකිනෙකා විසින් පිළිතුරු ලබා දෙන ලදි.

විශ්වවිද්‍යාල සිසුන් සියලු දෙනාගේ සහ පාසල් සිසුන් බහුතරයකගේ පිළිතුර ‘4’ විය. පාසල් සිසුවකුගේ පිළිතුර වූයේ 0 හෝ 4 බව යි. එක් වැඩිහිටි අයෙක් පිළිතුර 4, 0 හෝ 2 විය හැකි බව කී ය.

අප හිමියන්ගේ පැහැදිලි කිරීම වූයේ අප බහුතරයකගේ පිළිතුර වූ ‘8 දෙකට බදූ විට 4 වේයන්න ගණිතමය වශයෙන් ලැබෙන පිළිතුරක් පමණක් බව යි.

“8 ඉලක්කම සංකේතයක් ලෙස ගෙන එහි හරි මැදින් සරල රේඛාවකින් තිරස් ව බෙදූ විට, උඩ 0 කට සහ යට 0 කට වශයෙන් එය බින්දු දෙකකට බෙදෙනවා. සිරස් ව එහි මැදින් දෙකට බෙදූ විට එය සහ වශයෙන් අර්ධ දෙකකට බෙදෙනවා.

උන් වහන්සේ විසින් එහිදී පැහැදිලි කරන ලද්දේ ‘8 දෙකට බෙදූ විට 4 වේයන පිළිතුර පමණක් නො ව, සඳහා යට කී පරිදි තවත් පිළිතුරු ද ඇති බව යි.

එකී සාකච්ඡාවෙන් වසර දහහතරකට පමණ පසු අප විසින් එම පැනය සාමාන්‍ය පෙළ සිසුන්, උසස් පෙළ සිසුන් සහ විශ්වවිද්‍යාල සිසුන් කිහිප දෙනකු වෙත එපරිදි ම යොමු කරනු ලැබිණි. විශ්වවිද්‍යාලයක කළමනාකරණ පීඨයේ ඉගැනුම ලබන සියලු සිසුන් විසින් ලබා දෙන ලද පිළිතුර වූයේ 4 යන්න ය. සංස්කෘත භාෂාව හදාරන සිසුවෙක්, පිළිතුර 4 හෝ 0 බව ප්‍රකාශ කළේ ය. සාමාන්‍ය පෙළ හදාරන එක් සිසුවෙක් 4 හෝ 2 බව ප්‍රකාශ කළේ ය. පිළිතුර 2 වන්නේ, 8 දෙකට බෙදූ විට ගොඩවල් දෙකක් වන හෙයිනි යි ඔහුගේ පැහැදිලි කිරීම විය.

8 යනු ඉටිපන්දම් හෝ ඉරටුකූරු ආදි දෙයක් නම් ඒවා දෙකට බෙදූ විට පිළිතුර කුමක් දැ යි විමසූ විට, 16 යන්න ද පිළිතුරක් ලෙස ගත හැකි බව ප්‍රකාශ විය.

මෙහිදී පැන නගින ගැටලු කිහිපයකි. එකී පැනයට පිළිතුර 4 යන්න පමණක් ලෙසින් ඉතා නිශ්චිත ඒකායන තිර වූ පිළිතුරක් බහුතරයක් විසින් ලබාදෙනු ලැබුවේ මන්ද? එකී පැනයට 4 හැර වෙනත් පිළිතුරු කිහිපයක් තිබියදී ඒවා නොසලකා හරිනු ලැබුවේ මන්ද? අට දෙකට බෙදන්න යැ යි කී විට 8 නමැති සංකේතය බෙදීමක් ගැන ද මෙහි අදහස් කරනු ලැබිය හැකි යැ යි නොසිතුවේ මන්ද? 8 යනු, ඉටිපන්දම්, ඉරටුකූරු වැනි ද්‍රව්‍යයක් වූ විට ඒවා දෙකට බෙදීමෙන් ලැබෙන පිළිතුර කුමක් දැ යි නොසිතුවේ මන්ද?

මෙයට හේතු පැහැදිලි ය. ‘8 දෙකට බෙදන්නයැ යි කී විට, පිළිතුර 4 යැ යි පවසන්නා එසේ පවසන්නේ එකී පැනය ගණිතමය වශයෙන් ගැනීමෙන් පමණි. එමෙන් ම එය සිතා, විමසා, නිදහස් ව දෙන පිළිතුරක් නො ව, එය එසේ සිතන්නට, එසේ කියන්නට ඔහු වෙත ඉගැන්වූ, පැටැවූ, හුරුපුරුදු කළ පිළිතුර යි.

එය එසේ අපට ඉගැන්වූයේ අප ලත් අධ්‍යාපනයේ එන ගණිතය විෂයයෙනි. එහෙත් එකී පැනය ගණිතමය රාමුවෙන් පිටතට පැමිණ විසැඳීමට සිතූ විට යට කී පරිදි වෙනස් පිළිතුරු ද ඇති බව පෙනී යයි. එවිට 4 යන්න ඇතැම් අවස්ථාවල සාවද්‍ය පිළිතුරක් වෙයි.

මෙහිදී සිදු ව ඇත්තේ කුමක් ද? සීමාසහිත විෂය වපසරියකට අදාළ පිළිතුරක් එපරිදි ම ඉන් බැහැරවත් යෙදීම යි; අනුගත කිරීම යි. මෙයට හේතුව, එකී දැනුම ලත් පුද්ගලයා එකී දැනුමෙහි සිර වී හිඳීම යි; ඉන් පිටතට අවුත් ඉන් නිදහස් ව සිතන්නට ඔහුට නොහැකි වීම යි; එහි වඩාත් බැරෑරුම් තත්ත්වය එකී පිළිතුර නිශ්චිතාර්ථයක්, නිරපේක්‍ෂයක් ලෙස ගැනීම යි.

ලෝකය පිළිබඳ ව වන මිනිසාගේ දැනුම, ඉගැන්වීම සහ ඉගැනීම සිදු වන ආකාර දෙකක් වෙයි. එකක් සංවිහිතආකාරය යි. අනෙක අසංවිහිතආකාරය යි. එනම්, තෝරාගත් විෂයයන්හි තෝරාගත් දැනුම් ඇතුළත් කොටගනිමින් තෝරාගත් වයස් සීමාවන්හිදී ඉගැන්වීම ද ඉගැනීම ද සංවිහිත ආකාරය යි. එසේ නිශ්චිත වූ විෂයයක් හෝ ක්‍රමවේදයක් හෝ නැති ව නිදහස් ව පුළුල් පරාසයක දැනුම ඉගැන්වීම සහ ඉගැනීම අසංවිහිත ආකාරය යි.

අද ලෝකය පුරා ප්‍රචලිත කොට ඇති බටහිර අධ්‍යාපන ක්‍රමය බොහෝ විට ඉගැන්වෙන්නේ ද උගන්නේ ද යට කී සංවිහිත ආකාරයෙනි. එහෙත් ලෝකය පුරා සැම කලෙක ම එසේ සංවිහිත වූ ද අසංවිහිත වූ ද වෙනත් අධ්‍යාපන ක්‍රමවේද බොහෝ තිබිණි; අද ද තිබෙයි.

බටහිර අධ්‍යාපනයේ දැනුම ලබාගැනීමේ මූල පදනම ඇතහෝ නැතලෙසින් ගත්, පංචේන්ද්‍රියන්ට පමණක් ගෝචර වූ දෑ නිරීක්‍ෂණය කිරීමෙන් ගොඩනගනු ලබන ක්‍රමවේදයකි. එහෙත් පංචේන්ද්‍රියන් සේ ම සවන ඉන්ද්‍රිය වන මනස ද යොදාගනිමින් ලෝකය පිළිබඳ ව වන ආධ්‍යාත්මික සංකල්පවලින් පෝෂණය කොටගත් දැනුම් පද්ධතියක් බෞද්ධ අධ්‍යාපනයෙහි වෙයි.

යට කී ‘8 දෙකෙන් බෙදූ විට 4’ වේ යන්න නිශ්චිතාර්ථයක් ලෙස ගන්නකුගේ සිතෙහි බෙදීම හේතුවෙන්, ඇති දෑ අනිවාර්යයෙන් ම අඩු වේ යන අදහස මුල් බැසගත හැකි ය. එහෙත් බුදු දහමට අනුව බෙදීම, වෙනත් අර්ථයකින්, අඩු වීමකට නො ව වැඩි වීමකට හේතු වන බව පෙනෙයි. තමා සතු ධනය, ද්‍රව්‍ය, දැනුම, බුද්ධිය, ශ්‍රමය, දැක්ම සංකල්ප ආදිය ලෝකයේ යහපත උදෙසා සත් සිතින් බෙදන්නා උසස් මිනිස් ගුණාංගවලින් පිරුණේ වෙයි;

ඔහුගේ කුසලය, ප්‍රඥාව, යසස, කීර්තිය තව-තවත් වැඩෙයි.

අප කළ යුත්තේ කවර අධ්‍යාපන ක්‍රමවේදයක්, දැනුමක් උසස් හෝ පහත් හෝ වන්නේදැ යි ද නිරවද්‍ය හෝ සාවද්‍ය හෝ වන්නේ දැ යි ද නිගමනය කරන්නට යෑමට වඩා අපගේ ජීවිතවලට, පරිසරයට, සංස්කෘතියට, චින්තනයට, දහමට, දේශයට වඩ-වඩාත් උපයෝගී කොටගත හැක්කේ කවර දැනුම් දැ යි විමසා බලා, ඒවා ඉගැන්වීම යි; ඉගැනීම යි; යොදාගැනීම යි. ඒ සඳහා විඤ්ඤූන්ගේ, එනම් එහි මනා පරිචයක් ඇති, දැනුම සේ ම හදවතක් ද ඇති ප්‍රඥාවන්තයන්ගේ අදහස් පිළිගැනීම යි; පිළිපැදීම ය.

අප කුඩා කල සිට ඉගැනුම ලබන 1 + 1 = 2 යන ගණිතමය න්‍යාය පිළිබඳ ව මීළඟට අපේ අවධානය යොමු කරමු. එහිදී ද එකට එකක් එකතු කිරීමෙන් දෙක ලැබේයන විසැඳුම සැම විට ම බලාපොරොත්තු විය නොහැකි ය.

යම් වරදකට තවත් වරදක් එකතු වූ විට ප්‍රතිඵලය වැරදි දෙකක එකතුවක් පමණක් නො වේ. ඇතැම් විට එම ප්‍රතිඵලය එකී වැරදි වෙන් වෙන් ව තිබෙනවාට වඩා දස ගුණයකින් හෝ සිය ගුණයකින් හෝ වැඩි වූවක් විය හැකි ය. ඇතැම් විට එක වරදකට වෙනත් වරදක් එකතු වීමෙන් ඇති වන ප්‍රතිඵලය, වැරැදි නිෂේධනය වීමක්, එනම් වරද නැති වී යෑමක් ද විය හැකි ය. බටහිර විද්‍යානුගත ඇතැම් පර්යේෂණයන්හිදී සිදු වූ අමතක වීම්, අතපසු වීම්, මඟහැරීම් සහ වැරැදීම් හේතුවෙන් ඇති වූ නොසිතූ විරූ ප්‍රශස්ත ප්‍රතිඵල ඊට උදාහරණ යි.

ජීව විද්‍යානුගත ව එක් කාර්යයක් කරන සෛලයක් හා වෙනත් කාර්යයක් කරන සෛලයක් එකතු වූ විට ප්‍රතිඵලය බොහෝ විට, එකී කාර්යයන් දෙකෙහි එකතුවක් පමණක් නො වේ; ඇතැම් විට කාර්ය ගණනාවකි; තවත් විටෙක ප්‍රතිඵලය, ඒවා වෙන් වෙන් ව කළ කාර්යයන්හි නිෂේධනයකි.

වැලි ගොඩවල් එකකට තවත් වැලි ගොඩක් එකතු කළ විට පිළිතුර වැලි ගොඩවල් දෙකක් නොව වැලි ගොඩවල් එකකි.

එහෙයින් මෙවන් අවස්ථා සඳහා 1+ 1 = 2 යන ගණිතමය ප්‍රතිඵලය සාවද්‍ය බව පැහැදිලි වෙයි.

එමෙන් ම විවිධ බුද්ධිමය හැකියා, දක්‍ෂතා, කාය ශක්ති, දැනුම ආදී ද්‍රව්‍යමය නොවන දෑ එකතු වූ විට, ලැබෙන ප්‍රතිඵලය, 1 + 1 = 2 යන්න මගින් කිසි සේත් පැහැදිලි කළ නොහැකි ය.

ඒ අනුව අපට පෙනී යන්නේ 1 + 1 = 2 යන්න ආදේශ කළ හැකි, අනුගත කළ හැකි ගණිතමය රාමුවෙන් බැහැර ව වෙනත් බොහෝ අවස්ථාවලට එය යෙදිය නොහැකි බව යි; සාවද්‍ය බව යි.

මෙවන් බොහෝ අවස්ථාවලදී පෙනී යන්නේ 1+1 හි පිළිතුර දේවල්හි ගුණ, ප්‍රමාණ, පරිසරය, අවස්ථා යනාදිය මත ද පුද්ගල ගතිසොබා, දක්‍ෂතා, දැක්ම, ගුණ, ක්‍රියා මෙන් ම ඒවා එකතු වන සන්දර්භය මත ද රඳා පවතින බව යි.

එහෙයින් ගණිතමය වූ ආකෘතියක වැඩ කරගැනීම සඳහා ලබාගත් පිළිතුරක් සුදුසු තැන්හි පමණක් භාවිත කරමින් ඉන් බැහැර ව වෙනත් පරාසයක ඒ සඳහා ඇති වෙනත් පිළිතුරු යොදාගත යුතු ය.

දිනක් ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් තුමන් වෙත පැමිණ, තරුණ සිතිවිලි සමාජයේ කාර්යයන්වලට සහභාගි වී බැහැර ව යන මොහොතේ එක්තරා තරුණයෙක් මෙසේ කී ය: හෙටින් පස්සේ මම ඔබතුමා සමග කරන කාර්යය දෙගුණ වෙනවා.

එකී ප්‍රකාශයට නිහඬ ව සවන් දුන් අදිකාරම් තුමා ඔහු සමු ගෙන ගිය පසු එකී ප්‍රකාශය පිළිබඳ ව තමා දරන අදහස පැහැදිලි කළේ ය. එනම්, එකී තරුණයා පසු දින විවාහ වන බවත් එවිට ඔහුගේ ජීවිතයට තවත් අයකු එකතු වන බැවින් ඔහු කරන කාර්යය දෙගුණ වන බව තරුණයා විසින් ඉන් අදහස් කරන ලදමුත් සිදු වන්නේ ඔහු කළ වැඩ ප්‍රමාණය දෙගුණයක් නො , බොහෝ දුරට අඩකට සීමා වන බවත් ය. හේතුව, විවාහයත් සමඟ ම ඔහුගේ වෙනස් වන ජීවිතය සඳහා කාලය, ශ්‍රමය, ශක්තිය වැය කරන්නට සිදු වන හෙයින් මෙතෙක් කළ ප්‍රමාණයෙන් ඔහුට වැඩකටයුතු කළ නොහැකි වන බැවිනි. ජීවිතයේ නවමු ලැබීම්, වෘත්තිය, තනතුරු, මිල මුදල්, උසස් වීම්, විවාහය, දූ-දරු ලැබීම් සමග සේ ම ඒවා අහිමි වීම් සමඟින් යමකු විසින් කරගෙන එනු ලැබූ ඇතැම් වැඩකටයුතු, යුතුකම්, පිළිවෙත්, ක්‍රියා වෙනස් වීමට, අඩු වීමට හෝ ඇතැම් විට සිදු නොවීමට ද හේතු විය හැකි ය. එසේ වීම සාධාරණ අසාධාරණ, කළ යුතු-නොකළ යුතු, විය යුතු - නොවිය යුතු ආදි වශයෙන් විය හැකි ය. එය කවරක් වුව අන්‍යයන් විසින් ඒවා මැදහත් සිතින් යුතු ව තේරුම් ගනු ලබන්නේ නම්, දරාගනු ලබන්නේ නම් ද්වේෂය, වෛරය, දුක, නොරිස්සීම, කලකිරීම බඳු කෙලෙස් මනසින් තොර ව ඒවා ඉවසීමට හැකි වෙයි. යට කී සිදු වීමේදී අදිකාරම් තුමන් විසින් පැහැදිලි කොට දෙනු ලැබුවේ එය යි.

