අඩු මුදලට පරිගණක පාඨමාලා

දැන්මම කතාකරන්න රවීන්ද්‍ර:075-4733407

ක්ලාස් කියල රවුම් ගහල ඉවයි

දැන්මම කතාකරන්න රවීන්ද්‍ර:075-473340

හරියට කියලදෙන්නති තැන එපවෙලද

දැන්මම කතාකරන්න රවීන්ද්‍ර:075-473340

MS Office ප්‍රශ්නයක්ද

දැන්මම කතාකරන්න රවීන්ද්‍ර:075-473340

කියක් හරි හොයාගමුද

දැන්මම කතාකරන්න රවීන්ද්‍ර:075-473340

Monday, April 27, 2015

RASAVITHA-01

rasawitha-01කාර්යබහුල දිවියට මද විරාමයක් ලබාදෙමින් පූජනීය නගරයට ඇතුළුවූයේ ශ්‍රීමා බෝ සෙවනේදී සිත් පහන් කර ගැනීමටය.

බෝපත් සිළි සිළි හඬ දෙමින් සිතට බුද්ධාලම්භන ප‍්‍රීතියක් එක් කළ අතර හඳුන්කූරු, පහන් හා මල්වල එකතු වූ අපූරු සුගන්දය පුන්‍ය භූමියේ පහන් සිතිවිළි තවතවත් වර්ධනය කළේය.

ජයසිරි මා බෝ සමිඳු අභියස දොහොත් මුදුන් දී වන්දනා කළ මා කිරි සුදු පාටින් බබළමින් අහස් කුස සිපගැනීමට වෙරදරන සෑ රදුන් දෙසට ගමන් කළෙමි.

”දුවේ ඔයාට මතකද? අපි හැම පෝයකටම මෙහෙට එනවා. මගේ දු මතක් කරන්න රත්තරං”

සවන වැකි ඒ අනුවේදනීය හඬ ආ දෙස මම හැරී බැලූවෙමි.

දිගු සුදු ගවුමකින් සැරසී කොණ්ඩය තනි කරලට ගොතා සිටි සුන්දර තරුණියකි. පෙනුමේ හැටියට ඇයට වයස අවුරුදු 15 ක් හෝ 16 ක් විය හැකිය. කිසිදු හැඟීමක් ඵල නොකළ ඇය සෑරදුන් දෙස අර්ථ විරහිතව බලා සිටියාය. ඒත් ඒ නෙත්හි කුමක් හෝ ලොකු දුකක් වේදනාවක් සැඟවී ඇති බව මට වැටහී ගියේ ඇගේ දෑසෙන් ගලා යන කඳුළු නිසාවෙනි.

ඇය අසල සිටි මැදිවයස් ගැහැනිය ඇගේ අම්මා විය හැකිය. මම ඇය දෙස බැලූවෙමි.

”අනේ බලන්න දුවේ, රත්තරන් වගේ හිටපු මගේ කෙල්ලට වෙච්ච දේ. කතා කරන්නෑ, හිනාවෙන්නෑ, කිසිම දෙයක් කියන්නෑ, බලාගත්ත අතේ බලාගෙන ඉන්නවා. මෙයා මෙහෙම හිටපු කෙනෙක් නෙවෙයි.” ඇගේ දෙනෙතින් කඳුළු කැට කඩා හැළෙන්නට විය. මම ඇය දෙසට හැරුනෙමි.
”ඇයි දුවට මොකද වුණේ”

මම ඇගෙන් විමසුවෙමි. සියලූ සත්ත්වයින්ගේ සිතට සැනසුමක් ලබාදෙන මේ පින්බිමේ සිට ඇය ඒ සෝචනීය පුවත දිග හැරියාය.

”අපි මෙහෙ අය නෙවෙයි දුවේ. අපි ගාල්ලේ. මට ඉන්නේ මේ දුව විතරයි. මගේ මහත්තයා නැතිවුණේ මම තරුණ කාලේ. මේ දරුවා නිසා මම ආයේ විවාහයක් වුණේ නෑ. මම හැමදේම කළේ මේ දරුවා සතුටින් තියන්න. එයාට ඉල්ලන ඉල්ලන දේ ගෙනැත් දුන්නා. ඒත් එයාගේ සැප වෙනුවෙන් භෞතික දේවල් එකතු කරපු මට එයාව ටික ටික ලොකු වෙනවා කියලා හිතුනේ නෑ. මට එයාව තේරුම් ගන්න බැරිවුණා....”

මම යළිත් ඒ අහිංසකාවිය දෙස හැරී බැලූවෙමි. මේ සුන්දර පුංචි කෙල්ලට ඇත්තටම මොකද වුණේ. ඔවුන් ජය සිරිමා බෝ සමිඳුගේ පිහිට ඉල්ලා ශුද්ධ නගරයට පැමිණ ඇත. මම නැවතත් ඒ අහිංසකාවියගේ මව දෙසට හැරුණෙමි.

”මම ගොඩක් මහන්සිවෙලයි මේ දරුවා ලොකු මහත් කළේ. මගෙ දුව ඉගෙන ගන්න ගොඩක් දක්ෂයි. සාමාන්‍ය පෙළ විභාගය හොඳටම පාස්වුණා. එයා විභාගය හොඳට පාස්වුණොත් ලැප්ටොප් එකක් අරගෙන දෙන්න මම පොරොන්දුවෙලා හිටියේ. ඒ නිසා මම දුවට පරිගණකයක් අරගෙන දුන්නා. අපේ ගෙදර මගේ නංගි කෙනෙකුත් හිටියා.

උසස් පෙළ පංති පටන්ගන්න තුරු දුව හිටියේ ගෙදර. නංගී දුවගේ තනියට ඉන්න නිසා මම බයනැතිව වැඩට ගියා. ඒත් දුව හිටියේ වෙනම කාමරයක. එයා පාඩම් වැඩ කරනවා ඇති කියලා නංගිත් වැඩිය එයාගේ කාමරයට ගිහින් නෑ. දුව විද්‍යා අංශයෙනුයි උසස් පෙළ කරන්න බලාපොරොත්තු වුණේ. ඒ නිසා මම ඉන්ටනෙට් ලයින් එකත් අරගෙන දුන්නා.

rasawitha-03

මම දැනගෙන හිටියේ නැතිවුණාට දහය වසර ඉඳලා දුවට පිරිමි ළමයෙක් එක්ක සම්බන්ධයක් තිබිලා තියෙනවා. එයා ගෙදර හිටියට ඒ ළමයත් එක්ක නිතරම ස්කයිප් එකෙන් කතා කරලා.

දවසක් හයියෙන් කතා කරන සද්දයක් ඇහෙන නිසා නංගි දුවගේ කාමරයට ගිහින්. එයා දොර රෙද්ද අයින් කරලා බලද්දි දුව ඒ පිරිමි ළමයත් එක්ක රණ්ඩු වෙනවලූ. මම හවස ගෙදර ආවහම මේ විස්තරේ නංගී කිව්වා. මම දුවගෙන් ඒ ගැන ඇහුවා.

ඒ පිරිමි දරුවා දුවගෙම පන්තියේ ළමයෙක්. අම්මලා තාත්තලත් වැදගත් අය. ඒ නිසා මම ඒ දරුවත් එක්ක කතා කළා. ඒ ළමයා එයාගේ මව්පියෝ මට මුණගැස්සුවා. අපේ දරුවෝ පුංචි කාලෙදිම ඒ වගේ දේකට අනුබල දීලා අපි ලොකු වැරැුද්දක් කළේ.

ඇයගේ දෑස් අගින් කඳුළු බිංදු ගලාගෙන යන්නීය. සැබැවින්ම එය වරදකි. තාරුණ්‍යයට ආදරය දැනෙයි. ඔවුන් ආදරය සොයා යයි. ඒත් ඉගෙන ගන්නා වයසේ බාලවයස්කාර දරුවන්ට විවාහයක පදනම ඇතිව එවැනි සම්බන්ධතා පවත්වන්නට දීම කොතරම් යෝග්‍යය ද යන්න ගැටළුවකි. ඇගේ එම ලිහිල් ප‍්‍රතිපත්තියම අද ඇයට කඳුළු උරුම කර දී ඇත.

ඒත් එම අහිංසකාවියට මෙම තත්ත්වය උදාවූයේ කෙසේද? තවමත් ගැටළුවකි. මම නැවතත් ඇගේ මව් දෙසට හැරුනෙමි.

”අපි දෙපැත්තෙන්ම කතා කරාට පස්සේ මේ දරුවෝ ගොඩක් හොඳට හිටියා මිස්. ඒත් ආයෙත් කාලයකට පස්සේ දෙන්නා ස්කයිප් එකෙන් නිතර නිතර රණ්ඩුවෙනවා කියලා නංගී කිව්වා. මම දුවගෙන් ඒ ගැන අහලා බැලූවා. එයා කිව්ව දේ මට විශ්වාස කරන්නත් බැරිවුණා දුවේ.’’

”ඒ පිරිමි ළමයා නිතරම නිල් චිත‍්‍රපටි බලනවලූ. ඒවා බලලා දුවත් එක්ක කියනවලූ. දුව ඒකට කැමති නෑ. ඒ නිසා රංඩු වෙනවා කියලා දුව කිව්වා.”

අද අහන්න දකින්න ලැබෙන දේත් එක්ක මම ඉක්මන්වෙලා ගත්ත තීරණේ භයානකකම ගැන හිතුනේ ඒ වෙලාවේ. මට ඉන්නේ දුව විතරයි. මම කැමති නෑ එයා අඬනවා බලන්න. ඒ නිසා මම ඒ දරුවාගෙ අම්මලාට කතා කරලා එයා නිල් චිත‍්‍රපටි බලන එක ගැන දැනුම්වත් කළා. එයාලගේ අම්මලත් ඒ දරුවට අවවාද කරලා තිබ්බා.

එදායින් පස්සේ සතියක් විතර ඒ දරුවා අපේ දුවට කතා කරලා නෑ. දවස් දෙක තුනකින් විතර දුවට එයාගේ යාළුවෝ කතා කරලා එයාගේ නිරුවත් ෆොටෝ ඉන්ටනෙට් එකේ තියන බව කියලා තියනවා. මුලින් දුව ඒක මට හැංගුවා. ඒත් අන්තිමට දුව මට ඒ ගැන කිව්වා.

ඒක එහෙම වුණේ කොහොමද කියලා දුව මට කලින් කිව්වේ නෑ. එයා මුලින්ම කිව්වේ එයාගේ ෆේස්බුක් ගිණුමේ තිබුණ ෆොටෝ අරගෙන වෙනස් කරලා හදලා දාලා තියෙන්නේ කියලා. ඒත් ප‍්‍රශ්නෙ ටික ටික දුරදිග ගිය නිසා එයා මට හැමදේම කිව්වා.

අර ළමයාට නිල් චිත‍්‍රපටි බලන්න එපා කිව්වාම එයා කියලා ඒවා නොබලා ඉන්නනම් දුවගෙ පින්තූර එවන්න කියලා. දුව ඒක විශ්වාස කරලා. එයාට තිබුණ ආදරේට, එයා ඒ වගේ දේවලින් ගලවා ගන්න දුවම එයාගේ ෆෝන් එකෙන් පින්තූර අරගෙන ඒ පිරිමි ළමයට යවලා. ඒත් එයා නිල් චිත‍්‍රපටි බලන එක නතර කරලා නෑ. දුව ඒ නිසා නිතරම එයත් එක්ක රණ්ඩු කරලා. අන්තිමට දුව මට කියලා එයාගේ මව්පියන්ට කියලා අවවාද කළ තරහට මගෙ දරුවගෙන් පළිගත්තේ එහෙමයි.

ඔය සිද්ධියෙන් පස්සේ දුව ගොඩක් මානසිකව වැටුණා. හීනෙන් බයවෙලා නැගිට්ටා. ඇඳේ ඉඳගෙන අඬන්න වුණා. මෙයාට ඉස්කෝලේ ගුරුවරුත් ගොඩක් ආදරෙයි. යාළුවොත් ගොඩක් ගරු කළා. ඒත් ඔය සිදුවීම ගොඩක් අය දැනගත්තට පස්සේ එක දිගටම මෙයාට කෝල් ආව අවස්ථා තිබුණා. අද ඒ ගැන කල්පනා කරලම ඒ දුක දරාගන්න බැරුව මෙයා නිහඬ වෙලා. දැන් ඩොක්ටර් කෙනෙක්ට පෙන්නනවා. ඒත් මෙයා ඒ පරිසරයෙන් ඈත් කරන්න  ඕනෑ නිසයි අපි අනුරාධපුරේ ආවේ. ඉස්සර මෙයා ගොඩක් ආසයි උඩමළුවට එන්න. මට  ඕන කොහොම හරි මගෙ අහිංසකීව සනීප කරගන්න.

සැබැවින්ම ඛේදනීය ඉරණමකි. ආදරය සුන්දරය. එම සුන්දර ආදරය තුළ විශ්වාසය, ගෞරවය, ආරක්ෂාව ආදී බොහෝ දේ තිබිය යුතුය. අද පවතින ඒකාකාරී අධ්‍යාපන රටාව මත ළමයින්ගේ පරිකල්පන ශක්තිය හීන වී ඇත. දහම් අධ්‍යාපනයක් නොලබන දරුවෝ පින, පව, සංස්කෘතිය, සදාචාරය, කර්මඵල පිළිබඳ කිසිදු හැඟීමකින් තොරව අර්ථ විරහිත ජීවිත ගත කරති.

rasawitha-02

ඒ වෙතින් නොදැනුවත්වම ඔවුන් ඔවුන්වම විනාශ කර ගනිමින් සමාජය ද කෙළෙසා දමයි. නව තාක්ෂණය අවශ්‍යය. එහෙත් එය භාවිතය දැලි පිහියෙන් කිරි කෑමක් බඳුය. එබැවින් ජීවිතයට අවශ්‍ය දේ තෝරාගෙන අනවශ්‍ය දේ බැහැර කර තාක්ෂණය භාවිත කළ යුතු බව සිහියට ගත යුතුය.



RASAVITHA-02

අද පරිගණක අපරාධ දවසින් දවස වැඩිවෙනවා. ඊට හේතු ලෙස අප දකින්නේ අන්තර්ජාල භාවිතය පිළිබඳ ඇති නොදැනුවත්කම හෝ ගණන් නොගන්නාකම.

විශේෂයෙන්ම පාසල් යන වයසේ දරුවෝ අද ජංගම දුරකථනයත් පරිගණකයක් කරගෙන. හැම වෙලාවෙම අන්තර්ජාලයේ සැරිසරනවා. අද ෆේස්බුක් ගිණුම් බොහෝදෙනෙක් භාවිත කරනවා. ඒත් ෆේස්බුක් එකක් තියෙන්නේ මොකටද කළ යුත්තේ මොනවද කියන සීමා මායිම් දන්නේ නෑ.