එමෙන් ම 1 + 1 = 2 යන ප්‍රතිඵලය භෞතික ව ම පමණක් නිරන්තරයෙන් සමාජගත වීමෙන් සමාජය ඒ පසු පස ම හඹා යයි. ඉන් සිදු ව ඇති අහිතකර ප්‍රතිඵලය නම් මිනිසුන් වඩ වඩාත්, තව තවත් මිල-මුදල්, යාන-වාහන, බඩු-භාණ්ඩ, ගේ-දොර ආදිය එක්රැස් කොටගෙන ඉන් නොනැවතී ඒවා ගුණනය, එනම් වැඩි කොටගැනීමේ නොතිත් ආශාවට නතු වීම යි. ප්‍රතිඵලය, එසේ ආශාවට නතු වුණ උගත්-නූගත්, දුප්පත්-පොහොසත්, ඇති-නැති, තරුණ- මහලු සියල්ලන් තම ඒකායන අරමුණ එය බවට පත් කොටගැනීම යි; එය තම ජීවිතය ද ජීවිතය එය ද බවට පත් කොටගැනීම යි. අවසාන වන්නේ තමා ලද මහඟු මිනිස් ජීවිතයේ හතිවැටුණ මිනිසකු බවට පත් වී, එලෙස ලබාගත් භෞතික දෑ සියල්ල මෙලොව හැරදමා මිය යෑම යි.

එහෙත් යමකුගේ ගුණ යහපත්කම, බුද්ධිය, කරුණාව හෘදයංගම බව ආදී උසස් මිනිස් ගුණවල ද ආධ්‍යාත්මික ලබාගැනීම්හි ද එකතු වීම් කිසිදු විටක 1 + 1 = 2 යන සරල එකතුවේ ප්‍රතිඵලයෙන් පෙන්විය නොහැකි ය. මන්ද, ඒවාහි එකතුව සුවිසල් ප්‍රතිඵලයක් වන බැවින් සහ ඇතැම් විට එහි අගය ගණනය කළ නොහැක්කක් විය හැකි බැවිනි. එවන් පුද්ගලයකු කායික ව මෙලොව හැර ගිය ද ඔහුගේ ගුණ චිරාත් කාලයක් ලොවෙහි පවතී.

යට කී ගණිතමය දැනුම සේ ම අප උගන්නා වෙනත් දැනුම් ද එලෙස නිශ්චිතාර්ථ ලෙස අප විසින් යොදාගනු ලැබෙයි. වරෙක අප පාසල් සිසුන් ව සිටියදී පාසලේ පැවැති සාකච්ඡාවකට පැමිණි බටහිර වෛද්‍යවරයෙක් අපගෙන් පැනයක් ඇසී ය:

ඔබ කෑම කන්නේ ඇයි?”

එවකට 8, 9 සහ 10 ශ්‍රේණිවල උගනිමින් සිටි අපි එකී පැනයට සෞඛ්‍ය හා විද්‍යා විෂයයන් වෙතින් එතෙක් අප ලබා තිබුණ දැනුම උපයෝගී කොටගෙන මෙසේ පිළිතුරු දුනුමු:

කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, මේදය, විටමින් ගැනීමට.

සමබර ආහාර වේලක් ගැනීමට.

පෝෂ්‍යදායී සමතුලිත ආහාරයක් ගැනීමට.

ශරීර ශක්තිය ලබාගැනීමට.

සිරුර නීරෝගි ව තබාගැනීමට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ගැනීමට.

අපගේ එවන් පිළිතුරු හමුවේ උපහාසය මුසු මඳ සිනහවක් මුවඟට නඟාගත් වෛද්‍යවරයා පෙරළා අපගෙන් මෙසේ විමැසී ය:

හොඳයි අද උදේ කෑම ගනිද්දි ඔය කියූ කාරණාවන් අනුව ආහාර ගත් කෙනෙක් අත උස්සන්න.

ඔහුගේ එම ප්‍රකාශයත් සමඟ ම සභාවෙහි ඇති වූයේ දැඩි නිහඬතාවක් පමණි. කිසිවකුගේ හෝ අතක් නේසැවිණි. මමත් ඔබ සැමත් බෞද්ධ. ඔබලා අද උදෙත් පන්සිල් සමාදන් වුණා නේද? ඇයි එහෙම නම් බොරු කියන්නේ?” යි මුවගට නඟාගත් මඳ සිනාවෙන් යුතු ව ම අපගෙන් යළිත් ප්‍රශ්න කළ වෛද්‍යවරයා, වික්ෂිප්ත ව සිටි අපට මෙසේ කරුණු පැහැදිලි කළේ ය:

අපි ආහාර ගන්නේ ඔබලා කී කාරණා නිසා නො වෙයි. බොහෝ විට අපි කෑම කන්නේ බඩගින්නනිසා යි. තව සමහර විට ආශාවනිසා යි; පුරුද්ද නිසා, ඒ වගේ ම අපි සතුට වෙනුවෙනුත්, සතුට බෙදා- හදාගැනීමටත් කෑම කනවා; කෑම දෙනවා. යමකු පිළිගැනීමට, ආදරය බෙදා- හදාගැනීමට, උත්සව සමරන්න, නෑදෑ-හිතමිත්‍රකම් තහවුරු කරගන්න අපි කෑම කනවා; කෑම දෙනවා. පින්-දහම් කිරීම සඳහාත් අපි ආහාර, දානය වශයෙන් පූජා කරනවා, පිරිනමනවා.

කෑම කන්නේ මන්ද යන සරල පැනයට අප විසින් සපයනු ලැබුවේ බටහිර විද්‍යාව සහ සෞඛ්‍යය යන විෂයයන් වෙතින් අප ආහාර පිළිබඳ ව උගත් දැනුමක් මිස එකී පැනයට දිය යුතු නිසි පිළිතුර නොවන බව එදින එකී වෛද්‍යවරයා වෙතින් අපි උගත්තමු.

සැබැවින් ම අප විසින් ආහාර ගනු ලබන්නේ එකී වෛද්‍යවරයා කී කාරණා නිසා බව අප හොඳින් දැන සිටි මුත් ඔහුට දුන් පිළිතුරුවල එකී එක් කරුණක් වත් නො විණි. මන්ද? ලබා සිටි විෂය මූලික දැනුම තුළ පමණක් සිර වී සිටි අපට, ඉන් පමණක් ලෝකය දුටු අපට, දැනෙන-පෙනෙන සැබෑව නොපෙනීම යි; නොදැනීම යි. දැනුමකින් විය යුත්තේඇත්ත ඇති සැටියෙන් දැකීමවුව මෙහිදී සිදු ව ඇත්තේ ඉගැන්වූ හැටියට, ගත් හැටියටඇත්ත දැකීම ය.

ලෞකික දැනුම ගොඩනඟන මිනිසා එකී දැනුම යොදාගෙන ලෝකය දෙස බලයි. එකිනෙකට වෙනස් දැනුම් මගින් එවිට එකිනෙකාට වෙනස් ව ලෝකය දකියි; විග්‍රහ වෙයි. එකී දැකීම්, විග්‍රහ ලෝකයට හිතකර හෝ අහිතකර විය හැකි ය.

අප රටේ බිහි වූ විශිෂ්ට පඬිවරයකු වන මහාචාර්ය නලින් ද සිල්වා මහතා ඔහුගේ මගේ ලෝකයකෘතියෙහි දැනුම පිළිබඳ ව මෙසේ පවසයි:

ලෝකය පිළිබඳ දැනුම සාපේක්‍ෂක ය. එපමණක් නො වේ. මේ දැනුම අප විසින් ලෝකයට ලබා දෙන ලද්දකි. එක් එක් අය ලෝකයට දෙන දැනුම විවිධ වේ. සාපේක්‍ෂක බව මේ විවිධත්වය සමඟ බැඳී ඇත. එහෙත් සමහර විටක අපි සියලු දෙනා ම එකතු වී පොදු දැනුමක් ලෝකයට ලබා දී ඇත්තෙමු. දැනුම නිරපේක්‍ෂක වශයෙන් සමහර විටෙක හැඟෙන්නේ මේ පොදු දැනුම පිළිබඳ ව අප අතර එකඟත්වයක් ඇති බැවිනි.

බුදු දහමට අනුව ලෝකය පිළිබඳ ව ඇති කවර හෝ දැනුමක් අලෝභ-අද්වේෂ-අමෝහ යන සිතිවිලිවලින් යුතු ව, කරුණාව සහ ප්‍රඥාව මුල් කොටගෙන විය යුතු ය. එසේ නොවන දැනුමකින් පුද්ගලයාත් සමාජයත් පිරිහෙයි; අවුල වියවුලක් වෙයි. එවන් සමාජයක මිනිස්සු නිවනින් දුරස් වෙති; තවදුරටත් සසර ම සරති.

පවත්නා අධ්‍යාපන ක්‍රමවේදය තුළ දැනුම ලබා, විශ්වවිද්‍යාල ආචාර්යවරයකු ව සිට ඉන් නික්ම බුදු සසුනෙහි පැවිදි ව බවුන් වඩමින් සත්‍යගවේෂණයෙහි යෙදෙන පූජ්‍යපාද කටුකුරුන්දේ ඤාණනන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් රචිත හිතක මහිම – 2’ නමැති ග්‍රන්ථයෙහි ගණන් පාඩමමැයෙන් මෙබඳු සටහනක් දැක්වෙයි:

මුළු ජීවිතය තුළ ම අපි කෙළවරක් නැති එකතු කිරීම්, අඩු කිරීම්, බෙදීම්, වැඩි කිරීම් සහිත ගණනක් සෑදීමට වෙහෙසෙමු. ගණන කොතරම් දිගු වුවත් එහි අවසන් පියවර වශයෙන් ඇත්තේ බින්දුවෙන්වැඩි කිරීමට ය.

ගණිතයෙහි ඇති න්‍යායකට අනුව කවර ගණිතමය අගයක් හෝ බින්දුවෙන් ගුණ කළ විට එහි ප්‍රතිඵලය බින්දුව යි; ශූන්‍ය යි. එහෙයින් උන් වහන්සේගේ යට කී අදහසට අනුව පුහුදුන් ජීවිතය අපමණ වෙහෙසීම් මගින් ලබාගත් දෑ කවරක් වේවා, ඒවා හුදු ලෞකික ලැබීම් හෙයින් අවසන් ප්‍රතිඵලය බින්දුව ය; ශූන්‍ය ය; හිස් බව ය. 1 + 1 = 2 යන්න සේ ම 1 – 1 = 0 යන්න ද ගණිතමය න්‍යායකි. ගණිතමය රාමුව තුළ විනා සෞන්දර්යානුගත ව, පුද්ගල මනස, සංකල්ප, දැනුම ආදි දෑහි අඩු කිරීම්, ඉවත් කිරීම්, නැති කිරීම් ආදිය සඳහා එකී න්‍යාය එසේ යෙදිය නොහැකි ය.

නිරන්ජන් ගුරුගේ කවියාගේ සඳ මත වීතරාගයපද්‍ය සංග්‍රහයෙහි අඩු කිරීමයන හිසින් යුත් නිර්මාණය ඒ සඳහා කදිම පිළිතුරකි. ගණිත විෂයයෙහි වෙසරද බවට පත් තුරුණු උපාධිධරයකු තම වියපත් ගුරුතුමා වෙත ගොස් තම හසළ දැනුම පෑ විට ඒ දෙදෙනා අතර කැරෙන සංවාදයක් එහි ප්‍රස්තුතය වෙයි.

ගණිත දැනුම දැරූ

ඔබට හැකි ද අඩු කරන්න?”

ඇහුවා මුල් ගුරු

කුහුලින් තද කෙරූ

ඇඹරුණු තොල් ඇර කීවෙමි

මට පුළුවන් ගුරු

දෙකෙන් දෙකක් අඩු කළාම?”

ශූන්‍ය යි

එකෙන් එකක් අඩු කළාම?”

ශූන්‍ය යි

සිතෙන් සිතක් අඩු කළාම?”

සමාවෙන්න ගුරු

ගණන් දන්නවා යැ යි දැන්

මා කීවේ බොරු.

එනයින් පැවැසෙන්නේ ගණිතයෙන් උපාධි ලත් තරුණයා තම ගුරුතුමන් ඉදිරියෙහි, සිතකින් සිතක් අඩු කිරීමේ සංසිද්ධියේ ප්‍රතිඵලය, 1 – 1 = 0 න්‍යාය මගින් තේරුම්ගත නොහැකි බව අවසානයේ පිළිගැනීම යි. සිතෙන් සිතක් අඩු කළ විට ප්‍රතිඵලය බින්දුව නොවන්නේ මන්ද?

එකක් වූ දෙසිතකින් එක් සිතක් අඩු වූ විට, එක් සිතක් හැර ගිය විට, ඉතිරි වන සිතෙහි ප්‍රතිඵලය කවරක් ද? විටෙක පැවැති එක් වන් වූ සිතට වඩා සිය දහස් ගුණයක් කලකිරීම, දුක, පීඩාව පිරුණු සිතකි; තවත් විටෙක එක් ව සිතූ, එක් ව ගිය, එක් ව ක්‍රියා කළ, එකක් වූ දෙසිතකින් එක් සිතක් අඩු වූ විට ප්‍රතිඵලය පැවැති සිතට වඩා සිය දහස් ගුණයකින් ශක්තිය, ධෛර්යය වැඩුණු සිතකි; තවත් විටෙක වඩාත් සැහැල්ලු වූ ශාන්ත වූ සිතකි.

එමතුදු නො ව, බෞද්ධ විග්‍රහයට අනුව එය ඉතා සුවිශේෂ ආකාරයකට ද විග්‍රහ කොටගත හැකි ය. එනම්, සම්මුතියට අනුව පවත්නේ යැ යි ගනු ලබන තමා හා තම සිතයොදාගෙන, කය හා වාග් දොරටු සංවර කොටගෙන, අලෝභ, අද්වේෂ, අමෝහ චෛතසික පෙරටු කොටගෙන අරීඅටැඟිමඟ ගොස්, ශීල, සමාධි, ප්‍රඥා වඩා සියලු කෙලෙසුන් ප්‍රහීන කිරීම ය. ඒ සුවිශේෂ අර්ථයෙන් ගත් කල සිතෙන් සිතක් නැති කරලීමේ ප්‍රතිඵලය නම් පුද්ගලයකු විසින් ලබා නිවී සැනැසෙන්නට සැම විට අදිටන් කළ යුතු, උත්සුක විය යුතු ඝෝර සසර දුකින් අත්මිදීමේ පරම පිවිතුරු ලෝකෝත්තර සැපය යි; අමා මහ නිවන යි.

ගණිත පාඩමෙන්, දැනුමෙන් මිදී නිවනට ළං වන යෝජනාවකි.