සමහර අවස්ථාවල ෆේස්බුක් එකට ලස්සන පින්තූර, වීඩියෝ පට එනවා. ඒවා බලන්න පාස්වර්ඞ් ගහලා ඒ සයිට්වලට යන්න  ඕනෑ. සමහර දේවල් හොඳ වගේම, හොඳ වගේ එන දරුවන්ට අනුචිත බොහෝ දේත් එහි තියෙන්න පුළුවන්. විශේෂයෙන්ම නිරුවත් පින්තූර වගේම අසභ්‍ය වීඩියෝ දර්ශන. මේ වගේ දේවල් බලපුවහම සාමාන්‍ය විදියට ජීවිතය දකින දරුවෙක් අසාමාන්‍ය වෙනවා. ඒකට ඇබ්බැහිවෙනවා. ඒ නිසා අධ්‍යාපනය කඩාවැටීම් සිදුවෙනවා. විශේෂයෙන්ම පාසල් යන දරුවන්ගේ අතට අන්තර්ජාල භාවිතය පත්කරද්දි ඔවුන් යන සයිට්, ඔවුන් බලන කරන දේවල් හොයා බලන්න මව්පියෝ දැනුම්වත්වෙන්න  ඕන.

ඒ වගේම තරුණ ගෑනු ළමයි තමන්ගේ හොඳම යාළුවා, යෙහෙළිය, ඥාතියා, ආදරවන්තයා යන මේ කවුරු කිව්වත් තමන්ගේ නිරුවත් පින්තූර අන්තර්ජාලයට මුදාහරින්න එපා. ඒ වගේම ස්කයිප් එකක් ඉදිරියේ නිරුවත් වෙන්න එපා. අද ළමයි තාවකාලික ගැටලූවලට පිළියම් විදියට අන්ධානුකරණයෙන් අදහන අන්තර්ජාල පෙම්වතුන්ට රැුවටෙනවා. ඔවුන් කියන හැමදේම කරනවා. අන්තිමට ජීවිතය වරද්දා ගන්නවා. අන්තර්ජාල භාවිතයේදී කල්පනාකාරී වෙන්න. ඔබට ආත්ම ගෞරවයක් තියනවා. ඔබ ආරක්ෂා කරගත යුතු දේවල් තියනවා.

ඔබේ මව්පියෝ දිවා රෑ නොබලා මහන්සි වෙන්නේ ඔබේ ජීවිත සුඛිත මුදිත කරන්න. ඒ නිසා එයාලගෙ ජීවිතවලට කඳුළු දීලා, ඔබ සමාජය ඉදිරියේ අසරණවන්න, පිළිකුලට, හිනාවට බඳුන් වන චරිතයක් වෙන්න එපා. බුද්ධිමත්ව අන්තර්ජාලය භාවිත කරන්න. ජීවිතයට වැදගත් යයි පෙනෙන දේ පමණක් ගන්න. ජීවිතයට අනවශ්‍ය දේ එකතු කරගෙන විනාශ වෙන්න එපා.

Friday, February 27, 2015

අඩු මුදලට පරිගණක පාඨමාලා.

1.1

2009 සිට මේ දක්වා සිසුනට නොමිලේ පරිගණකයක් නිවසටම ලබාදෙමින් අප සිදුකරන්නේ අනාගත පරපුර සවිබල ගැන්වීමකි. ඔබ හෝ ඔබේ දරුවායන පරිගණක පාඨමාලව සදහා ඔබ වැය කරන මුදලට සරිලන අද්‍යපනයක් ලැබුනද .. හෘදසාක්ෂියට එකගව එය නැහැ කියා කියන්නට සිදු වේ. සතියකට එක දිනයක් හෝ ආසන්න දින ගණනකදී සිසුන් පිරිසක් සමග ඔබට කියාදෙමින් නෝට් ලබා දෙනු ලැබේ. පැක්ට්‍රිකල්  ලැබෙන්නේ සතියකට පැය 2ක් හෝ ආසන්න කාලයකි. පරිගණකයක් ලග නැති පිරිස එයින් සැහීමකට පත්වේවිද…? සාමාන්යෙන් අවම දිනකට පැය 4ක් වත් පුහුණු විය යුතුය නමුත් ඔබ පුහුණු වන්නේ සතියකටද පැය දෙකකි. ඉතින් අප එයට විසඳුමක් ලෙස ඔබගේ නිවසටම පරිගණකයක් ලබාදෙන්නෙමු .. ඔබ වෙනත් ආයතනයකට යනවිට ඔවුන් ඔබට ලබාදෙන වෙලාවට ය යුතුය. එහෙත් අප ඔබට පහසු වෙලාවක් උදැසන 5.00 සිට රාත්‍රී 10.00 වනතුරු ලබා දී ඇත.  ඔබට පමණක් පුද්ගලිකව කියාදෙන බැවින් සෘජුව ප්‍රශ්න ඇසිය හැක.

  දරුවා පරිගණක පන්ති යනවා කියා වෙනත් තැන්වල යාමේ අවදානමින් මිදීමට අවැසි දෙමවුපියනටද මෙය මහගු පිටුවහලක් වනු ඇත. නිවසේදීම සියලු ඉගැන්වීම් සිදු කරන බැවින් ඔබට දරුවාගේ තත්වය පුද්ගලිකව මෙන්ම අපෙන්ද අසා බලගත හැක. දිඉර්ග කාලයක් පන්ති පවත්වා පළපුරුද්ද අප සතු වන බැවින් දරුවාගේ අද්යාපන තත්වයට ගැලපෙන ලෙස ඉගැන්විය හැක.

  කාර්යාලයේදී පරිගණක භාවිතයට යොමුවන නවක ඔබට ඉක්මන් කෙටි පරිගණක පටමාලාවන් ද අප සතුව පවතී. අපගෙන් අද්‍යාපනය ලැබූ බොහෝදෙනා දැනට බොහෝ ආයතන වල සෙව්කය කරයි.

ඔබගේ නිවාස කටුමැටි පැලක් වුවත් සිවු මහල් ප්‍රසාදයක් වුවත් අප එය පිළිබඳව සිතන්නේ නැත. ඔබගේ රැකියාව ජාතිය කුලය අපට වැදගත් නැත. අපට දැනෙන්නේ ඔබගේ අවශ්‍යතාවය පමණි.  නිවසේ තත්වය පිළිවෙල පිළිබඳව නොසිතා අදම අපට කතාකරන්න දිනයක් සහ වෙලාවක් වෙන්කරගන්න . අපට අවැසි වෙන්නේ පරිගණකය තැබීමට ස්ථානයක්, විදුලි බලය සහ ඔබ පමණි.  

කතාකරන්න : රවීන්ද්‍ර - 075-473407
                      raweendragampola@gmail.com


දරුවාට වගකිමක් ඇති නිවැරදි පරිගණක පාඨමාලාවක්

2.1 

2009 සිට මේ දක්වා සිසුනට නොමිලේ පරිගණකයක් නිවසටම ලබාදෙමින් අප සිදුකරන්නේ අනාගත පරපුර සවිබල ගැන්වීමකි. ඔබ හෝ ඔබේ දරුවායන පරිගණක පාඨමාලව සදහා ඔබ වැය කරන මුදලට සරිලන අද්‍යපනයක් ලැබුනද .. හෘදසාක්ෂියට එකගව එය නැහැ කියා කියන්නට සිදු වේ. සතියකට එක දිනයක් හෝ ආසන්න දින ගණනකදී සිසුන් පිරිසක් සමග ඔබට කියාදෙමින් නෝට් ලබා දෙනු ලැබේ. පැක්ට්‍රිකල්  ලැබෙන්නේ සතියකට පැය 2ක් හෝ ආසන්න කාලයකි. පරිගණකයක් ලග නැති පිරිස එයින් සැහීමකට පත්වේවිද…? සාමාන්යෙන් අවම දිනකට පැය 4ක් වත් පුහුණු විය යුතුය නමුත් ඔබ පුහුණු වන්නේ සතියකටද පැය දෙකකි. ඉතින් අප එයට විසඳුමක් ලෙස ඔබගේ නිවසටම පරිගණකයක් ලබාදෙන්නෙමු .. ඔබ වෙනත් ආයතනයකට යනවිට ඔවුන් ඔබට ලබාදෙන වෙලාවට ය යුතුය. එහෙත් අප ඔබට පහසු වෙලාවක් උදැසන 5.00 සිට රාත්‍රී 10.00 වනතුරු ලබා දී ඇත.  ඔබට පමණක් පුද්ගලිකව කියාදෙන බැවින් සෘජුව ප්‍රශ්න ඇසිය හැක.

  දරුවා පරිගණක පන්ති යනවා කියා වෙනත් තැන්වල යාමේ අවදානමින් මිදීමට අවැසි දෙමවුපියනටද මෙය මහගු පිටුවහලක් වනු ඇත. නිවසේදීම සියලු ඉගැන්වීම් සිදු කරන බැවින් ඔබට දරුවාගේ තත්වය පුද්ගලිකව මෙන්ම අපෙන්ද අසා බලගත හැක. දිඉර්ග කාලයක් පන්ති පවත්වා පළපුරුද්ද අප සතු වන බැවින් දරුවාගේ අද්යාපන තත්වයට ගැලපෙන ලෙස ඉගැන්විය හැක.

  කාර්යාලයේදී පරිගණක භාවිතයට යොමුවන නවක ඔබට ඉක්මන් කෙටි පරිගණක පටමාලාවන් ද අප සතුව පවතී. අපගෙන් අද්‍යාපනය ලැබූ බොහෝදෙනා දැනට බොහෝ ආයතන වල සෙව්කය කරයි.

ඔබගේ නිවාස කටුමැටි පැලක් වුවත් සිවු මහල් ප්‍රසාදයක් වුවත් අප එය පිළිබඳව සිතන්නේ නැත. ඔබගේ රැකියාව ජාතිය කුලය අපට වැදගත් නැත. අපට දැනෙන්නේ ඔබගේ අවශ්‍යතාවය පමණි.  නිවසේ තත්වය පිළිවෙල පිළිබඳව නොසිතා අදම අපට කතාකරන්න දිනයක් සහ වෙලාවක් වෙන්කරගන්න . අපට අවැසි වෙන්නේ පරිගණකය තැබීමට ස්ථානයක්, විදුලි බලය සහ ඔබ පමණි.  

කතාකරන්න : රවීන්ද්‍ර - 075-473407

                      raweendragampola@gmail.com




නිවසට පැමිණ වගකීමෙන් නිවැරදිව පරිගණක ඉගැන්වීම්

3.1

 

2009 සිට මේ දක්වා සිසුනට නොමිලේ පරිගණකයක් නිවසටම ලබාදෙමින් අප සිදුකරන්නේ අනාගත පරපුර සවිබල ගැන්වීමකි. ඔබ හෝ ඔබේ දරුවායන පරිගණක පාඨමාලව සදහා ඔබ වැය කරන මුදලට සරිලන අද්‍යපනයක් ලැබුනද .. හෘදසාක්ෂියට එකගව එය නැහැ කියා කියන්නට සිදු වේ. සතියකට එක දිනයක් හෝ ආසන්න දින ගණනකදී සිසුන් පිරිසක් සමග ඔබට කියාදෙමින් නෝට් ලබා දෙනු ලැබේ. පැක්ට්‍රිකල්  ලැබෙන්නේ සතියකට පැය 2ක් හෝ ආසන්න කාලයකි. පරිගණකයක් ලග නැති පිරිස එයින් සැහීමකට පත්වේවිද…? සාමාන්යෙන් අවම දිනකට පැය 4ක් වත් පුහුණු විය යුතුය නමුත් ඔබ පුහුණු වන්නේ සතියකටද පැය දෙකකි. ඉතින් අප එයට විසඳුමක් ලෙස ඔබගේ නිවසටම පරිගණකයක් ලබාදෙන්නෙමු .. ඔබ වෙනත් ආයතනයකට යනවිට ඔවුන් ඔබට ලබාදෙන වෙලාවට ය යුතුය. එහෙත් අප ඔබට පහසු වෙලාවක් උදැසන 5.00 සිට රාත්‍රී 10.00 වනතුරු ලබා දී ඇත.  ඔබට පමණක් පුද්ගලිකව කියාදෙන බැවින් සෘජුව ප්‍රශ්න ඇසිය හැක.

  දරුවා පරිගණක පන්ති යනවා කියා වෙනත් තැන්වල යාමේ අවදානමින් මිදීමට අවැසි දෙමවුපියනටද මෙය මහගු පිටුවහලක් වනු ඇත. නිවසේදීම සියලු ඉගැන්වීම් සිදු කරන බැවින් ඔබට දරුවාගේ තත්වය පුද්ගලිකව මෙන්ම අපෙන්ද අසා බලගත හැක. දිඉර්ග කාලයක් පන්ති පවත්වා පළපුරුද්ද අප සතු වන බැවින් දරුවාගේ අද්යාපන තත්වයට ගැලපෙන ලෙස ඉගැන්විය හැක.

  කාර්යාලයේදී පරිගණක භාවිතයට යොමුවන නවක ඔබට ඉක්මන් කෙටි පරිගණක පටමාලාවන් ද අප සතුව පවතී. අපගෙන් අද්‍යාපනය ලැබූ බොහෝදෙනා දැනට බොහෝ ආයතන වල සෙව්කය කරයි.

ඔබගේ නිවාස කටුමැටි පැලක් වුවත් සිවු මහල් ප්‍රසාදයක් වුවත් අප එය පිළිබඳව සිතන්නේ නැත. ඔබගේ රැකියාව ජාතිය කුලය අපට වැදගත් නැත. අපට දැනෙන්නේ ඔබගේ අවශ්‍යතාවය පමණි.  නිවසේ තත්වය පිළිවෙල පිළිබඳව නොසිතා අදම අපට කතාකරන්න දිනයක් සහ වෙලාවක් වෙන්කරගන්න . අපට අවැසි වෙන්නේ පරිගණකය තැබීමට ස්ථානයක්, විදුලි බලය සහ ඔබ පමණි.  