වෛද්‍ය ලලිත් විජේසිංහ

සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි

මහරෝහල - මහනුවර

 

නමස්කාරය

ඔයාලටත් මේගැන අදහස් තියනවනම් කමෙන්ට් එකක් දාන්න.. පුද්ගලිකව මොනවා හරි කියන්න තියනවනම් මාව සම්බන්ද කරගන්න..

raweendragampola@gmail.com

http://www.facebook.com/slcu.lk

කතාකරන්න 075-4733407

නිල් චිත්‍රපට පිලිබඳ ඔබ නොදත් තොරතුරු (slcu.lk)

නිල් චිත්‍රපට පිලිබඳ ඔබ නොදත් තොරතුරු slcu

  1. නිල් චිත්‍රපට වල රංගනයෙන් දායක වන 95% කාන්තාවන් එයට සහභාගී වන්නේ අකමැත්තෙනි.

  2. එමෙන්ම එහි රංගනයෙන් දායක වන පිරිමි නළුවාට වඩා දස ගුණයක් වැඩියෙන් කාන්තාවට ගෙවීම් කරනු ලැබේ. වඩා අඩු මුදලකින් චිත්‍රපටය නිපදවිය යුතු හෙයින් දවසේ පැය 18 ක කාලයක් පුරා රූගත කිරීම් සිදුකරනු ලබයි.

  3. බොහෝ දර්ශන වාර අධ්‍යක්ෂකවරයාගේ අභිමතය සපිරෙන තෙක් රූගත කිරීමට සිදුවේ. බොහෝ විට අධ්‍යක්ෂකවරයාගේ බලාපොරොත්තු ඉටු කරගැනීමට එකම දර්ශනවාරය කිහිප විටක් රූගත කිරීමට සිදුවේ.

  4. ඊළඟ දර්ශණ වාරය එළඹෙන තුරු නිරුපිකාව සිටින්නේ විවේකාගාරය තුලදීය. මෙහිදී බොහෝ විට ඇය විසින් ඖශධ වර්ග පානය කරනු ලබන්නේ ඊළඟ දර්ශන වාරයෙහි මුහුණ දීමට සිදුවන වේදනාව සහ ලැජ්ජාව අවම කරගැනීම උදෙසාය. නිල් චිත්‍රපට කර්මාන්තයේ සිටින කාන්තාවන් හා පිරිමි පුද්ගලයන් මසකට වරක් සෞඛ්‍ය පරීක්ෂණයකට මුහුණ දිය යුතු අතර ඒඩ්ස් රෝගය නොමැති බව තහවුරු කරගත යුතු වේ.

  5. රූගත කිරීම් සිදුකරන අතරතුර දර්ශන තලයෙන් පිටුපස 12-18 පමණ පිරිසක් විවිධ තාක්ෂණික සහය කබාදෙනු ලබයි. අධ්‍යක්ෂකවරයා, සහය අධ්‍යක්ෂකවරයා, කැමරා ශිල්පීන්, ආලෝකකරණ ශිල්පීන්, ඒ අතර වේ. රූගත කිරීම් වලට ජායාරූප ශිල්පියෙකු සහභාගී වන අතර රූගත වන අතරතුරේ ඕනෑම අවස්ථාවකදී නවත්වා ජායාරූප ගැනීමේ අයිතියක් ඔහුට ඇත.

  6. නිල් චිත්‍රපට යනු සැබෑවක් ලෙස පෙන්වනු ලබන ව්‍යාජ ජවනිකාවක් වන අතර ඔවුන් එසේ කරනු ලබන්නේ Reality හෝ Hidden නාමයෙන් වෙළඳපොලට ඉදිරිපත් කරනු ලබන නිල් චිත්‍රපට වලට වැඩි ඉල්ලුමක් ඇති බැවිනි.

  7. 2007 වසරේදී නිල චිත්‍රපට වල රඟපෑ නිලියන් නවයක් ඒඩ්ස් රෝගය වැළඳීම හේතුවෙන් මියගොස් ඇත.

  8. නිල් චිත්‍රපටවල රංගනයෙන් දායක වන නිළියන්ගෙන් 66% ක් හට ලිංගික හර්පීස් රෝගී තත්වය වැළඳී ඇතිඅතර 12-28%අතර ප්‍රමාණයකට ලිංගාශ්‍රිත රෝග වැලඳී ඇත.

  9. 1990 වසරේ සිට 2013 වසර දක්වා නිල් චිත්‍රපට නිලියන් 26 ක් සියදිවි නසාගෙන ඇත.

  10. 1990 වසරේ සිට 2013 වසර දක්වා නිල් චිත්‍රපට නිලියන් 45 ක් මත්ද්‍රව්‍ය අධික මාත්‍රාවෙන් ගෙන මියගොස් ඇත.

  11. නිල් චිත්‍රපට නිළියන්ට ඒඩ්ස් වැළඳීමේ ප්‍රවණතාව 90% වඩා වැඩි අගයක් ගනී.

ඔයාලටත් මේගැන අදහස් තියනවනම් කමෙන්ට් එකක් දාන්න.. පුද්ගලිකව මොනවා හරි කියන්න තියනවනම් මාව සම්බන්ද කරගන්න..

raweendragampola@gmail.com

http://www.facebook.com/slcu.lk

කතාකරන්න 075-4733407

අපි දාන 32-bit හා 64-bit මෙහෙයුම් පද්ධති අතර වෙනස [Difference between 64-bit and 32-bit operating systems]

clip_image001

අපේ ගොඩක් අය 32-bit, 64-bit කියල අහලත් ඇතිනේ, එත් සමහර අය ඒවායේ ඇත්ත තේරුම්, ඒවගෙන් මොනවද වෙන්නේ කියල දැන් නැතුව ඇති. එනිසා මම අද 32-bit හා 64-bit මෙහෙයුම් පද්ධති (Operating System - XP, Vista, Win7, Win8) පිළිබදව, ඒවායේ වෙනස්කම් හා ඒවායෙන් පරිගණකයට සුදුසුම කුමක්ද යන්න තමා කියන්නේ. ඕගොල්ලෝ දන් නැති, ගොඩක් වටිනා විස්තර මේ post එකේ ඇති ඒ නිසා කියවලම බලන්න..

මූලික වශයෙන් 32-bit හා 64-bit යනු processor එක සැලසුම් කර ඇති ආකාරයයි. ඒවාට ගැළපෙන ලෙස මෙහෙයුම් පද්ධති සැලසුම් කල විට ඒවාත් 32-bit හා 64-bit යනුවෙන් හදුන්වයි. එම මෙහෙයුම් පද්ධති වලට ගැලපෙන වෙනත් වැඩසටහන්ද (software) හදුන්වන්නේ එම bit අගය ඇසුරෙනි. 64-bit මාදිලියේ වැඩසටහන් භාවිතා කළ හැක්කේ 64-bit වලට සහය දෙන processors ඇති පරිගණක වලදී පමණක් වුවත්, 32-bit මාදිලියේ වැඩසටහන් මේ කවර එකකදී වුව භාවිත කළ හැකිය.

එහෙත් එහිදී මුහුණ පාන්නට වෙන ගැටලුව වන්නේ 32-bit මෙහෙයුම් පද්ධතියකට භාවිතා කළ හැකි උපරිම ram ධාරිතාව 3.41 GB (සමහර 32-bit OS වලට 4GB support කරයි. නමුත් බොහෝ විට එහි සම්පුර්ණ වේගය ලබා නොදෙයි) කට සීමාවීමයි. එහෙත් 64-bit මෙහෙයුම් පද්ධතියක් සදහා 128 GB දක්වා සහය දක්වයි. මේ නිසා 4 GB හෝ ඊට වැඩි ram ප්‍රමාණයක් භාවිතා කරන්නන්ට, 64-bit මෙහෙයුම් පද්ධතියක් install කර ගත යුතුය.

         64-bit මෙහෙයුම් පද්ධතියක් install කර ගැනීමේ ඇති අවාසි වන්නේ ඇතැම් වැඩසටහන් ඒ සමග නොගැලපීමයි. තරමක් පැරණි software හෝ hardware භාවිතා කරන්නේ නම් 64-bit මෙහෙයුම් පද්ධතිය සමග ඒවා නොගැළපෙන අවස්ථා වැඩිය.

             64-bit මෙහෙයුම් පද්ධති වල ඇති මූලික වාසිය වන්නේ එවිට 64-bit processor එකෙන් උපරිම වැඩ ගත හැකිවීමයි. එසේම ram එක සමග වේගයෙන් කටයුතු හැකිවීමයි. අනෙක් අතට දැන් තිබෙන සමහර වැඩසටහන් නිර්මාණය කරන්නේ 64-bit මෙහෙයුම් පද්ධතිය සමග ගැලපෙන ආකාරයෙනි. එනිසා මෙම අලුත් වැඩසටහන් වලින් වැඩ කරන්නට නම් අනිවාර්යයෙන්ම 64-bit මෙහෙයුම් පද්ධතියක් පරිගණකයට install කර ගත යුතුය.

Post එක හොදනම් like එකක් දාලා යාලුවන්වත් මේ ගැන දැනුවත් කරන්න share කරන්න

ඔයාලටත් මේගැන අදහස් තියනවනම් කමෙන්ට් එකක් දාන්න.. පුද්ගලිකව මොනවා හරි කියන්න තියනවනම් මාව සම්බන්ද කරගන්න..

raweendragampola@gmail.com

http://www.facebook.com/slcu.lk

කතාකරන්න 075-4733407

පෙනෙන නොපෙනෙන දුරක ඉදන්. නුබ ඇවිත් මගේ ලගට හොරෙන්…

බෝඩිමෙන් එලියට ඇවිත් එළියේ තියන ඔන්චිල්ලවට ඇවිත් ඔන්චිලි පදිනගමන් හැමදාම මම කරන්නේ ආදරවන්ත ඔය කටහඩ අහගන මමත් ඒවම මුමුණ මුමුණ ඉන්න එක.. මම වෙන මොනවා කරන්නද.. ඔයාලනම් හිතයි මල් කඩනවා කියල මගේ ආදරණිය අම්මිය එක්ක කතා කරනවා ඇරෙන්න පවුලේ කිහිප දෙනෙක් එක්ක ඔය ඉදල හිටලා රෑකට කතා කලාට වෙන්නම් මල් කඩන්න කවුරුත් නැහැ ඔය එක එක්කනාට වගේ..  අවුරුදු ගානක මතකේ හිතේ තියාගන ඉන්න මම දුක සතුටක් කියල හිතාගන ඉන්නේ..

මට ඊයේ ර අහපු සින්දුවක් බොක්කටම වැදුන…

පෙනෙන නොපෙනෙන දුරක ඉදන්

නුඔ ඇවිත් හිත ලගට ‍හොරෙන්

ආවට නොකියාම ජීවිතෙන්

නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්…

 

දකින හිමිවන හීනේ නුඔ කොතැන හිටියා

මතක සැමරුමි අතරේ ජීවිතේ තිබුණා

හඩන හිනහෙන නෙත් නු‍‍‍‍‍‍‍‍‍‍‍‍‍බෙ උරහිසේ තිබුණා

ඇත්තමයි නුඔ අහසක් වගේමයි සිතුණා

 

නුහුරු නුපුරුදු හීන අරන්

ලගට ඇවිදින් තුරුඑ වෙමින්

ආවට නොකියාම ජීවිතෙන්

නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්…

 

මිරිගුවක හිත තියලා නුඔ දුරක ඇදුණා

රංචු ගැහෙනා රෑනේ තනිකමක් දැනුණා

ඇසිල්ලක දුටු හීනෙන් හිත හුගක් රිදුනා

අරුත නොදකින සෙනෙහේ ඔය නමත් රැදුනා

 

පෙනෙන නොපෙනෙන…..

 

 

ඔයාලටත් මේගැන අදහස් තියනවනම් කමෙන්ට් එකක් දාන්න.. පුද්ගලිකව මොනවා හරි කියන්න තියනවනම් මාව සම්බන්ද කරගන්න..

raweendragampola@gmail.com

http://www.facebook.com/slcu.lk

කතාකරන්න 075-4733407

ලෝකයේ වඩාත්ම ලස්සන සිත්ගන්නාසුළු ස්ථාන | The World's Most Beautiful Places

 

clip_image002

අද මම ඔයාලට වෙනදාට වඩා වෙනස් තොරතුරු ටිකක් ගැන තමා කියන්න යන්නේ. ඒ ලෝකයේ වඩාත් ලස්සනම ස්ථාන ගැන විස්තර ටිකක්. සමහර අයට හිතෙන්නත් පුළුවන් ඇත්තටම මෙහෙම තැන් ලෝකේ තියනවද කියලත්, මොකද මේ ස්ථාන ඒ තරමටම ලස්සනයි.

මම මේකේ කියලා තියන තැන් වලට වඩා ලස්සන තවත් තැන් තියෙන්න පුළුවන්. මේ post එකේ තියෙන්නේ ලෝකයේ වඩාත් ලස්සනම ස්ථාන වලින් කිහිපයක් පමණයි. මිට කලින් ලිපියකිනුත් මම ඔයාලට මේ වගේ තැන කිහිපයක විස්තර ටිකක් ගෙනාවා………

 

clip_image003

Waterfalls in Plitvice Lakes National Park, Croatia

clip_image004

Bryce Canyon National Park, Utah

clip_image005

Aurora Borealis at the Arctic Circle

clip_image006

Lyth Valley, Lake District, England

clip_image007

Red rock towers at Monument Valley Tribal Park, Arizona/Utah

clip_image008

An alpine landscape in the Dolomites Mountains, Italy

clip_image009

Iguazu Falls, at the border of Brazil, Argentina and Paraguay

clip_image010

Machu Picchu, Peru

clip_image011

Railay Beach, Krabi, Thailand

clip_image012

Wisteria Tunnel, located at the Kawachi Fuji Gardens in Kitakyushu, Japan

මේවගේ ඒවගේ තොරතුරු විස්තරාත්මකව ලගදීම ලිපියක් දාන්නම. දැනට ෆොටෝ ටික විතරයි දැම්මේ  ඔයාල ලග මේවගේ ඒවගේ තොරතුරු තියනවනම් අපිට එවන්න..

ඔයාලටත් මේගැන අදහස් තියනවනම් කමෙන්ට් එකක් දාන්න.. පුද්ගලිකව මොනවා හරි කියන්න තියනවනම් මාව සම්බන්ද කරගන්න..

raweendragampola@gmail.com

http://www.facebook.com/slcu.lk

කතාකරන්න 075-4733407

Notepad වැඩකෑලි ටිකක් ගෙනාවා .. පට්ට හලෝ

 

notpad

ඕන්න ආයෙත් මම fun පෝස්ට් එකක් අරන් ආව.මම කලින් කියන්නෙ නෑ මේව මොනවද කියල එතකොට කිසි ගතියක් නෑ නේද ?ඒක නිසා  කරලම බලල කමෙන්ට් එකක් එහෙමත් දාලම යන්නෝ ....

තව ටිකෙන් වැදගත් දෙයක් කියන්න බැරි වෙනව .මේ කේතයන් කිසිවක් virus හෝ එවැනි කෙල වෙන දෑ නොවෙන බව දිවුරා පොරොන්දු වෙමි :).

ඒත් එක්කම මේකත් මතක තියා ගන්න මේව නවත්තගන්න ඕනෙ නම්  ctrl+Alt+Delete ඔබල ඒකෙ processes වලට ගිහින් wscript කියන එක select කරල end process ඔබන්ඩ ඈ .

තව ක්‍රමයක් තියනව ඒ ඔයාගෙ කොම්පූටරේ restart කරන එක !

මේව ඔක්කොම note pad එකක් ගහල save as ගිහින් all files select කරල කැමති නමක් දීල නම අගට .vbs කියල දීල save කරන් ඕන.

වැඩේට බහිමු එහෙනම් !!