කතාකරන්න : රවීන්ද්‍ර - 075-473407

                      raweendragampola@gmail.com

 






(අඩු ගානකට, ගෙදරටම ඇවිත්) MS OFFICE හරියට ඉගනගන්න

4.1

 

2009 සිට මේ දක්වා සිසුනට නොමිලේ පරිගණකයක් නිවසටම ලබාදෙමින් අප සිදුකරන්නේ අනාගත පරපුර සවිබල ගැන්වීමකි. ඔබ හෝ ඔබේ දරුවායන පරිගණක පාඨමාලව සදහා ඔබ වැය කරන මුදලට සරිලන අද්‍යපනයක් ලැබුනද .. හෘදසාක්ෂියට එකගව එය නැහැ කියා කියන්නට සිදු වේ. සතියකට එක දිනයක් හෝ ආසන්න දින ගණනකදී සිසුන් පිරිසක් සමග ඔබට කියාදෙමින් නෝට් ලබා දෙනු ලැබේ. පැක්ට්‍රිකල්  ලැබෙන්නේ සතියකට පැය 2ක් හෝ ආසන්න කාලයකි. පරිගණකයක් ලග නැති පිරිස එයින් සැහීමකට පත්වේවිද…? සාමාන්යෙන් අවම දිනකට පැය 4ක් වත් පුහුණු විය යුතුය නමුත් ඔබ පුහුණු වන්නේ සතියකටද පැය දෙකකි. ඉතින් අප එයට විසඳුමක් ලෙස ඔබගේ නිවසටම පරිගණකයක් ලබාදෙන්නෙමු .. ඔබ වෙනත් ආයතනයකට යනවිට ඔවුන් ඔබට ලබාදෙන වෙලාවට ය යුතුය. එහෙත් අප ඔබට පහසු වෙලාවක් උදැසන 5.00 සිට රාත්‍රී 10.00 වනතුරු ලබා දී ඇත.  ඔබට පමණක් පුද්ගලිකව කියාදෙන බැවින් සෘජුව ප්‍රශ්න ඇසිය හැක.

  දරුවා පරිගණක පන්ති යනවා කියා වෙනත් තැන්වල යාමේ අවදානමින් මිදීමට අවැසි දෙමවුපියනටද මෙය මහගු පිටුවහලක් වනු ඇත. නිවසේදීම සියලු ඉගැන්වීම් සිදු කරන බැවින් ඔබට දරුවාගේ තත්වය පුද්ගලිකව මෙන්ම අපෙන්ද අසා බලගත හැක. දිඉර්ග කාලයක් පන්ති පවත්වා පළපුරුද්ද අප සතු වන බැවින් දරුවාගේ අද්යාපන තත්වයට ගැලපෙන ලෙස ඉගැන්විය හැක.

  කාර්යාලයේදී පරිගණක භාවිතයට යොමුවන නවක ඔබට ඉක්මන් කෙටි පරිගණක පටමාලාවන් ද අප සතුව පවතී. අපගෙන් අද්‍යාපනය ලැබූ බොහෝදෙනා දැනට බොහෝ ආයතන වල සෙව්කය කරයි.

ඔබගේ නිවාස කටුමැටි පැලක් වුවත් සිවු මහල් ප්‍රසාදයක් වුවත් අප එය පිළිබඳව සිතන්නේ නැත. ඔබගේ රැකියාව ජාතිය කුලය අපට වැදගත් නැත. අපට දැනෙන්නේ ඔබගේ අවශ්‍යතාවය පමණි.  නිවසේ තත්වය පිළිවෙල පිළිබඳව නොසිතා අදම අපට කතාකරන්න දිනයක් සහ වෙලාවක් වෙන්කරගන්න . අපට අවැසි වෙන්නේ පරිගණකය තැබීමට ස්ථානයක්, විදුලි බලය සහ ඔබ පමණි.  

කතාකරන්න : රවීන්ද්‍ර - 075-473407

                      raweendragampola@gmail.com

කම්මැලි කමින් ඉන්නේ නැතිව කියක් හරි හොයාගමු…

5

ඔය කැමතිද මාසේකට රුපියල් 1000/- - 5000/- අතර ගානක් ගෙදර ඉදලම වැඩිය මහන්සි වෙන්නේ නැතුව අමතර කිසිම දැනුමක් නැතිව. කට්ට කන්නේ නැතිව හොයාගන්න. රිලෝඩ් එකක් දාගත්තත් මොකද කියල හිතෙනවද. ඔයා  facebook යන ගමන් වුනත් මේ සල්ලි හොයන්න පුළුවන් . ලේසි වැඩි කරන්න තියෙන්නේ ඔය හරියට වැඩේ කරනවානම් සල්ලි ලැබෙන එකට වගකියනවා . අන්තර්ජාලයෙන් මුදල් හෙවිල්ලක් වත් ඔය මුදල් යෙදවීමක් වත් නැතුව ගවුරවාන්විත විදියට හොයාගන්න පුළුවන් සල්ලි ටිකක්. හොදයි නේද දැන්මම කතාකරන්න නැත්නම් මැසේජ් එකක් හරි දාන්න. තව එකක් කියන්න ඕන පොඩ්ඩක් මහන්සි වුනොත් අපි දාල තියන ගානට වැඩ වැඩි ගානක් වුනත් හොයන්න පුළුවන්…

මම රවීන්ද්‍ර : 075-4733407




Friday, February 13, 2015

ආදරවන්තයන්ගේ දිනය (Valentine’s day) මුවාවෙන් පෙබරවාරි 14 එන යක්ෂයා

VALENTINE'S DAY 2015 සුභ පෙම්වතුන්ගේ දිනයක් වීවා

ඔන්න අපේ කොල්ලෝ  බොර දියේ මාළු බන දවසක් ඇවිත්. හොද හොද සෙල්ලම් එකිවෙන ජාමෙට කියලා පෙබරවාරි 14 මුලට දාල කට්ටිය තමන්ගේ වැඩ කරගන්නවා..

                    වැලන්ටයින් දවස හා ඊට ආසන්න දවස් 5 ඇතුලත සෑම වසරකම වයස අවුරුදු 13 -25 අතර ගැහැණු ළමුන් ගෙන් 15-25% අතර ප්‍රමාණයක්  තමන්ගේ කන්‍යා භාවය තම පෙම්වතා හට පුදකිරීම් සිදුවන් බව අනුමාන කෙරෙනවා  ( අපේ අයට තේරෙන විදියටනම් පෙට්ටිය කඩාගැනීම් ) මෙතරම් අවාසනාවන්ත තත්වයක් අපේ රටට උත්ගත උනේ කුමන හේතුව මතද කියන කාරනාව සැලකිල්ලට ගන්න ඔන. මම කලින් ලිපියකින් ඔයාලට කිවුවා..  --නොබලපු අය  බලන්න--