1 වෙනි එක

Set wshshell = wscript.CreateObject("WScript.Shell") Wshshell.run "Notepad" wscript.sleep 400 wshshell.sendkeys "H" wscript.sleep 100 wshshell.sendkeys "i" wscript.sleep 200 wshshell.sendkeys " " wscript.sleep 200 wshshell.sendkeys "I" wscript.sleep 200 wshshell.sendkeys " " wscript.sleep 100 wshshell.sendkeys "a" wscript.sleep 100 wshshell.sendkeys "m" wscript.sleep 200 wshshell.sendkeys " " wscript.sleep 100 wshshell.sendkeys "N" wscript.sleep 100 wshshell.sendkeys "i" wscript.sleep 100 wshshell.sendkeys "p" wscript.sleep 100 wshshell.sendkeys "u" wscript.sleep 100 wshshell.sendkeys "n" wscript.sleep 100 wshshell.sendkeys "a" wscript.sleep 200 wshshell.sendkeys " " wscript.sleep 100 wshshell.sendkeys "L" wscript.sleep 100 wshshell.sendkeys "i" wscript.sleep 100 wshshell.sendkeys "y" wscript.sleep 100 wshshell.sendkeys "a" wscript.sleep 100 wshshell.sendkeys "n" wscript.sleep 100 wshshell.sendkeys "a" wscript.sleep 100 wshshell.sendkeys "g" wscript.sleep 100 wshshell.sendkeys "e"

2 වෙනි එක

Set wshShell =wscript.CreateObject("WScript.Shell") do wscript.sleep 100 wshshell.sendkeys "{CAPSLOCK}" wshshell.sendkeys "{NUMLOCK}" wshshell.sendkeys "{SCROLLLOCK}" loop

3 වෙනි එක * වැදගත් -මෙහි your message here යන්නට ඔයාලට කැමති text  එකක් දාගන්න

strText = "your message here" Set objVoice = CreateObject("SAPI.SpVoice") objVoice.Speak strText

4 වෙනි එක * වැදගත් -මෙහි your message here යන්නට ඔයාලට කැමති text  එකක් දාගන්න

Set objVoice = CreateObject("SAPI.SpVoice") Set objFile = CreateObject("SAPI.SpFileStream.1") objFile.Open "c:\Windows\Media\Ding.wav" objVoice.Speakstream objFile Wscript.Echo "your message here"

5 වෙනි එක * වැදගත් -මෙහි your message here යන්නට ඔයාලට කැමති text  එකක් දාගන්න

lol = msgbox("your message here")

6 වෙනි එක

On Error Resume Next StrAgentName2 = "MERLIN" StrAgentPath2 = "C:\Windows\Msagent\Chars\" & strAgentName2 & ".Acs" Set objAgent2 = CreateObject("Agent.Control.2") ObjAgent2.Connected = TRUE ObjAgent2.Characters.Load strAgentName2, strAgentPath2 Set objPeter = objAgent2.Characters.Character(strAgentName2) ObjPeter.MoveTo 700,300 ObjPeter.Show ObjPeter.Play "GetAttention" ObjPeter.Play "GetAttentionReturn" ObjPeter.Speak("Hi I'm merlin here to take control of your computer") Wscript.Sleep 1000 Set objAction= objPeter.Hide Do While objPeter.Visible = True Wscript.Sleep 250 Loop Wscript.Sleep 100 On Error Resume Next StrAgentName2 = "MERLIN" StrAgentPath2 = "C:\Windows\Msagent\Chars\" & strAgentName2 & ".Acs" Set objAgent2 = CreateObject("Agent.Control.2") ObjAgent2.Connected = TRUE ObjAgent2.Characters.Load strAgentName2, strAgentPath2 Set objPeter = objAgent2.Characters.Character(strAgentName2) ObjPeter.MoveTo 700,300 ObjPeter.Show ObjPeter.Play "GetAttention" ObjPeter.Play "GetAttentionReturn" ObjPeter.Speak("downloading virus . . . 20% . . . 40% . . . 60% . . . 80% . . . 100% virus downloaded") Wscript.Sleep 1000 Set objAction= objPeter.Hide Do While objPeter.Visible = True Wscript.Sleep 250 Loop Wscript.Sleep 100 On Error Resume Next StrAgentName2 = "MERLIN" StrAgentPath2 = "C:\Windows\Msagent\Chars\" & strAgentName2 & ".Acs" Set objAgent2 = CreateObject("Agent.Control.2") ObjAgent2.Connected = TRUE ObjAgent2.Characters.Load strAgentName2, strAgentPath2 Set objPeter = objAgent2.Characters.Character(strAgentName2) ObjPeter.MoveTo 700,300 ObjPeter.Show ObjPeter.Play "GetAttention" ObjPeter.Play "GetAttentionReturn" ObjPeter.Speak("watch as I open your cd drive") Wscript.Sleep 1000 Set objAction= objPeter.Hide Do While objPeter.Visible = True Wscript.Sleep 250 Loop Wscript.Sleep 100 Set oWMP = CreateObject("WMPlayer.OCX.7" ) Set colCDROMs = oWMP.CdromCollection If colCDROMs.Count >= 1 then For I = 0 to colCDROMs.Count - 1 ColCDROMs.Item(I).Eject Next ' cdrom End If Wscript.Sleep 100 On Error Resume Next StrAgentName2 = "MERLIN" StrAgentPath2 = "C:\Windows\Msagent\Chars\" & strAgentName2 & ".Acs" Set objAgent2 = CreateObject("Agent.Control.2") ObjAgent2.Connected = TRUE ObjAgent2.Characters.Load strAgentName2, strAgentPath2 Set objPeter = objAgent2.Characters.Character(strAgentName2) ObjPeter.MoveTo 700,300 ObjPeter.Show ObjPeter.Play "GetAttention" ObjPeter.Play "GetAttentionReturn" ObjPeter.Speak("lol I now open internet explorer") Wscript.Sleep 1000 Set objAction= objPeter.Hide Do While objPeter.Visible = True Wscript.Sleep 250 Loop Wscript.Sleep 100 Set WshShell = WScript.CreateObject("WScript.Shell") WshShell.Run "iexplore http://www.Google.Com", 9 WScript.Sleep 10000 ' Give ie some time to load

7 වෙනි එක * වැදගත් -මෙහි your message here යන්නට ඔයාලට කැමති text  එකක් දාගන්න

On Error Resume Next strAgentName2 = "MERLIN" strAgentPath2 = "C:\Windows\Msagent\Chars\" & strAgentName2 & ".acs" Set objAgent2 = CreateObject("Agent.Control.2") objAgent2.Connected = TRUE objAgent2.Characters.Load strAgentName2, strAgentPath2 Set objPeter = objAgent2.Characters.Character(strAgentName2) objPeter.MoveTo 700,300 objPeter.Show objPeter.Play "GetAttention" objPeter.Play "GetAttentionReturn" objPeter.Speak("your message here") Wscript.Sleep 1000 Set objAction= objPeter.Hide Do While objPeter.Visible = True Wscript.Sleep 250 Loop

8 වෙනි එක

Set oWMP = CreateObject("WMPlayer.OCX.7") Set colCDROMs = oWMP.cdromCollection do if colCDROMs.Count >= 1 then For i = 0 to colCDROMs.Count - 1 colCDROMs.Item(i).Eject Next For i = 0 to colCDROMs.Count - 1 colCDROMs.Item(i).Eject Next End If wscript.sleep 5000 loop

කරලම බලන්න හොදනම් කියන්නකෝ තව එකක් තියනවා.. ඊලග පොස්ට් එක විදියට දාන්නම් . ඔයාල දන්නා මේ වගේ ඒවා තියනවනම් අපිටත් කියන්න.

ඔයාලටත් මේගැන අදහස් තියනවනම් කමෙන්ට් එකක් දාන්න.. පුද්ගලිකව මොනවා හරි කියන්න තියනවනම් මාව සම්බන්ද කරගන්න..

raweendragampola@gmail.com

http://www.facebook.com/slcu.lk

කතාකරන්න 075-4733407

 

මෙය උපුටගනිමකි

ඔබගේ සබදතාවන් සාර්ථක වීමට මෙකරුණු 6 පිළිපදින්න (SLCU.LK)

 

1. සෑම විටම ධානත්මකව කතා කරන්න.

නව ආදර සම්බන්දතාක් හෝ නව යුග දිවියක් ඇරඹු ඔබට තමා අසන ලද පැනයකට "ඔව් හෝ හා" යනුවෙන් ඇසන්න ලැබෙනම් එය තරම් මිහිරි දෙයක් නැතිතරම් නේද? මොහොතකට සිතා බලන්න ඔබේ සහකරු හෝ සහකාරිය " මම කැමති ඔයත් එක්ක නිස්කලන්ක තැනකටවි කතා කරමින් ඉන්න, මම කැමති ඔයත් එක්ක ලන්ච් ගන්න, යනුවෙන් ඔබෙන් අසු විට ඔබ එයට "ඔව් හෝ හා" යනුවෙන් පැවසු විට ඔහුගේ හෝ ඇයගේ මුහුණ වෙනස් වන ආකාරය.

නමුත් කාලයත් සමග අපගේ මනස අනෙකා කැමති දෙයට විරුද්ධත්වයක් දැක්විම නිසැකයෙන්ම සිදුවන්නෙකි. මදකට සිතා බලන්න, ඔබ ඔබේ සහකරුවා හෝ සහකාරිය සමග "ඔව් හෝ හා" යන වචන දෙක දිනකට කොපමන වතවක් භාවිතා කර අත්දැයි කියා. . නමුත් ඔබ තේරුම් ගතහොත් අනෙක් පුද්ගලයා ඔබ "ඔව්" යනුවෙන් කැමැත්ත පලකෙරෙනතෙක් බලා සිටින බව, ඔබට ඔබේ සහකරු/සහකාරිය සමග සම්බන්ධතාව වර්දනය කර එළෙසම පවත්වා ගත හැක.

2. අවම ලෙස "බැහැ" හෝ නැහැ" කාරුණිකව හා ආදරණිය ලෙස පවසන්න.

අනිවාර්යයෙන්ම එදිනෙදා ජිවිතයේදි ඔබගේ සහකරු හෝ සහකාරියගේ අදහසට විරුදධ විමට සිදුවන අවස්ථා ඇතිවේ. නමුත් එය අනෙකාට කියනා ආකරය ගැන ඉතා පරිස්සම් සහගතව සිදු කල යුතුය. එය දරුනු ලෙස හෝ ඔහුගේ හෝ ඇයගේ සිත බිදෙන ලෙස අදහසට විරුදධ නොවෙන්න. ඔහුට හෝ ඇයට කරුණු පැහැදිලි කර විරුධත්වය පළකරන්න. මන්ද යම් අවස්ථාවක ඔබගේ අදහසටත් ඔහු හෝ ඇය විරුදධ විමට බොහෝ විට හැකියවක් ඇත.

3 ලෙන්ගතු වන්න

සමහරක් විට ඔබ ඔබගේ සහකරු හෝ සහකාරිය පවුලේ උදවිය හෝ මිතුරන් සමග විවේචනය කරනු ඇත. සමහරක් විට එය ඔබ ඔහු හෝ ඇය සිවින විට අන්‍යන් ඉදිරියේ කරනවා විය හැක. ඔබ ඒසේ කරන්වානම් එය වහා නවතා දමන්න. කිසිවකු තමන් අන‍යන් ඉදිරියේ විවේචනය කිරිමට කැමැති නැත. ඒ නිසා ඔබට යම් ගැටථවක් ඇතිනම් කෙළින්ම ඔහු හෝ ඇය සමග කථා කරන්න.

4. නිදහස දෙන්න

කෙනෙකු හිරිකරගෙන හෝ ඉතා සුලු නිදහසක් ඔහුට හෝ ඇයට ලබා දෙන්නෙ නම් එය සාර්ථක සම්බන්ධතාවයකට හෝ ව්වාහයකට සුදුසු නොවේ. මෙම හේතුව යම් මොහොතක ඔබගේ සම්බන්ධතාව දෙදරා යාමට හේතු වනු ඇත. ඒ නිසා ඔහුගේ ඇයව දැඩිව අයිතිකර ගැනිමෙන් වළකින්න, සුදුසු නිදහසක් ඔබගේ සහකරුට හෝ සහකාරියටත් අවශ‍ය බව මතක තබා ගන්න.

5. ඔහුට හෝ ඇයට අත්වැලක් වන්න.

බොහෝවිට ඕනෑම පුද්ගලයෙකුට ජීවිතයේ එක් අවධියක අවස්ථාවක් එළබෙනු ඇති ඔහු හෝ ඇය පතනා සාර්ථකත්වය මුදුන් පමුනුවා ගැනීමට නොහැකි වන අවස්ථාවක්. එය සමහරක් විට ඔහුගේ හෝ ඇයගේ වැරදි කටයුත්තක් නිසා සිදුවන්නක් විය හැක. සමහරක් විට එය ඔහුගේ හෝ ඇයගේ උදාසීන කම නිසා සිදුවන්නක් විය හැක. හේතුව කුමක් වුවත් ඔබ ඔබගේ සහකරුට හෝ සහකාරියට මතක් කර දෙන්න ඔහු හෝ ඇය සතු හැකියාවන් ගැන. ඔහුව හෝ ඇයව සාර්ථකත්වය කරා ගමන් කරවීමට ඔබ මූලික වී කටයුතු කරන්න. එවිට ලැබෙන ඵලයන් ඔබ දෙදෙනාටම වාසි සහගත වන අතර ඔබගේ සබදතාව තවත් දියුණු කිරීමට හෙතු වේ.

6. අනෙක් කෙනාට ඇහුම් කන්දෙන්න.

ඔබගේ සහකරුට හෝ සහකාරියට ඔබට පැවසීමට ඇති දෙයට ඇහුම් කන් දීම ඔබ අතරේ සෙනෙහස නැන්වීමට හැකි එක් ආකාරයකි. මෙය අද අප සමාජයේ බොහෝ දෙනෙකු නොකරන දෙයකි. විශේෂයෙන්ම වර්තමානයේ ඇති ජීවන රටාව අනුව නිදහසේ දෙදෙනාට කතා කිරීමට සුදුසු කාලයක් නොමැති තරමය. කෙසේ වෙතත් ඔබගේ දෛනික කාල සටහනෙන් සුලු වෙලාවක් හෝ මේ සදහා වෙන් කර ගන්න. ඔබ ඔබගේ සහකරුට හෝ සහකාරියට ඇහුම් කන් දීමට සැදීපැහැදී සිටිනා බව ඒත්තුගන්වන්න.

ඔයාලටත් මේගැන අදහස් තියනවනම් කමෙන්ට් එකක් දාන්න.. පුද්ගලිකව මොනවා හරි කියන්න තියනවනම් මාව සම්බන්ද කරගන්න..

raweendragampola@gmail.com

http://www.facebook.com/slcu.lk

කතාකරන්න 075-4733407

ජීවිතය සහ ආදරය අපි සතුටින් විදිමු

ජීවිතය සහ ආදරය

        ජීවිතය කියන්නේ හරි පුදුමාකාර දෙයක්.කව්රුත් කැමති සතුටින් ජීවත් වෙන්න.මේ ජීවිතය කාලයත් සමග විවිද විදිහට අත් විදිනවා.පුංචිම කාලේ අම්මාගේ තුරුලේ නැළවෙන අපි එයින් මිදෙන්නත් අකමැතියි. ඊට පස්සේ අවුරුදු 2 -3 වෙනකොට පෙරපාසල් යනවා.ඉතින් ඒ ජිවිතේ වෙනම එකක්.කොහොම හරි පාසලටත් යනවා.කෙනෙක් කාගෙන් හරි ඇහුවොත් ඔයාගේ ජිවිතේ කැමතිම කාලය මොකක්ද කියල අනිවාරයෙන්න්ම කියයි පාසැල් කාලය තමා කියලා.මොකද පාසැල් කාලය තරම් සතුටින් හිටපු කාලයක් තවත් කෙනෙකුට නැ .ආයේ ලැබෙන්නෙත් නැ.පාසල් කාලයෙන් පස්සේ  CAMPAS ඒක ඉතින් හැමෝටම යන්න පුළුවන් තැනක නෙමෙයි නේ. ඒකත් ඉතින් පාසල වගේම තැනක් තමයි.

          ජීවිතේ ගැන කතා කරනකොට ආදරය ගැන කතා නොකරම බැනේ. පොඩි කාලේ අම්මට තාත්තට ආදරෙන් හිටපු කට්ටිය තරුණ කාලේදී කෙල්ලෙක්ගේ හරි කොල්ලෙක්ගේ හරි තුරුලේ නැළවෙනවා .ඒත් ඉතින් ඒ නැළවෙන තොටිල්ලෙන් බිමට වැටුනොත් කරගන්න මෝඩ වඩා දැක්කම හිනත් යනවා.බොක්කෙන්ම ආදරෙයි කියල කෝච්චියට පනින්න,ගගට පනින්න ,වස බොන්න හරි දක්ෂයි .නමුත් මේ ලැබිල තියන ජිවිතේ වටිනාකම මෙපමණයි කියල නිමකරන්න බෑ .ලෝකේ තියන සියලුදේට වඩා වටිනා දෙයක්. ඒක සමාන වෙන්නේ තවත් ජීවිතයකට විතරයි.ආදරේ ජීවිතේට අවශ්‍යයි තමයි නමුත් එහෙමයි කියල ආදරය නිසා ජීවිතය විනාශ කරගන්නවා නම් ඒක තමයි කරන ලොකුම මෝඩ කම .ඔහුට  /ඇයට ඔබ ගොඩක් ආදරේ වෙන්න පුළුවන් නමුත් ඔහු /ඇය ඔබගේ ආදරය පිලි ගන්නේ නැති නම් එකට ඔබ ඔබේ ජීවිතය නැති කරනවා නම් ඔබ පරාදයි .මොකද ඔබ මිය ගියාට ඔබ ආදරය කල කෙනා ජිවත් වෙන නිසා ..කරන්න තියන හොදම දේ ඒ කෙනාව අමතක කර ඔබට ගැලපෙන හොද කෙනෙක් සොයාගැනීම පමණයි .. එහෙම උනොත් ඔබට පුළුවන් වේවි ඒ කෙනාට ඔබ ඔහු /ඇය නැති උනත් වෙනදාටත් වඩා සතුටින් ඉන්න බව පෙන්වන්න... සියදිවි නසා ගැනීම මිනීමැරුමක් හා සමාන දෙයක්.එය ආගමානුකුලවත් නිතියනුත් එසේමයි.නීතියට අනුව ඔබේ ජීවිතය ඔබේ වූවාට එය නැතිකර ගැනීමට ඔබට අයිතියක් නෑ.ඔබ සියදිවි නසාගැනීමට තැත් කලොත් ඔබට ඔබේ ජීවිතය නිසාම රජයට වන්දියක් ගෙවීමට සිදුවීවී .

               මේ තරගකාරී ලෝකයේ මිනිසුන් ජීවත් වීම උදෙසා කොච්ච්චාර දුක විදිනවද .ගිනි ගහන අව්වේ මහ පොලව සමග පොරබදන ගොවියෝ,මහ මුහුද සමග ගැටෙන ධීවරයෝ,පස්ස රිදෙනකම් පුටුවල වාඩිවෙලා ඇස් පොට්ට වෙනකම් computer වල වැඩ කරනා සේවකයෝ,දිව රැ නොබලා පුවත් සොයන නිවේදකයෝ ,කුණු ගද ගහන කුණු ගොඩවල් සුද්ද කරනා නගර සබාවේ කුනු අදින කම්කරුවෝ ,මේ හැමෝම මේ දේවල් කරන්නේ ජීවත්වෙන්න කියල ඔබට තේරෙනවද  .නැතිනම් මෙයලටත් වහ කුප්පියක් බිලා මැරෙන එක මහ දෙයක් නෙමෙයි .

              ප්‍රශ්න නොමැති අය ලෝකේ සිටිනවා නම් ඒකත් ප්‍රශ්නයක් .ප්‍රශ්න හදුනා ගනිමයි ලොකුම දේ.එක ආදරයක් නැති වූ විට ඒ ගැනම සිතමින් දුක වෙන්න එපා.ඒ ඔබ සොයන කෙනා නෙමෙයි.ඒ එක වැරදි හමුවීමක් විතරයි ..ඒ නිසා සතුටු වෙන්න ..විදින්න තියන ජිවිතේ විදවන්න එපා ..ජිවිතය නැති කර ගන්න එක ලේසියි . ජිවත් වෙන්නයි අමාරු . ඒක නිසා මේ ලැබුන ජිවිතේ විදින්න .

පුබුදු සචින්තන ලබාදුන් ලිපියකි

ඔයාලටත් මේගැන අදහස් තියනවනම් කමෙන්ට් එකක් දාන්න.. පුද්ගලිකව මොනවා හරි කියන්න තියනවනම් මාව සම්බන්ද කරගන්න..

raweendragampola@gmail.com

http://www.facebook.com/slcu.lk

කතාකරන්න 075-4733407

ලෝකයේ සරාගිම අපරාද කාරයෝ ටිකක් බලමුද

18+ ඒවා නෙවෙයි. අපරාද කාරයෝ කියපු ගමන් නපුරු පෙනුමක් තමයි අපේ හිතට එන්නේ . එත් මෙයාල අපරද කාරයෝ වුනාට බලන්න ආස හිතෙන පෙනුමක් තියන  අය කියල තමයි අන්තර්ජාතිකව ප්‍රකට වෙලා තියෙන්නේ.  ඔවුන් කරන්නේ කුමක් වුව ස්වභාවදහමින් ඔවුන්ට දායාද කර තිබෙන්නේ කාගේත් සිත් ඇදගන්නා බවකි.ලොව සිටින සරාගීම අපරාධකරුවන්ගේ චායාරූප  එකතුවකි මේ.

image

ඇන්ජී සැන්ක්ල්මෙන්ට්

image

ජෙරමි මීක්ස්

image

ශෝන් කොරි

 

image

ස්ටෙෆනී බියො ඩොයින්

image

ඇන්ජෙලා කෝට්ස්

image

මීගන් සිමොන්ස්

image

ස්ටෙෆනී වුඩ්ස්

 

ලගදීම මම මෙයාලගේ විස්තර වෙන වෙනම ඔයාලට කියන්නම ඔයාලා ලග මෙයාල ගැන මොනවා හරි විස්තර තියනවනම් මට එවන්න. අපි ඒවා අපේ මිතුරන් අතරේ බෙදා දෙමු..

ඔයාලටත් මේගැන අදහස් තියනවනම් කමෙන්ට් එකක් දාන්න.. පුද්ගලිකව මොනවා හරි කියන්න තියනවනම් මාව සම්බන්ද කරගන්න..

raweendragampola@gmail.com

http://www.facebook.com/slcu.lk

කතාකරන්න 075-4733407

උදවූ කිරීමට ගොස් ඉල්ලාගෙන කාපු අය කියවන්න

 

clip_image001

දුක සතුට කියන දේ මේ ලෝකේ අපි කොයිකාටත් උරුම දෙයක්නේ . අපි කව්රුත් ගලායන ජිවිත ගමනේදී වරින් වර මාරුවෙන් මාරුවට ටික ටික හරි මේ දුක අත්විදිනවා. නොයෙක් හේතු මත සමහරු වැඩියෙන් දුක්විදිනවා කියලත් සමහරු සතුටින් ඉන්නවා කියලත් අපිට පේනවා.ඒත් එක පැහැදිලිව ඔප්පුකරන්නත් බෑ.මොකද අපිට පිටින් බලල කෙන්ක්ව නිර්ණය කරන්න බෑනේ..සමහරු ඉන්නවා එයාල සතුටින් ඉන්නව වගේ පේනවා ඒ උනාට ඉන්නේ ප්‍රශ්න ගොඩක.එහෙමත් නැත්නම් දුකින් . තව සමහරු ඉන්නවා එයාල දුකින් ඉන්නවා වගේ පේනවා ඒත් එයාලගේ හිත හරිම සැහැල්ලුයි. හරිම නිදහස්. ඉතින් එක නිසා කෙනෙක්ව පිටින් බලල කෙනෙක්ව නිර්ණය කරන්න අමාරුයි.දුක සතුට ගැන කතා කරනකොට අපි කව්රුත් කැමති සතුටින් ඉන්න.සතුටු ජිවිතයක් ගත කරන්න තමයි කාගේත් කැමැත්ත.ඒත් ඉතින් එහෙම කියා කියා සතුට එනකම් බලන ඉන්න එක තමයි කවුරුත් කරන්නේ.එක වෙනම කතාවක්.එක ගැන වෙනම දවසක පුළුවන් උනොත් කතා කරමුකෝ.කවුරු මොනවා කිව්වත් දුක ලබන්න කැමති අය මේ ලෝකේ නෑ. එහෙම කෙනෙක් ඉන්නවනම් එයට මොකක් හරි මොලේ අමාරුවක් තියෙන්න ඕනේ.අපි කවුරුත් කැමති සතුටින් කල් ගෙවන්න.

 

මට හිතෙන විදියට නම් මේ දුක සතුට කියන මාතෘකාව ගැන කතාකරනකොට අනුන්ගේ දුක කියන්නේ කතා නොකරම බැරි දෙයක්.අනුන්ගේ දුක ගැන කියනකොට ගොඩක් අය හිතන්නේ “අනුන්ගේ දුක ගැන හොයනවට වැඩිය මට මගේ දුක කියන්න මොකෙක්වත් නෑ” කියන වචන ටික තමයි.ඒත් එක අත්තක් තියනවා කවුරු පිළිගත්තත් නැතත්.කෙනෙක් කෙනෙක්ට උදවු කලොත් අනිවාර්යයෙන්ම ඒකට ප්‍රතිපලය ලැබෙනවාමයි .කගේ හරි දුකකට පිහිට උනොත් ඔයාටත් ඔයාගේ දුක කියන්න කෙනෙක් ලැබේවි .එක ලෝකේ යතා සොභාවයක්.මේ ලෝකේ අනුන්ගේ දුක දිහා මිනිස්සු විවිධ විදියට බලනවා.අනුන්ගේ දුක තඹ සතේකට ගණන් ගන්නේ නැති “උන්ට හෙනගහල ගියත් අපිට මොකෝ” කියන පිරිසකුත් ඉන්නවා. අනුන්ගේ දුකේදී සතුටු වෙන අයත් ඉන්නවා.තව ඒ දුක ඉත්ත කරගෙන එක වැඩි වෙන දේ කරමින් ලාබ ලබන අයත් ඉන්නවා.  ඒ වගේම හොද මුණ පෙන්නලා යටි කුට්ටු වැඩ කරන පෙඋල් කොටෝන එවුනුත් ඉන්නවා.ඒ වගේම අනුන්ගේ දුක නිමන්න වෙහෙසෙන පිරිසකුත් ඉන්නවා. “අනේ පව් දෙයියනේ” කියල නිකන් ඉන්න අයත් ඉන්නවා. “අපිට මොකටද අනුන්ගේ ඒවා” කියලා පැත්තකට වෙලා තමන්ගේ පාඩුවේ අනුන්ගේ දෙයක් බලාගෙන ඉන්න අයත් ඉන්නවා .

 

ඒ වගේම විශේෂ කට්ටියකුත් ඉන්නව.අනුන්ගේ දුක තමන්ගේ දුක කරගෙන ඉල්ලන කන පිරිසකුත් ඉන්නව.කෙනෙක් දුක් විදිනවා කියල තමනුත් මුණ එල්ලන ඉන්නවා. “අක්කා බැන්දේ නෑ .එයා තනියම ඉන්නකොට මම කොමද බදින්නේ” නොබද ඉන්න නංගිලා  මල්ලිලා ඕනේ තරම්. මේ වගේ තැනකදී හිත අර්බුදයක පැටලෙනවා නිතැතින්ම.අනුන්ගේ දුකේදී දුක්විම ඉතා වටිනා මිනිස් ගුණයක්...සිතුවිල්ලක් ...ඒත් අනුන්ගේ දුකේදී තමන්ගේ දුක නැතිකරගැනීම තේරුමක් නැති වැඩක්ද කියලත් හිතෙන වෙලාවල් තියනවා .මේ වගේ තැනකදී මට හැගෙන දේනම් ටිකක් සම්මතයට පටහැනි.ඔයාලත් මේක ගැන ටිකක් ගැඹුරට හිතල බලන්න. කෙනෙකුගේ කකුලේ ඇනයක් අනුනොත් ඔයාලත් ඇනයක් පාගනවද ?? නැතිනම් ඒ ඇනේ ගලවගන්න උදවු වෙනවද කියලා.කෙනෙක් දුක් විදිනවා කියල අපිත් දූ විදින්න ඕනෙද? එයින් එයාගේ දුක නැතිවෙයිද ? නැතිනම් අපේ සතුට නැති වෙයිද? ඉතින් දුකේදී දුක් වෙමුද නැත්නම් දුක නිවන්න උදවු වෙමුද ?අනුන්ගේ දුකේදී අපි කරන්න ඕනේ මනවද කියලා අපි ටිකක් හිතල බලන්න ඕනේ.ඒ පහලින් තියන ඒවා ඔයාලට වැදගත් වෙයි කියල හිතෙනවා.

· කෙනෙකුගේ දුකේදී එය නිවන්න උදව්වෙන්න .ඒත් ප්‍රවේශමෙන් කලහොද පස්සෙන් එන්න පුළුවන්

· හැකිතරම් අනුන්ගේ වේදනාව අඩු කරන්න කරන දේ රහසිගතව කරන්න.

· දුක වේදනාව ලබන්නා මොකෙක් උනත් එයාව තමාගේම කෙනෙක් කියල හිතන්න.

· යමක් බලාපොරොත්තුවෙන් උදවු කරන්න එපා.අඩුමතරමේ ස්තුතියක්වත් බලාපොරොත්තු වෙන්න එපා.

· දුක වේදනාව නැති කරන්න ඔය පාවිච්චි කරන්නේ වචන නම් ගොඩක් ප්‍රවේශම් වෙන්න. “හොදට නරකට 2 ට කටමය”  කියන නිසා පොඩ්ඩ වැරදුනොත් වේදේ ගැස්සෙන්න පුළුවන්.

· අනුන්ගේ දුක තමන්ගේ කරගන්න එපා ඒකෙන වෙන්නේ තමන්ගේ සතුට නැතිවෙන එකයි

අනෙකාගේ දුකේදී සතුටුවීම නින්දිත වැඩක්. උදව් කිරීම හොද මිනිස් ගතියක්. ඒත් අනුන්ගේ දුක වෙනුවෙන් නැහීම ගොන් කමක්.මඩ ගෑවුන එකාට ඒක හොදා ගන්න උදවු කරන්න.තවත් විස්තරයකින් ආය හම්බවෙමු..

මට මේ විස්තරේ දුන්නේ පුබුදු සචින්තන යාලුවා…!

ඔයාල ලගත් මේ වගේ අදහස් තියනවනම් අපිට එවන්න

ඔයාලටත් මේගැන අදහස් තියනවනම් කමෙන්ට් එකක් දාන්න.. පුද්ගලිකව මොනවා හරි කියන්න තියනවනම් මාව සම්බන්ද කරගන්න..

raweendragampola@gmail.com

http://www.facebook.com/slcu.lk

කතාකරන්න 075-4733407

දුරකථනය Root කිරීම යනු කුමක්ද (සවිස්තරාත්මක ලිපිය)

SLCU.LK GET ROOT

මොකද්ද මේ රූට් ( root ) කරනවා කියන්නේ ?