                අපේ කෙල්ලන්ට කියන්න තියෙන්නේ පෙබරවාරි 14 පෙම්වතුන්ගේ දිනයට ඔයා තමන්ගේ මුළු ජීවිතේම පවිත්‍රකම  හෝටල් ගානේ ගිහින් දෙන්න එපා..  ඔයා  ඒ දෙන්නේ ආදරය නෙවෙයි.. එයා  ඒ ගන්නෙත් ආදරය නෙවෙයි. එක රාගය.. සමහර කොල්ලෝ නම් හිතයි පොඩි ආතල් එකක් ගත්තහම මොකෝ කියල. අපිට පොඩි ආතල් එකක් තමයි එත් ඒ කෙල්ල බදින දවසේ පෝරුව මතදී දිවුරන පිරිසිදුකම. මංගල රාත්‍රියේ ( අපේ යට තේරෙන්න නම් හනිමුන් එකේදී ) තමාගේ සැමියා ඉදිරියේ තමාගේ පවිත්‍ර කම පෙන්නන්න තියෙන්නේ ඔච්චරයි. අපේ අය හිතයි හරි මම එයාව බදිනවනේ අවුලක් නැහැ කියලා.. ඔය අයගෙන් කින් කි දෙනෙක් ගෙවල් දෙකෙන්ම දැනගන කරන අයද ඉන්නේ ..? 99% කගේම ගෙවල් වලින් දන්නේ නැහැ.. එත් කෙල්ලන ඔයාල හිතනවා ඔයාල ඔය කන්‍යාභාවය දෙන්න තමන්ගේ අනාගත උරුමක්කාරයට කියලා.. අනාගත උරුමක්කාරය නෙවෙයි අනාගත කරුමක්කාරයා.. එකා ඔයාගෙන් ගන්න ඕන සැප ඔක්කොම අරගන තව කෙල්ලෙක් හොයාගන යනවා. (එහෙම නොවෙන්නත් ගොඩක් දුරට ඉඩ තියනවා. ) එහෙම උනොත් ඔයාට මොකද වෙන්නේ. ඔයා බුට් එක කාල අය මට කොල්ලෝ එපා මම බදින්නේ නැහැ. මටනම් කොල්ලෝ එපා. කියල කියා කියා ඉන්නවා.. ආය කවදාක හරි දවසක කොල්ලෙක් සෙට් වුනහම “ අනේ අයියේ ඔයාට මම හැම දේම කියන්නම් මම කලින් කොල්ල අතින් අනාත වෙලා ඉන්නේ” කියල දවස් තුන හතරකින් වගේ කියනවා. බඩුම තමයි අර කොල්ල හිතනවා මාරු පල්ලම කියල හිතනවා. ඔන්න පොඩි වලියක් දාගන්නවා, දැන් දෙන්න තරහයි කෙල්ල හිතනවා මෙයාව මම නැතිකරගන කොහොමද කියලා. කෙල්ල කියනවා මට ඔයාව හම්බවෙන්න ඕන කියලා කොල්ල එකෙන් පොට පදගන්නවා.. පට්ට චාන්ස් එක කියල. එදායින් පස්සේ අර කෙල්ල කොල්ලගේ අල්ලේ නැටවෙනවා.. කොල්ල කෙල්ලගෙන් ඕන ඕන දේවල් කරගන්නවා.. අන්තිමට කොල්ල කෙල්ලව දාල යනවා.. එතකොට ඉතින් ඉවරයි.. මොකද එතකොට බොහෝ දෙනෙක් දැනගන ඉවරයි ඔය පරවෙච්ච මලක් කියලා.. ඉතින් කොල්ලෝ ය ඔයාගේ පස්සෙන් එන්නේ “මුහුදේ නැවු ගියාට පාරවල් පෙන්නේ නැහැනේ”  කියල හිතාගන… එතකොට ජීවිතේම අදුරේ..

කොල්ලෙක් මොන මගුලක ගියත් එච්චර ගානක් නැහැ “ කියල කියමනක් වගේම  අපේ අය හැමෝම හිතාගන ඉන්නවා.. එත්  එකෙත් වැරද්දක් තියනවා.. මේක 18+ වගේ වුනොත් හරි නැති නිසා මම මේක ගැන වෙනමම ලිපියක් ලියන්නම්..

අපේ කෙල්ලන්ටයි හිත හොද හිත හොද සිරා ලවු කරන කොල්ලන්ටයි කියන්න තියෙන්නේ වැලන්ටයින් දවසේ ( අර කොහේදෝ මගුල් රජෙක්ගේ ලවු එකට උදවු කරපු වැලන්ටයින් කියන බූරුවා මරුන දවස ) ඔයාලගේ සාමාන්‍ය දවසක් වගේ ගෙවන්න. එදා කියල විශේෂයක් එපා අපි හැමදාම අපේ ආදරේ නොවෙනස්ව තියාගමු. අතේ සල්ලි තියන දවසක ආදරේ නාමෙන් තෑග්ගක් අරගන දෙමු . නැති දවසට අදර වදනක් කියල ආදරෙන් ඉමු පුළුවන් හැමදාම තරහ නොවී ඉමු ( එහෙම කිවුවට තරහ නොවීත් කිසි ගතියක් නැති නිසා පොඩ්ඩක් බොරුවට තරහ වෙලා සතුටින් ඉමු )ලස්සන ජීවිතයක් ගතකරමු.. අනවශ්‍ය දේවල් (18+) නොකර ඒවා බැන්දට පස්සේ කරන්න තියාගනන එක හොදයි නේද. නැත්නම් බැන්දහම  කිසිම ගතියක් නැතිවේවි….

මේක ගැන මොනවා හරි අදහසක් තියනවනම් මට කියන්න. බනිනවානම් බනින්න මොකද මම ඇත්ත කියල තියෙන්නේ. ඇත්ත කිවුවහම බැනුම් අහන්නත් වෙන අවස්ථා තියනවනේ …

ඔයාලටත් මේගැන අදහස් තියනවනම් කමෙන්ට් එකක් දාන්න.. පුද්ගලිකව මොනවා හරි කියන්න තියනවනම් මාව සම්බන්ද කරගන්න..

raweendragampola@gmail.com

http://www.facebook.com/slcu.lk

කතාකරන්න 075-4733407




පෙබරවාරි 14 පට්ට ආතල් නේද ඉස්කෝලේ කාලේ මතක්වෙනවා…

මට මතක්වෙන්න් අපි ඉස්කෝලේ ගිය කාලේ අපේ උන් නටපු නාඩගම්.. මම නටුව් නැහැ හොදද.. ඒ කලේ මම ට්‍රයි කරපු කෙල්ලෝ ඔක්කොම වෙන වුන් එක්ක පැටලිලා.. .දැන් තම හිතෙන්නේ දෙයියෝ මගේ මුණ බලල කියලා.. මොකද එහෙම උනානම් අද වෙද්දී මමත් බලා දරුවෝ 10-15 ක් අතේ කරේ එල්ලගන යනවනේ. තාම මම තනිකඩ ජීවිතේ රස බලනවා.. හරි හරි මුණ නරක්කරගන්න එපා වල පල කියවනවා කියලා අපි කෙලින්ම කතාවට බහිමු……..

     ඔන්න ඉස්කෝලේ යන කෙල්ලෝ කොල්ලෝ ගැන බලමු. දැන්නම් 5 වසරේ වුනුත් ලවු කරනවනේ.. (අපේ කාලෙදිත් 5 වසරදී අපේ වුන් කෙල්ලන්ට ලියුම් දීල මාට්ටු වුන රසකතා තියනවා.) ඔන්න ඉතින් අම්ම තාත්ත මහන්සිවෙලා කියක් හරි හොයාගන දුවට පුතාට ඉස්කෝලේ යන්නයි පන්ති යන්නයි කියල කියක් හරි දෙනවා. මුන් එකෙන් වලබැහැල හරි කෙල්ලට මලක් චොකලට් එකක් එහෙම පෙබරවාරි 14 වෙනිදට ගිනියනවා.. කෝ මෙතන නැහැ කියන එක්කනෙක් ඉන්නවනම් මට කියන්න..   එක්කනෙක් වත් කියන්නේ නැහැ නේද. . එකත් ගෙනාවට කෙල්ලට කොල්ලට දෙන්න වෙන්නේ නැහැ නේද.. ඔන්න පෙබරවාරි 14 පන්ති චෙක් කරනවා .ගේට්ටුව ලඟදි බෑග් චෙක් කරනවා. දැන් අපේ වුන් හෙන කපටියි. අපේ අය කරන්නේ 14 වෙනිදට දෙන්න ඕන එක දවසක් දෙකක් පරක්කුවෙලා හරි කලින් හරි දෙනවා.. නැත්තන් මට්ටුනේ.. අපි ඉස්කෝලෙදි ශිෂ්‍යනායකයෝ විදියට ගෙන ඒවා තිතට ඇල්ලුවා මොකද අපේ වුන් චොකලට් තෑගි එහෙම කඩෙන් ගන්නේ නැහැනේ. එයාල අර අහුවෙන ඒවා පොඩි වුන්ගෙන් අරගන අපේ උන්දලා කෙල්ලොන්ට දෙනවා එයාල දුක් මහන්සියෙන් හම්බකලා වගේ .. මම කාටවත් දුන්නේ නැති වුනාට වැදගත් ශිෂ්‍ය නායකයෙකු විදියට මත්වෙනකන් චොකලට් කෑවා..  එහෙම හොදයි නේද ඔය කොහෙවත් යන එක එක කෙල්ලන්ට දෙනවට වඩා.. හැබැයි ඉස්කෝලේ කලේ වැලන්ටයින් එකට චොකලට් තෑගි එහෙම දුන්න යාලුවොන්ගෙන් එකෙක්වත් ඒ කෙල්ලෙක් එක්ක පවුල් කවෙනම් නැහැ.. අපරාදේ නේද.. අපිට කන්න තිබ්බ චොකලට් නේද…