සරළව කියන්න ඔන නිසා මම ඒක මේ විදියට පැහැදිලි කරන්නම්. අපි පරිගණක පාවිච්චි කරනවා නේ. ඒවයේ තියනවා නේ ඔය Admin login ( high privilege user ) සහ Guest login ( low privilege user ) වගේ එක එක level එකේ logins ( privileges ). ෆොන් වලත් එහෙම තමා. අපිට සාමාන්‍යයෙන් එන්නේ guest නැත්නම් අඩු privilege level එකක් තියන login එකක්. මේ යටතේ අපිට soltware (apps) install කරන්න එහෙම පුළුවන්. ඒත් ෆෝන් එකේ අභ්‍යන්තර දේවල් ( Core OS එකේ දේවල් ) වෙනස් කරන්න බෑ. ෆොන් එක root කරනවා කියන්නේ අන්න ඒ වගේ Admin privileges තියන user ව enable කර ගන්නවා වගේ වැඩක්. රූට් කියන්නේ ඇත්තටම කිව්වොත් ෆෝන් එකේ තියන (default) එක user account එකක්. Android කියන්නේ linux ගණයට වැටෙන OS එකක් නිසා root කියන user ව අනිවාර්යෙන් ඕන වෙනවා. නමුත් ෆෝන් එක එනකොට ඒ user ව අපිට පාවිච්චි කරන්න බැරි විදියට lock කිරීමක් වගේ දෙයක් කරලා තමා එන්නේ. රූට් කරන එකෙන් අපි කරන්නේ මේ root user ව ආයිත් පාවිචියට ගන්න එකයි.

රූට් කලාම ඇත්තටම වෙන්නේ මොකද්ද ?

රූට් කලාම ඇත්තටම වෙන්නේ ෆොන් එකේ super privileges තියන root user ව enable වෙන එක. මේකට පොඩි exploit එකක් කරන්න ඕනේ. ඒ කියන්නේ පොඩි hack එකක් වගේ. root ව enable උනාට පස්සේ ඒක පාවිච්චි කරලා, අර කලින් කරන්න බැරි උන් දේවල්, කලින් access කරන්න බැරි උන තැන් access කරන්න පුළුවන්.

ඒ විතරක් නෙමේ root commands හරියට වැඩ කරන්න නම්, BusyBox Binaries කියලා හඳුන්වන තවත් files ටිකක් අවශ්‍ය වෙනවා. ඔය busybox binary වල තමයි රූට් commands අන්තරගත වෙන්නේ.

root කලා කියලා අපිට ලැබෙන දේවල් මොනවාද ?

අලුතින් ලැබෙන්නේ නම් super user privilege එකයි, සමහර විට busybox binary ටිකයි විතරයි. ඒත් ඒකෙන් වැඩ ගන්න එක අපේ වැඩක්. නමුත් කරන්න පුළුවන් සරළ දේවල් ටිකක් කියන්නම්.

1. අපිට අවශ්‍ය නැති, ෆෝන් එක ගන්නකොට ෆෝන් එකත් එකක එන, සාමාන්‍ය විදියට අයින් කරන්න බැරි apps අයින් කරන්න පුළුවන්. ( මේ වගේ අයින් කරන්න බැරි, වැඩකට නැති apps වලට කියන්නේ bloatware කියලා ). ඔය Chinese, Korean වගේ ෆෝන් ගත්ත අයට නම් මේක හොඳට දැනෙනවා ඇති.

2. ෆෝන් එකේ සාමාන්‍යයෙන් අපිට බලන්න පුළුවන් Internal or External USB Storage එක විතරයි. ඔය ෆෝන් එකත් එක්ක එන file browser එකනේ බලන්න පුළුවන් ඒ ටික තමා. නමුත් root කලාට පස්සේ, වෙනත් File browser apps ( මේවා Android Play Store එකේ තියනවා ) පාවිච්චි කරලා මුළු system එකම බලන්න පුළුවන්. අපි මේවට කියන්නේ root explorer apps කියලා. ඇයි මේවා බලන්න ඕනේ වෙන්නේ කියලා මම පසුව විස්තර කරන්නම්.

3. සමහර developers ලා හදන apps තියනවා, root access අනිවාර්යයෙන් අවශ්‍ය වෙන ඒවා. ඒවා හරියට පාවිච්චි කරන්නත් root access ඕන කරනවා.

 

4. ෆෝන් එකේ සමහර දේවල් ( OS level, Hardware level ), සමහර වෙලාවට ඒ ෆෝන් එක හදන නිශ්පාදකයා විසින් disabled කරලා එවනවා. සමහර features පවා disable කරලා තියෙන අවස්ථා තියෙනවා. සමහර Android developers/ hackers ලා මේවා හොයාගෙන ඒ දේවල් enable කරන්න අවශ්‍ය software patches ( අපි මේවාට MODs කියලා කියනවා ) දෙනවා. ඒ දේවල් install කරන්නත් root access තිබීම අත්‍යාවශ්‍ය ම යි.

හැමදාම එකම ෆෝන් එකේ, එකම features දැකලා එපා වෙලා නම්, ඒකටත් තියනවා විසඳුමක්. ඒ තමා Custom ROMs. හැමදාම Stock ROM (Custom ROM, Stock ROM ගැන දන්නේ නැති අයට පහල ඒ ගැන විස්තරයක් තියනවා. එක බලන්න ) එකම දැකලා එපා වෙලා නම්, root කරපු අයට පුළුවන් Custom ROMs දාලා බලන්න.

root කලාම ෆෝන් එක speed වැඩි වෙනවාද ?

නැත. speed එක අඩු වෙන්නෙත් නැත. නමුත් ඕනේ නම් root access වලින් වැඩ දාලා, speed එක වැඩි කර ගන්න නම් පුළුවන්. උදාහරණයක් විදියට, කලින් කිව්වා වගේ bloat apps අයින් කලා නම් අනිවා Booting speed එකේ ඉඳන් හැම දේකම speed එක වැඩි වීමක් බලා ගන්න පුළුවන්.

root කලාම warranty එක නැති වෙනවාද ?

නීතියේ හැටියට නම් නෑ (මොකද අපි කරන්නේ ෆෝන් එකේ තියන user account එකක් enable කරන එක නේ ). ඒත් සාමාන්‍යයෙන් warranty නැති වෙනවා කියලා කියනවා. හැබැයි බය වෙන්න දෙයක් නෑ, ෆෝන් එකක් root කරනවා වගේම unroot කරන්නත් ක්‍රම තියෙනවා.

 

Stock ROMs කියන්නේ මොනවාද ?

මුලින්ම, සරලව කිවුවොත් ROM එකක් කියලා මෙතන අදහස් කරන්නේ, Android OS එකට. එතකොට stock ROMs කියන්නේ, ෆෝන් එක හදන company එකෙන් දෙන Android ROMs වලට. Stock ROM එක තමයි ෆෝන් එක ගන්නකොට තියෙන්නේ. පස්සේ එයාලා අපිට අලුත් updates එවනවා. ෆෝන් එකේ Settings -> About device -> Software update වලට ගිහින් අලුත් updates තියනවද කියලා බලන්න පුළුවන්. මෙහෙම දෙන updates වලට අපි කියන්නේ FOTA ( Firmware over-the-air ) නැත්නම් කෙටියෙන් OTA ( over-the-air ) updates කියලා.

ඒ වගේම මේ updates රටකින් රටකට පවා වෙනස් වෙනවා. ඉතින් එක රටකට Jelly Beans updates එනකොට තව රටකට තාමත් Ice Cream Sandwich ( ICS ) updates ලැබෙන්න පුළුවන්. හැබැයි මෙතන පොඩි හොර පාරකින් අර වෙන රටකට එන අලුත් updates එහෙමත් දා ගන්න බැරි කමක් නෑ. එහෙම ආපු update එකක්, download කරලා, ඒවා phone එකට write ( Flash කරනවා කියලා සරලව කියනවා ) කරන්න පුළුවන් tool එකක් පාවිච්චි කරලා දා ගන්න පුළුවන්. හැබැයි මේ වැඩේට root තිබීම අත්‍යාවශ්‍ය නෑ. නමුත් ඉතා ප්‍රවේශමෙන් කරන්න ඕනේ. වැඩේ වැරදුනොත් ප්‍රශ්න ගොඩයි.

Custom ROMs කියන්නේ මොනවද ?

මේ කියන්නේ, අර ෆෝන් එක දීපු company එකෙන් ( Official ) නොවන, එක එක Android developers ලා, හදන වෙනත් ROMs වලට. මේවා නොමිලේම ලබාගෙන දා ගන්න පුළුවන්. ගොඩක් දෙනා මේවා හදන්නේ ලාභ උපයන්නම නෙමේ. සාමාන්‍යයෙන් Custom ROMs වර්ග ගනනාවක් තියනවා. මේවා අතරින් කැපී පෙනෙන Custom ROMs වර්ග දෙකක් තියෙනවා.

1. Stock Based ROMs

Stock based ROMs කියන්නේ, Stock ROM එක අරගෙන, කපලා කොටලා, Features add කරලා, එක එක MODs දාලා, හැඩ වැඩ කරලා එවන ROMs. Custom ROMs වලට කැමති ඒත් Stock පැත්තට නැඹුරු ROM එකක් ඕනේ අයට හරි යන්නේ මේක තමා. මේ විදියට ROMs develop කරන එක තරමක් ලේසියි.

2. AOSP Based ROMs

AOSP Based ROMs කියන්නේ, Google relies කරන pure Android OS ( Source codes ) එක අරගෙන, එක එක devices ( Phones ) වලට ගැලපෙන විදියට හදලා, තව features, MODs දාලා හදන ඒවාට. මේක තරමක් අමාරු වැඩක්. Pure ( Vanilla ) Android Sources වලින් එක එක devices වලට ගැලපෙන විදියට OS එක හදනවා කියන්නේ සෑහෙන්න අමාරු වැඩක්. මොකද ෆෝන් එකේ features ඔක්කොම වැඩ කරන්න නම්, ( camera, wifi, 3G වගේ ) drivers පවා නැවත හදන්න ඕනේ. මොකද මේ drivers ( වල source codes ) සමහර වෙලාවට අදාල company එකෙන් මේ developers ලාට දෙන්නේ නෑ. ඒ නිසා මේ වැඩේට අත ගහන්නේ හොඳම Android වැඩ කාරයෝ තමයි.

උපුටගනිමකි (Copy and WIN :මේකෙන් හරිනම්  මම  දිනුම් )

ඔයාලටත් මේගැන අදහස් තියනවනම් කමෙන්ට් එකක් දාන්න.. පුද්ගලිකව මොනවා හරි කියන්න තියනවනම් මාව සම්බන්ද කරගන්න..

raweendragampola@gmail.com

http://www.facebook.com/slcu.lk

කතාකරන්න 075-4733407

facebook ගැන ඔබ දැනගතයුතුම බොහෝ දේ..

 

අද , මම කතා කරන්න හිතුවේ ලොකු කුඩා කවුරුත් දන්න Facebook වෙබ් සයිට් එක ගැනයි. මේ Facebook සයිට් එක ගැන පහු ගිය දිනවල වැඩි වශයේන් කතා වුන නිසාත් තමයි , මේ පොස්ට් එක දාන්න හිතුවේ.

clip_image002

හරි , අපි Facebook ගැන වර්ග කිපයක් යටතේ කතා කරමු.

පළමු වර්ගය - Facebook ඉතිහාසය.

Facebook වෙබ් සයිට් එක මුලින්ම හැදුවේ 2004 පෙබරවාරි 04 වන දිනයි.

මේ වෙබ් සයිට් එක මුලින්ම හැදුවේ එක්තරා විශ්වවිද්‍යාලයක ඉන්න යාලුවන් අතර අදහස් , පින්තුර වගේ දෙවල් බෙදා ගැනිමට පමණයි. ඒත් , මේ Facebook එක විශ්වවිද්‍යාලයට විතරක් අදාල නොවි , අද වන විට මේ මුලු ලෝකයේම පැතිරි තිබේනවා.

Facebook එක 2004 පෙබර්වාරි 04 වන දින සිට විවෘත වුනේ ඇමරිකානු වැසියන්ට විතරයි.

2005 අවුරුද්දේ ටික කාලයක් යද්දි තමයි Facebook එක මුලු ලෝකයටම එක හා සමානව විවෘත වුනේ.

Facebook හදන්න , ඒ කිව්වේ C++ හා PHP Codes භාවිතා කරල , මුලින්ම Facebook හැදුවේ Mark Zuckerberg , Eduardo Saverin , Andrew McCollum , Dustin Moskovitz හා Chris Hughes යන කණ්ඩායම එකතු වෙලයි.

නමුත් , අද වන විට , විවිධ දේවල් නිසා , මේ මුල් Facebook නිර්මාපකයන්ගේන් ඉන්නේ Mark Zuckerberg ( CEO - Chief Executive Officer ) හා Sheryl Sandberg ( COO - Chief Operating Officer ) හා තව කිප දෙනෙක් විතරයි. අනිත් අය , වෙනම Facebook වගේ වෙන සයිට් එකක් හදන් , Facebook එකේන් අයින් වුනා.

Facebook එක කලින් පිහිටා තිබුනේ ඇමරිකාවේ කැලිෆෝනියා වල ස්ටැන්ෆෝඩ් රිසච් පාක් , පැලෝ ඇල්ටෝ ප්‍රදේශයේයි.

ඒත් , මේ Facebook කාර්යාලයේ තිබුන දත්ත ගබඩාවේ ඉඩ මදි වුන නිසා Facebook එක අලුත් තැනකට ගියා.

දැනට , Facebook එකේ අපි දාන පින්තුර ඇතුලු සියලුම දේවල් ඇතුලු සියලුම දත්ත ගබඩාවම ඇතුලු Facebook කාර්යාලය පිහිටා තිබේන්නේ ඇමරිකාවේ කැලිෆෝනිය වල මෙන්ලෝ පාක් ප්‍රදේශයේයි.

Facebook එක ස්ටැන්ෆෝඩ් රිසච් පාක් , පැලෝ ඇල්ටෝ වල ඉදන් මෙන්ලෝ පාක් වලට එන්නේ වුනේ දත්ත ගබඩාවේ ඉඩ මදි වුන නිසයි.

ඒත් , තව අවස්ථාවකදි Facebook එකේ දත්ත ගබඩාවේ ඉඩ මදි වෙල වෙන තැනකට ගියා කියල හිතමු. ඒත් , ඉඩ මදි වෙන්න , මදි වෙන්න , කොච්චර වෙන වෙන තැන් වලට ගියත් , මේ ලෝකයේ දැනට ගන්න පුලුවන් උපරිමම උපරිම දත්ත ගබඩා ඉඩ ප්‍රමාණයක් තියේනවා.

ඉතින් , අන්න ඒ ප්‍රමාණය අවසන් වුනෝත් මොකද වෙන්නේ ??

සමහර විට , එදායින් පසු නැවතත් Facebook එකක් නැති වෙන්නත් පුලුවන්. ඒකේ තියේන බයානක කම අයේත් වෙනම කියන්න ඕන නැනේ.

ඒ නිසා , Facebook එකේ නිකරුනේ , වැඩක් නැති , ඔය එක එක විහිලු තියේන , ඒ වගේම වෙන වෙන පින්තුර හැමතිස්සේම දාන්න එපා. ඔය , එක එක ෆයිල්ස් Facebook එකට Upload කරන්නත් එපා.

Facebook එක ඉදිරියටත් පවත්ව ගන්න ඕන නම් , මේ කිව්ව දේවල් ගැන හොදට හිතල , ඒ විධියටම වැඩ කරන්න උත්සහ කරන්න.

මේ පහලින් තියේන්නේ 2004දි තිබුන Facebook එකේ පින්තුරයක් වේ.

clip_image004

මේ පහලින් තියේන්නේ ඇමරිකාවේ කැලිෆෝනිය වල මෙන්ලෝ පාක් වල පිහිටි කාර්යාලය වේ.

clip_image006

දෙවන වර්ගය - Facebook එකේ අද තත්වය.

Facebook එකේ මුල සිට අද දක්වාම මුල් පුටුව මෙහය වන්නේ Mark Zuckerberg ( මාක් ෂුකර්බර්ග් ) විසිනුයි. මොකද මොහු විසින් Facebook හදන්නත් , ඒක මේ අද තියේන සුපිරි තත්වයට ගන්නත් ගොඩාක් මහන්සි වුනු නිසයි.

ඒ වගේම , මේ 2014 පෙබරවාරි මස 04 වන දිනට Facebook එක තම 10 වන උපන් දිනය සැමරුවා.

අද වන විට Facebook එකේ බිලියන 1.23ක් සිටිනවා. ( 2013 දෙසැම්බර් මස වාර්තා වලට අනුව. දැන් , 2014 පෙබරවරි. )

මේ Facebook සයිට් එකේන් දැනට වසරකදි ඇමරිකානු ඩෝලර් බිලියන 17.895 යි. ( ශ්‍රී ලංකා රුපියල් වලින් නම් රුපියල් ට්‍රිලියන 2 236 875 000 000 [ USD 1 = Rs 125 ] )

ඒ වගේම , මේකේ දැනට 6337ක් රැකියා කරනවා. ( 2013 දෙසැම්බර් මස වන විට. )

ඒ වගේම , මේ Facebook යටතේ තමයි Instagram කියන ජායාරුප Upload කර යාලුවන් අතර බෙදා ගැනිමට හැකි වෙබ් සයිට් එක තිබේන්නේ.

ඒ වගේම , මේ ලගදි Facebook විසින් Whats App එකත් ඇමරිකානු ඩෝලර් කට මිළදි ගත්තා. ( Whats App කියන්නේ ඇන්ඩ්‍රෝයිඩ් වල නොමිලේ Chat , Message කිරිමට භාවිතා කල හැකි Android App එකකි. )

මේ පහලින් තියේන්නේ 2004 සිට 2013 දක්වා Facebook එකේ මුලු සාමාජික ගණන වැඩි විමයි.

clip_image008

තුන් වන වර්ගය - ඔබ විසින් Facebook භාවිතා කරන්නේ කෙසේද ?? ඒ භාවිතා කරන විධිය හරිද ??

ඔබ විසින් Facebook භාවිතා කල යුතු වන්නේ කෙසේද ??

* Facebook එකේදි සැලකිලිමත් විය යුතු ප්‍රධාන දෙයක් තමයි Facebook එකේ යාලුවත් ඇති කර ගැනිමයි.

Facebook එකේ යාලුවන් ඇති කර ගනිද්දි , අපි දන්න යාලුවන්ව විතරක් එකතු කරගන්න එක කරන්න අමාරු වැඩක්. මොකද , අපි ඇත්ත සාමාජයේත් දන්න , Facebook එකේත් ඉන්න පිරිස අඩුයි. ඒත් , දැන් නම් ඒක ගොඩක් වෙනස් වෙලා. දැන් , ඇත්ත සාමාජයේ ඉන්න බහුතරයක් දෙනා Facebook එකේත් ඉන්නවා.

හරි , ඒ කොහම වුනත් Facebook එකේදි , මේ පහලින් කියල තියේන දේවල් පිළිපදින්න උත්සහ කරන්න.

1 ) දකින දකින හැම කෙනෙකුටම Friend Request යවන්න නම් එපා. ඔබේ වයසට හා ඔබට ගැලපේන යාලුවන්ට විතරක් Friend Request යවන්න.

2 ) දකින දකින හැම කෙනෙක්ගේම Friend Request කරන්නත් එපා. ඔබේ වයසට හා ඔබට ගැලපේන යාලුවන්ගේන් ආපු Friend Request විතරක් Confirm කරන්න.

3 ) ඔබ Friend Request එකක් යවද්දි හා Friend Request එකක් Confirm කරද්දි , ඒ අදාල කෙනාගේ Profile එකට ගිහින් ඔහුගේ හෝ ඇයගේ විස්තර සොයා බලන්න. ඒ විස්තර අනුව , ඔවුන් ඔබේ යාලුවන් විමට ගැලපේනවාද කියල තිරණය කරන්න. ( මෙය තමයි 1 හා 2හි ගැලපේන යනුවෙන් අදහස් කරේ. )

ඔහුගේ හෝ ඇයගේ Profile එකට ගිහින් ඕනේ නැති දේවල් නම් කොහේත්වම කරන්න එපා.

* ලෝකයේ වගේම , ශ්‍රී ලංකාවේත් ගොඩාක් දෙනේක් Facebook භාවිතා කරන්නේ විවිධ යාඅලුවන් ඇති කරගෙන , ඔවුන් සමග Chat / Message කිරිමටයි.

Chat / Message කරන එක හොදයි. එකේ අවුලක් නැ.

ඒත් , Chat / Message ආදිය කරද්දි , අපි Chat / Message කරන්නේ කාත් එක්කද ?? ඒ කෙනාව , ඔබ විසින් ඇත්තටම අදුරනවද ?? අදුරන්නේ නැත්නම් , ඒ කෙනා මොන වගේ කෙනෙක්ද ?? යනාදි දෙවල් පිළිබදව සොයා බලලා , ඉන් පසුව , ඒ ඒ සොයා ගත් දේවල් ගැනත් ඉතාමත්ම හොදින් මතක තියා ගෙනම , ඒ අදාල කෙනත් එක්ක Chat හෝ Message කරන එක ඔයාටත් , ඒ අනිත් Chat / Message කරන කෙනාටත් ඇතුලුව කාට කාටත් ගොඩාක් හොදයි.

ඒ වගේම Chat / Message කරද්දි තමන්ගේ වයසට හා තමන්ට පොඩ්ඩක් හරි ගැලපේන පුද්ගලයන් සමග පමණක් Chat / Message කිරිමට උත්සහ කරන්න.

( මේ විධියට වයසට හා තමන්ට ගැලපෙන්නේ නැති අය තමන් එක්ක බලේන් වගේ Chat / Message කිරිමට එනව නම් ඒ අයව Unfriend හෝ Block කරන්න.

ඒ වගේම ඉදිරියේදි , ඒ වගේ වයසට හා තමන්ට ගැලපේන්නේ නැති අයව කොහේත්වම යාලුවන් කරගන්න එපා. )

ඒ වගේම එක සැරයක් , දෙසැරයක් Chat / Message කරාට පස්සේත් , ඒ කෙනා ඔබට මොනයම් විධියකින්වත් Reply එකක් කරන්නේ නැති නම් , තව දුරටත් එයාට Chat / Message කරන්න එපා. එයාව , ඉදිරියටත් යාලුවෙක් විධියටම තියා ගෙනම , Chat / Message කරන්නේත් නැතුව , එයාට තව දුරටත් කරදර කරන්නේ නැතුව , තමන්ගේ පාඩුවෙ ඉන්න.

ඒ වගේම ඒ අයට එක එක පින්තුර , Status හෝ වෙනත් දේවල් Tag / Mention කරන්නත් එපා.

Facebook එකේ Chat / Message කිරිමට ලබා දි තිබේන අවස්ථාව , ගොඩාක් දෙනේක් වැරදි විධියට යොදා ගන්නවා.

ඒනම් , Chat / Message කරද්දි ගොඩක් දෙනේක් තමන් කවුද කියන එක අමතක කරනවා. ඒ කියන්නේ තමන් තවමත් අවුරුදු 18ට අඩු ළමයේක්ද !! , එසේ නැත්නම් අවුරුදු 18ට වැඩි කෙනෙක්ද !! , තමන්ට පෙම්වතියක් හෝ පෙම්වතේක් ඉන්නවද !! , තමන් විවාහ විමට සුදානමින් ඉන්නවද !! , තමන් දැනටමත් විවාහ වෙලාද ඉන්නේ !! යනාදි දේවල් පිළිබදව ඉතාමත්ම හොදින් මතක තියා ගෙනම Chat / Message කරනවා නම් , ඒක ඔබ අප ඇතුලු සියලුම දේනාටම ගොඩාක් ගොඩාක් හොදයි.

නමුත් , මේ Chat / Message කිරිමට ලබා දි තිබේන අවස්ථාව , ඔබ විසින් වැරදි භාවිතා කරලා , ඒ ගැන අනිත් කෙනා විසින් Facebook එකට Report කරන්න පූලුවන්. එවිට , ඔබට යම් කිසි කාලේකට Block කිරිම කරනවා. මේ විධියට දිගින් දිගින් ඔබ ගැන , වෙනත් අය විසින් Report කරෝත් , ඔබේ Facebook ගිණුම , Facebook එක විසින් Delete කරන්න පුලුවන්. එහම නැතනම් , ඔබට Chat / Message කිරිමට ලබා දි තිබේන අවස්ථාව සම්පුර්ණයේන්ම නැති කරන්නත් පුලුවන්.

ඔබ හිතයි , එතකොට වෙන Facebook ගිණුමක් හදනවා කියල. ඒත් , දැන් තාක්ෂණය දියුණුයි. ඒ නිසා ඔබ වෙන ගිණුමක් හදල Facebook ආවත් , Facebook එක දන්නවා , මේ එන්නේ කලින් Facebook ගිණුම Delete හෝ Chat / Message බ්ලෝක් කරපු පරිගණකයේන්ම තමයි කියල. ඒ නිසා , ඒ අලුතේන් හදන ගිණුමේදිවත් අනිවාරේන්ම ඉතාමත්ම හොදින් ඉන්න. එහම නැති වුනෝත් , ඔබේ පරිගණකයේන් Facebook එකක් පැත්තකටවත් එන්න බැරි වෙන්න , ඔබව Block කරයි.

* තවත් ගොඩක් දෙනෙක් , පැය 24ම Facebook එකට විවිධ ආකාරයේ පින්තුර , ෆයිල්ස් හා වෙන වෙන දේවල් එකතු කරමින් ඉන්නවා.

මේ වගේ පින්තුර , ෆයිල්ස් හා වෙනත් දේවල් එකතු කරන එක සමහර අයට ප්‍රශ්නයක් නම් නැ. ඒත් , සමහර අයට නම් මේක ප්‍රශ්නයක්.

මේ විධියට තමන්ගේ ගිණුමට විවිධ පින්තුර ඇතුලු තවත් දේවල් එකතු කරන එක , ඔබට ප්‍රශ්නයක් නම් ඒ දේවල් ඔබේ Wall එකේ තියේද්දිම , ඒ ඒ පින්තුරයේ හෝ ඒ අදාල දේ එකේ , දකුණු පැත්තේ උඩ කොනේ පහලට තියේන ඊතලය ක්ලික් කරාම පහලට එන ලිස්ට් එකේන් Hide from Timeline කියන එක ක්ලික් කරන්න. එවිට , ඒ දේ ඔබේ Wall එකේ පෙන්වන්නේ නැ.

කාට ප්‍රශ්නයක් තිබුනත් , නැතත් , මේ විධියට හිතු මානාපේට Facebook එකට පින්තුර , ෆයිල්ස් හා වෙනත් දේවල් එකතු කරන එක නම් Facebook ආයතනයට ගොඩාක්ම ගොඩාක් ලොකු ප්‍රශ්නයක්.

අපි මේ ගැන මුලදිත් කිව්වනේ. ඕන්න , ඒ ටිකම අයේත් කියන්නම්.

Facebook එක ස්ටැන්ෆෝඩ් රිසච් පාක් , පැලෝ ඇල්ටෝ වල ඉදන් මෙන්ලෝ පාක් වලට එන්නේ වුනේ දත්ත ගබඩාවේ ඉඩ මදි වුන නිසයි.

ඒත් , තව අවස්ථාවකදි Facebook එකේ දත්ත ගබඩාවේ ඉඩ මදි වෙල වෙන තැනකට ගියා කියල හිතමු. ඒත් , ඉඩ මදි වෙන්න , මදි වෙන්න , කොච්චර වෙන වෙන තැන් වලට ගියත් , මේ ලෝකයේ දැනට ගන්න පුලුවන් උපරිමම උපරිම දත්ත ගබඩා ඉඩ ප්‍රමාණයක් තියේනවා.

ඉතින් , අන්න ඒ ප්‍රමාණය අවසන් වුනෝත් මොකද වෙන්නේ ??

සමහර විට , එදායින් පසු නැවතත් Facebook එකක් නැති වෙන්නත් පුලුවන්. ඒකේ තියේන බයානක කම අයේත් වෙනම කියන්න ඕන නැනේ.

ඒ නිසා , Facebook එකේ නිකරුනේ , වැඩක් නැති , ඔය එක එක විහිලු තියේන , ඒ වගේම වෙන වෙන පින්තුර හැමතිස්සේම දාන්න එපා. ඔය , එක එක ෆයිල්ස් Facebook එකට Upload කරන්නත් එපා.

Facebook එක ඉදිරියටත් පවත්ව ගන්න ඕන නම් , මේ කිව්ව දේවල් ගැන හොදට හිතල , ඒ විධියටම වැඩ කරන්න උත්සහ කරන්න.

* ඒ වගේම තවත් අය , තම තමන්ගේ යාලුවන්ම විවිධ Facebook Groups වලට දානවා. මේක නම් ඉතින් එච්චර ප්‍රශ්නයක් කරගන්න දෙයක් නෙමේ. මොකද තමන්ට කොයි මොහතක හෝ ඒ Facebook Groups ඕන වෙන්න පුලුවන්. ඒ ඒ Facebook Groups වල දාන ලිපි , වෙබ් සයිට් ලින්ක් ඔබට වැදගත් වෙන්න පුලුවන්.

ඒ නිසා , විවිධ Facebook Groups වලට , ඔබව දැම්මට ඒක ප්‍රශ්නයක් කරගන්නේ නැතුව ඉන්න.

හරි , ඔබට ඒ විධියට Facebook Groups වලට ඔබව දාන එක ප්‍රශ්නයක් නම් , ඒ Facebook Groups වල මොකක් හරි පොස්ට් කරද්දි ඔබට Notifications එන එක නවත්වන්න.

( ඒ සදහා , ඒ අදාල Facebook Group එකට ගිහින් , ඒකේ Cover Photo එකට යටින් , දකුණු පස පහලින් Notifications කියන එක ක්ලික් කරන්න. ඉන් පසු එන ලිස්ට් එකේන් Off කියන එක ක්ලික් කරාම හරි. )

ඒ Facebook Group එක , ඔබට ගැලපේන්නේ නැති එකක් නම් , ඒකේන් අයින් වෙන්න ඕනම නම් , මේ විධියට කරන්න.

( ඒ අදාල Facebook Group එකට ගිහින් , ඒකේ Cover Photo එකට පහලින් , දකුණු පස තියේන රවුම් Icon එක ක්ලික් කරන්න. එවිට එන ලිස්ට් එකේන් අන්තිමට තියේන Leave Group කියන එක ක්ලික් කරන්න. ඉන් පසු එන Message එකේන් Leave Group කියන එකත් ක්ලික් කරාම හරි. )

ඒත් , මතක තියා ගන්න ඒ Facebook Groups වල දාන ලිපි , වෙබ් සයිට් ලින්ක් ඔබට වැදගත් වෙන්න පුලුවන්.

ඒ නිසා , විවිධ Facebook Groups වලට , ඔබව දැම්මට ඒක ප්‍රශ්නයක් කරගන්නේ නැතුව ඉන්න.