ඔයාලටත් මේගැන අදහස් තියනවනම් කමෙන්ට් එකක් දාන්න.. පුද්ගලිකව මොනවා හරි කියන්න තියනවනම් මාව සම්බන්ද කරගන්න..

raweendragampola@gmail.com

http://www.facebook.com/slcu.lk

කතාකරන්න 075-4733407




ආදරවන්තයන්ගේ දිනය (වැලන්ටයින්) ආරම්භය ගැන දැනගමු ..

 2015 HAPPY VALANTINE DAY අආදරවන්තයන්ගේ දිනය 2015

ඔන්න යාලුවනේ පෙබරවාරි මාසේ ඇත ලග. පෙබරවාරි 14 වෙනිදට දැම්ම ඉදල කස්ටිය ලෑස්තිය.. හත්වලාමයි කියල මට මතක්වෙන්නේ අපේ අය මුල දැනගන්නේ නැතුව මේක සමරන එක ගැනයි. අපේ උන්දලා අපේම කියන අපේ කම අගට දැනෙන සිංහල අවුරුද්දට වඩා, අපේ සිතට සැනසිල්ලක් ගෙන අපේ බුදුහාමුදුරුවන්ගේ තෙමගුල සිහිකරන වෙසක් තෙමගුල, පොසොන් උත්සවය අඩුම අම්මගේ තාත්තගේ උපන්දිනේටත් වඩා ආදරවන්තයින්ගේ දිනේට සැරසනවා. අනේ කාලේ වනේ වාසේ කිවුවලු.. අපේ උන්දලට වෙච්ච දෙයක් මම හැමෝටම දැනගන්න වැලන්ටයින් කියන මගුල් දවස ගැන කියන්නම්.. අපේ අය අම්මගේ තාත්තගේ උපන්දිනේට තෑගි අරගන දෙනවා තිය එදාට අම්මට තාත්තට සුභාපතන්නේ නැති අය කෙල්ලට දෙන්න කොල්ලන්ට දෙන්න තෑගි ග්ඵන්න සති ගණන් හොයනවා.. මේ විස්තරේ 100% ඇත්ත කතාව. මම පොඩිකාලේ දැනගත්තේ ඒ කාලේ ලංකාවේ වැලන්ටයින් කියන දේ එච්චරම දන්නෙවත් නැති කාලයක..  පොඩිකාලේ අහපු දෙයක් නිසා නම් ගම මතක නැහැ හරියට විස්තර දන්නා යාලුවෙක් ඉන්නවනම් මට විස්තර ටික කියන්න.

ඔන්න බටහිර රටක රජ කෙනෙක්ගේ  පුතෙක් හිටියලු ,  තේරෙන විදියට කිවුවොත්  රාජ කුමාරයෙක් හිටියලු. එයට දවසක් අහම්බෙන් ලස්සන කුමාරිකාවක් මුණගැහුනලු.. ඉතින් මේ කුමාරයාට කුමාරි ගැන ආදරයක් ඇති උනාලු වැඩිය විස්තර  දන්නෙත් නැහැ . පොඩි පොඩි විස්තර ටිකක් හොයාගත්තලු. ඔන්න දන් කුමාරයාට මාර ෂොක්  එක කෙල්ල කුමාරිව බලන්නේ නැතුව ( අපේ අයත් කෙල්ලෙක් හිතට වැදුනම බෝක්කු ගානේ බස් හෝල්ට් ගානේ කඩ ගානේ ශෝපින්ග් සෙන්ටෙර් ගානේ යනවනේ ) රජ කුමාරයා තමන්ගේ හිතවත්ම සේවකස්යෙක්ව මේකට සම්බන්ද කරගත්ත එයා මාර්ගයෙන් මේ දෙන්න පණිවිඩ හුවමාරු කරගත්තා. අද වගේ SMS ඊ මේල් ෆේස්බුක් ටුවිටර් G+ වගේ ඒවා තිබ්බේ නැහැනේ. අනේ ඉතින් බොහොම අමාරුවෙන් මේ ලවු එක ඇදගන ගියාලු . රෝමියෝ ජුලියට් වගේ නොවුනට ප්‍රශ්න නම් අඩුවක් තිබුනෙම නැතිලු. කොහොමින් කොහොමින් හරි අපේ කතා නායක කුමාරයා ඔන්න කුමාරිකාව කරකර බන්දලු.. විවාහ ප්‍රාර්ථ උනාලු. ඊට පස්සේ නම් දෙන්න සතුටින් හිටියලු කුමාරයාගේ තාත්ත  පිය රජුගේ අභාවයෙන් පසුව මෙයා රජ වුනාලු. අන්න එතැනදී ආය අර පණිවිඩ හුවමාරු කරපු පුද්ගලයාව මතක්වෙනවා. රජතුමා සහ රැජින අරයට හොදින් සැලකුවාලු .. මොකද තමන්ගේ ආදරයට උදවූ කරපු කෙනනේ. ඔහොම කාලය ගතවෙද්දී අර ආදර කුරුල්ලා හදිසි ලෙඩකින් මෙලොව දාල ගියාලු. හත්වලාමයි “වහාම රාජ්‍ය ශෝක දිනයක් නම්කරන්න “ රජතුමා එහෙම කිවුවේ නැහැ. එයා එදා විශේෂ දිනයක් කලා. එදාට හැමදාම ඒ දෙන්න ආදරෙන් සැමරුවා. එක සාමාන්‍ය ජනතාවත් සමරන්න පටන් ගත්ත. රජතුමා ආදරේ නාමයෙන් සමරන නිසා එදා ආදර වන්තයන්ගේ දිනය වුනා. කුමාරයා කුමරියට යවපු පලවෙනි තෑග්ග රෝස මලක් නිසා එදාට ගොඩක් අදර වන්තයෝ රෝස මල් දෙනවා.. චොකලට් නම් සමාගම් පුරුදු කරපු දෙයක්. තව දෙයක් අපේ කතානායකස් කුමාරයට උදවූ කරපු කෙනාගේ නම “වැලන්ටයින්” .. හික් හික් හික් …

       අපේ වුන් මහා ලොකුවට ආදරේ කියා කියා සමරන්නේ අර වැලන්ටයින් ලොක්ක මරුන දවස බන් .. හික් හික් හික්.. මටනම් දුකේ බැරුවා …… කටින් විතරක් නෙවෙයි අනිත් පැත්තෙනුත් හිනා යනවා  .     ආදරේ කරන එක හැමදාම කරන්න එක දවසකට සිමා වෙන්න එපා ……..