හතර වන වර්ගය - Facebook එකේ ඇති ප්‍රයෝජන.

මේ වගේ Facebook වල වාසි තවත් ගොඩාක් කියන්න පුලුවන්. ඒ සියලුම දේවල් මෙතන කියල ඉවර කරන්න අමාරුයි. ඒ අනුව , Facebook එකේ ප්‍රධාන වාසි කිපයක් කියන්නම්.

1 ) Facebook එකේ විවිධ වටිනා , වැදගත් , හොද , හරි Facebook Pages වලට Like කිරිමේන් , ඒම Facebook Pages වල දාන වටින වැදගත් ලිපි ඔබට සැණින් එසැණින් කියවන්න පුලුවන්. ( උදා - ඔබ , අපේ Seven Net Page එකට Like කල විට , අපේ සයිට් එකේ අලුත් පොස්ට් එකක් දැමු විගස , ඔබට ඒ ගැන දැන ගන්නට පුලුව විම. )

2 ) අප සමාජයේ විවිධ කාර්යන් කරද්දි , ඒ පිළිබදව දැන ගැනිමට හැකි විම. ( උදා - ඔබේ පාසලේ මොකක් හරි උත්සවයක් තියේද්දි , ඔබ පාසලේ ආදි ශිෂ්‍යයේක් නම් , ඔබට ඒ උත්සවය ගැන සියලුම විස්තර දැන ගැනිමට හැකි විම. )

3 ) අද වන විට , ලෝකයේ තිබේන වෙබ් හා බ්ලෝග් සයිට් වලින් වැඩි ප්‍රමානයක් , Facebook එකේ තමන්ගේ සයිට් වල ලින්ක් දැමිම මගින් , යම් කිසි පාඨක පිරිසක් ලබ ගැනිම.

4 ) ලෝකයේ සිදුවන අලුත් සිදුවිම් , සොයා ගැනිම් යනාදි දේවල් පිළිබදව දැන ගැනිමට හැකිවිම.

5 ) ලෝකයේ හෝ ශ්‍රී ලංකාවේ සිදුවන ඕනැම සිදුවික් සදහා , ලොකු කුඩා ඕනැම කෙනෙකුට , තමන්ට අවශ්‍ය ඕනැම දේයක් ප්‍රකාශ කිරිමට , අදහස් දැක්විමට හැකි විම.

( උදා - මැතකදි ලසිත් මාලින්ගට මාධ්‍යයන් මගින් විවිධ දේවල් කියද්දි , එක් කොටසක් ඒවා අනුමත කල අතර , තවත් කොටසක් ඒවාට විරුද්ධව ඉතා විශාල බලවේගයක් Facebook මගින් ගොඩ නගා , ඒම සියලු මාධ්‍ය ආයතන වල මාලින්ග ගැන මතය පවා වෙනස් කිරිමට Facebook යොදා ගන්නා ලදි. )

( උදා - ඊජිප්තුවේ පැවති අසාධාරණ රජය වෙනස් කිරිමට පවා , මේ Facebook යොදා ගැනිමට , ඊජිප්තු වැසියන්ට හැකි විය. )

පස්වන වර්ගය - Facebook එකේ අවාසි.

1 ) Facebook එකේ Chat / Message කිරිමට ලබා දි තිබේන අවස්ථාව , ගොඩාක් දෙනේක් වැරදි විධියට යොදා ගන්නවා.

ඒනම් , Chat / Message කරද්දි ගොඩක් දෙනේක් තමන් කවුද කියන එක අමතක කරනවා. ඒ කියන්නේ තමන් තවමත් අවුරුදු 18ට අඩු ළමයේක්ද !! , එසේ නැත්නම් අවුරුදු 18ට වැඩි කෙනෙක්ද !! , තමන්ට පෙම්වතියක් හෝ පෙම්වතේක් ඉන්නවද !! , තමන් විවාහ විමට සුදානමින් ඉන්නවද !! , තමන් දැනටමත් විවාහ වෙලාද ඉන්නේ !! යනාදි දේවල් පිළිබදව ඉතාමත්ම හොදින් මතක තියා ගෙනම Chat / Message කරනවා නම් , ඒක ඔබ අප ඇතුලු සියලුම දේනාටම ගොඩාක් ගොඩාක් හොදයි.

නමුත් , මේ Chat / Message කිරිමට ලබා දි තිබේන අවස්ථාව , ඔබ විසින් වැරදි භාවිතා කරලා , ඒ ගැන අනිත් කෙනා විසින් Facebook එකට Report කරන්න පූලුවන්. එවිට , ඔබට යම් කිසි කාලේකට Block කිරිම කරනවා. මේ විධියට දිගින් දිගින් ඔබ ගැන , වෙනත් අය විසින් Report කරෝත් , ඔබේ Facebook ගිණුම , Facebook එක විසින් Delete කරන්න පුලුවන්. එහම නැතනම් , ඔබට Chat / Message කිරිමට ලබා දි තිබේන අවස්ථාව සම්පුර්ණයේන්ම නැති කරන්නත් පුලුවන්.

ඔබ හිතයි , එතකොට වෙන Facebook ගිණුමක් හදනවා කියල. ඒත් , දැන් තාක්ෂණය දියුණුයි. ඒ නිසා ඔබ වෙන ගිණුමක් හදල Facebook ආවත් , Facebook එක දන්නවා , මේ එන්නේ කලින් Facebook ගිණුම Delete හෝ Chat / Message බ්ලෝක් කරපු පරිගණකයේන්ම තමයි කියල. ඒ නිසා , ඒ අලුතේන් හදන ගිණුමේදිවත් අනිවාරේන්ම ඉතාමත්ම හොදින් ඉන්න. එහම නැති වුනෝත් , ඔබේ පරිගණකයේන් Facebook එකක් පැත්තකටවත් එන්න බැරි වෙන්න , ඔබව Block කරයි.

හයවන වර්ගය - ඔබට කරදරයක් වෙමින් , ඔබ සමග Chat / Message කරනව නම් හෝ ඔබේ ගිණුමට පින්තුර , ෆයිල්ස් , Status හා වෙනත් දේවල් දානව නම් , ඔබ විසින් කල යුතු දේවල්.

තමන්ගේ කරනවා නම් හෝ පැය 24ම පින්තුර , ෆයිල්ස් , Status දානව නම් යනාදි දේවල් කරනව නම් , කරන්න තියේන්නේ පොඩි දේවල් 3යි.

එකක් තමයි , ඒ අදාල කෙනාව Unfriend කරන එක.

( මේ සදහා , ඒ අදාල කෙනාගේ - එකට ගිහින් , එකේ Cover Photo එකට යටින් , දකුණු පස තියේන Friend කියන එක ක්ලික් කරාම එන ලිස්ට් එකේ අන්තිමට තියේන Unfriend කියන එක ක්ලික් කරාම , එයාව Unfriend වෙනවා. )

අනිත් එක තමයි , ඒ අදාල කෙනාව Block කරන එක.

මෙහිදි , ඒ අදාල කෙනා Autoම Unfriend වන අතර , Block කරාට පස්සේ , ඔබට - ඔහුගේ ගිණුමවත් , ඔහුට - ඔබේ ගිණුමවත් කොහේත්වම බලන්න බෑ.

[ මේක කරන්න ක්‍රම 2ක් තියේනවා. ඒකේන් 1ක් ගැන බලමු. ]

( මේ සදහා , ඒ අදාල කෙනාගේ Facebook ගිණුමට ගිහින් , එකේ Cover Photo එකට යටින් , දකුණු පස තියේන Friend කියන එක ක්ලික් කරාම එන ලිස්ට් එකේන් Report / Block කියන එක ක්ලික් කරන්න. එවිට එන Box එකේන් 3 වෙනියට තියේන Block { His/Her Name } කියන එකට Tic එකක් දලා , Confirm කියන එක ක්ලික් කරන්න. එවිටත් එන Box එකේ OK එක ක්ලික් කරන්න. )

3 වන විධිය තමයි , ඒ අදාල කෙනාව , යම් කිසි හේතුවකට Report කරන එක.

මෙහිදි , අපි කියන හේතුවට අදාලව , ඒ අදාල කෙනා වැරදිකරු වුනෝත් , ඒ කෙනාට අදාලව Facebook එක මගින් යම් කිසි පියවරක් ගන්නවා.

( මේ සදහා , ඒ අදාල කෙනාගේ Facebook ගිණුමට ගිහින් , එකේ Cover Photo එකට යටින් , දකුණු පස තියේන Friend කියන එක ක්ලික් කරාම එන ලිස්ට් එකේන් Report / Block කියන එක ක්ලික් කරන්න. එවිට එන Box එකේන් , 4 වෙනියට තියේන Submit a Report කියන එක ක්ලික් කරන්න. ඉන් පසු , ඊට යටින් තියේන Report content shared by { His/Her Name } කියන එකට Tic එකක් දලා , Confirm කියන එක ක්ලික් කරන්න.

එවිටත් , එන Box එකේන් , ඒ අදාල දේ තෝරල Confirm එක ක්ලික් කරන්න. ඉන් පසු , එන Box එකේන් OK එක ක්ලික් කරන්න. දැන් හරි. )

හත්වන වර්ගය - ඇයි , Facebook එක මේ තරම් ප්‍රමාණයක් භාවිතා කරන්නේ ??

ඇයි , Facebook මේ තරම් ජනප්‍රිය , ප්‍රසිද්ධ ??

අපිට හිතේන විධියට නම් Facebook , මේ තරම් ප්‍රසිද්ධ වෙන්න , ජනප්‍රිය වෙන්න හේතු කිපයක්ම තියේනවා.

1 ) Facebook භාවිතා කරන අය , යන යන තැන Facebook පිළිබදව විවිධ දේවල් ප්‍රකාශ කිරිම.

2 ) ඕනැම පුද්ගලයේකුට පහසුවෙන්ම භාවිතා කිරිමට හැකි විම.

3 ) Facebook එකේ Chat / Message කිරිමට , පින්තුර , ෆයිල්ස් , Status හා වෙනත් දේවල් දැමිමට හැකි විම.

4 ) තමන්ට නිදහසේ අදහස් ප්‍රකාශ කිරිමට හැකි විම.

5 ) එකවර ඉතා විශාල ප්‍රමාණයක් , යම් කිසි දේයක් පිළිබදව දැනුවත් කිරිමට හැකි විම.

ඒ වගේම , උඩින් කියපු වාසිත් , Facebook මේ තරම් ජනප්‍රිය , ප්‍රසිද්ධ විමට හේතු කාරණා වෙල තියේනවා.

* Facebook ගැන මැත කාලයේදි , බොහෝ දෙනේක් කතාබහා කරා. Facebook තහනම් කරන්න ඕන කියල පවා කිව්වා.

ඒත් , Facebook තහනම් කිරිම ගැන මට මුකුත් හිතා ගන්න බෑ.

සැ.යු. - ඒ කොහම වුනත් , අපි , අපේ පාඩුවේ Facebook එක භාවිතා කරගෙන ඉන්නව නම් , අපිට කරදරයකුත් නැ. අනිත් අයට කරදරයකුත් නැ.

ඒත් , ඔබ , ඔබේ පාඩුවේ ඉන්නකොට , කවුරු හරි , ඔබට කරදර කරනව නම් , එයාව හිමින් හිමින් ඇත් කරගන්න. ඊට පස්සේ , යම් කිසි කාලයකින් , එයාව , Unfriend හෝ Block කරන්න.

ඒත් , ඔබට කරදර කරන ඒ කෙනාව Unfriend / Block කරන්නේ නැතුව ගොඩින් බේර ගන්න පුලුවන් නම් , ඒක හොදයි. එහම කරගන්න විධිය තමයි , මේ පහලින් කියල තියේන්නේ.

සැ.යු. - මේක තමයි , කරන්න තියේන හොදම දේ.

( ඒ , ඔබට කරදර කරන කෙනාව හිමින් හිමින් ඇත් කරන්න කිව්වෙ. එයාව එක සැරේම Unfriend හෝ Block කරෝත් , ඒ ගැන ඔයත් එක්ක තරහක් ඇති කරගනියි. අද කාලේ අහන දකින දෙවල් වල හැටියට , ඒ තරහ නිසා , එයා මොනව කරයිද , කරගනිද කියන්න බෑනේ.

ඒ නිසා හොදම දේ තමයි , ඔබට කරදර කරන කෙනාව හිමින් හිමින් ඇත් කරන්න. ඔබව , ඔහුට අමතක වෙනකම්ම ඇත් කරන්න.

* ඒ කිව්වේ , එයා Chat / Message 20 / 30 ක් එවනව නම් , ඔයා ගානට ශේප් එකේ එක Chat / Message එකක් විතරක්ම යවන්න. කොච්චර ඇත් කරත් , එයාත් එක්ක , ඔයා තවමත් යාලු බව ඇගවෙන විධියට වැඩ කරන්න. ඒ වගේම , එයා දාන පින්තුර , ෆයිල්ස් , Status හා වෙනත් දෙවල් වලට Like , Comment , Share කරන්න එපා. ඒවට Like , Comment , Share කරන්න කියල කරදර කරෝත් , මොකක් හරි කියල ශේප් කරගන්න. මේ විධියට ටික කාලයක් ගියාම , එයාව Unfriend හෝ Block කරන්නවත් ඕන නැති වෙයි.

එයාටම , ඔයාව එපා වෙයි. එතකොට , එයා , ඔයාට Chat / Message කරන්නේ නැති වෙයි.

එතකොට ඉතින් Unfriend / Block කරන්නත් ඕනේත් නැනේ. ඒ විධියටම දිගටම ඉන්න.

සැ.යු. - දැනට , ගොඩාක් දේනෙක් Facebook ගැන හිතන් ඉන්නේ , Facebook එකේ ඇති වෙනකම් යාලුවෝ ඇති කරන් Chat / Message කර කර ඉන්න විතරයි තියේන්නේ කියලයි.

ඒත් , ඔබ හැමෝම , මේ පොස්ට් එකේ Facebook එකේ වාසි ගැන දැක්කනේ.

ඒ නිසා , Facebook එක තමන්ට වගේම , අනිත් හැමෝටමත් වටින , වැදගත් , හරි , හොද , ප්‍රයෝජනවත් තැනක් විධියට භාවිතා කරන්න.

ඒ වගේම , Facebook ගැන වැරදි අදහස් , ආකල්ප තියන් ඉන්න අයට , මේ පොස්ට් එක කියවන්න , බලන්න දෙන්න.

සැ.යු. - අපි හිතනවා , මේ මුලු පොස්ට් එකම හරියම , හොදට කියවන්න ඇති කියල හිතනවා.

මේ මුලු පොස්ට් එකම කෙසේ වෙතත් , මේ පොස්ට් එකේ " තුන්වන වර්ගය වන , ඔබ විසින් Facebook භාවිතා කරන්නේ කෙසේද ?? ඒ භාවිතා කරන විධිය හරිද ??

ඔබ විසින් Facebook භාවිතා කල යුතු වන්නේ කෙසේද ?? " කියන මාතෘකාව හා සැ.යු. ( සැලකිය යුතුයි ) ලෙස තිබේන දේවල් ඉතාමත්ම හොදින් හරියටම කියවන්න කියල ඉල්ලා සිටිනවා.

Sumudu Maduranga ගේ ලිපියක් ඇසුරිනි

ඔයාලටත් මේගැන අදහස් තියනවනම් කමෙන්ට් එකක් දාන්න.. පුද්ගලිකව මොනවා හරි කියන්න තියනවනම් මාව සම්බන්ද කරගන්න..

raweendragampola@gmail.com

http://www.facebook.com/slcu.lk

කතාකරන්න 075-4733407

පරිගණක පන්ති