 

ඔයාලටත් මේගැන අදහස් තියනවනම් කමෙන්ට් එකක් දාන්න.. පුද්ගලිකව මොනවා හරි කියන්න තියනවනම් මාව සම්බන්ද කරගන්න..

raweendragampola@gmail.com

http://www.facebook.com/slcu.lk

කතාකරන්න 075-4733407

Wednesday, February 11, 2015

ජීවිතයට බුදුදහමෙන් බිඳක් (බුද්ධාගම සහ සමාජය)

 ජීවිතයට බුදුදහමෙන් බිඳක්

සම්ප්‍රදායික ලෙසින් ථේරවාද බුද්ධාගම ගිහි සහ පැවිදි (පුරාතනයේ භික්ෂුණී ද ඇතුලත් වුනි) යන දෙපක්ෂයට සුදුසු පිළිවෙත් අතර පැහැදිලි වෙනසක් පිළිගෙන තිබේ. ධර්මාවබෝධයට හැකියාව ගිහියන්ට ද ඇති බව ථේරවාද පිළිගෙන ඇත. ඊට ථේරවාදයේ දී ලැබෙන තැන මහායානයේ සහ වජිරයානයේ ලැබෙන තැනට වඩා අඩු වැදගත්කමකින් යුතු වූවකි. මේ වෙනස, සහ පාලි ත්‍රිපිටකයේ සඳහන් වෙන ගිහි පැවිදි වෙනස් පිළිවෙත් ද, එසේම පැවිද්දන් විසින් අනුගමනය කරන ජනතාවගේ ආගමික උත්සව ද, යනාදිය විමසන සමහර විද්‍යාර්ථීන් ගේ අදහස වනුයේ ථේරවාද බුද්ධාගම විවිධ සම්ප්‍රදායන් කිහිපයක් එකතු වී සැකසී ඇත්තක් කියාය. ඒවා අතර වෙනස්කම් දැකිය හැකි වුවත් ඒවා එකින් එක සංකලනයක් ද වී ඇති බවයි. මානවවේදී මෙල්ෆෝර්ඩ් ස්පීරෝ (Melford Spiro) සිය "බුද්ධාගම සහ සමාජය" (Buddhism and Society) යන කෘතියේ බුරුම ථේරවාද සම්ප්‍රදායන් තුනක් වර්ග කරයි: නපුරු භූතාත්ම පළවා හරින මන්තර ගුරුකම් සමන්විත බුද්ධාගම (Apotropaic Buddhism), අනාගත උප්පත්තියක් සඳහා පින් එකතු කරන බුද්ධාගම (Kammatic Buddhism), ත්‍රිපිටකයේ සඳහන් ලෙසින් වූ නිබ්බාන විමුක්තිය සොයා යන බුද්ධාගම (Nibbanic Buddhism). ඔහු තරයේ කියා සිටින්නේ මේ අදහස් තුනම පාලි ත්‍රිපිටකයේ අන්තර්ගත බවයි. එහෙත් මේ වර්ග කිරීම් තුන සියළු විද්‍යාර්ථීන් විසින් පිළිගෙන නොමැති වූවකි.

ගිහියන්ගේ කාර්ය භාරය ප්‍රධාන වශයෙන් පින් අනුමෝදන් කරන ලෙසින් වූවක් බව සාම්ප්‍රදායික පිළිගැනීමයි. මෙය ස්පීරෝගේ කර්ම බුද්ධාගම යන වර්ගයට අයිති වෙයි. පින් අනුමෝදන් කරගන්නට හැකි ක්‍රියාවන් ලෙසින් පූජ්‍ය පක්ෂයට ආහාර සහ අනෙකුත් මූලික අවශ්‍යතා සැපයීම, පංසල් හා ආශ්‍රම වලට ආධාර කිරීම, බුද්ධ ප්‍රතිමා ඉදිරියේ හඳුන්කූරු හා පහන් පත්තු කිරීම සහ පාලි ත්‍රිපිටකයේ එන ගාථා සජ්ක්ධායනය කිරීම යනාදියයි. සමහර ගිහි බෞද්ධයන් ආගමික කටයුතු වල වැඩි ක්‍රියාකාරීත්වයකින් කටයුතු කරති. පන්සල් වල මුදල් බාරකරුවන් සහ කළමනාකරණ පාලකයන් වශයෙන් ගැහැණු සහ පිරිමි දෙක ම ක්‍රියාශීලී වීම ආගමික කටයුතු වල නියැළෙන ගිහියන් අතරින් සැමදා දැකිය හැකි විය. අනිත් සමහර ගිහියන් අතර තම පළාතේ පූජ්‍ය පක්ෂය වෙනුවෙන් ආහාර පිසීම, සුද්ද පවිත්‍ර කිරීම හා පන්සල් භූමිය පවත්වා ගෙන යෑම වැනි කටයුතු වල නියැළෙන ආකාරය ද දැකි හැකිය. ගිහියන් අතින් කෙරෙන කටයුතු වල දී පාලි ත්‍රිපිටකය අධ්‍යයනයට හෝ බෞද්ධ භාවනා පිළිවෙත් අනුගමනය සඳහා ඉඩක් තිබි ඒවා නොවීය. 20 වැනි සියවසේ දී මේ සඳහා ඉඩ තායිලන්ත සමාජයේ වැනි සමහර ස්ථාන වල දී ගිහියන්ට ඉඩකඩක් ලැබී ඇත.

තායි වනගත සම්ප්‍රදායට අයත් වන බුද්ධදාස නොහොත් අජාන් බුද්ධදාස, ලුආන්ග් ටා මහා බුආ (Luang Ta Maha Bua), අජාන් (Ajahn) ප්ලියෙන් පන්‍යාපතිපෝ (Plien Panyapatipo), අජාන් පසන්නෝ (Ajahn Pasanno), සහ අජාන් ජයසාරෝ (Ajahn Jayasaro), යනාදීන් ආරණ්‍යයන් වලින් බැහැරව ගිහියන් සඳහා භාවානා මධ්‍යස්ථානය ඉදි කළහ.

එංගලන්තයේ අජාන් මුන් (Ajahn Mun) ගේ ගෝලයෙක් වූ අජාන් චාහ් (Ajahn Chah) විසින් වෙස්ට් සසෙක්ස් පෙදෙසේ චිට්හර්ස්ට් හි ආරණ්‍යගත සම්ප්‍රදායක් චිත්තවිවේක (Cittaviveka) නමින් ආරම්භ කරන ලද්දේ ඔහුගේ ගෝලයෙකු වූ අජාන් සුමේධෝ (Ajahn Sumedho) සමඟ ය. හර්ට්ෆෝර්ඩ්ෂයර් හි අමරාවතී (Amaravati) පටන් ගත්තේ ගිහියන්ට සමාජයෙන් හුදකලා වී භාවනා කිරීම සඳහා ය. අජාන් සුමේධෝ විසින් මෙම සම්ප්‍රදාය තව දුරටත් පතුරවමින් නෝදම්බලන්ඩ් හි හාර්න්හැම් වෙත ගෙන යන ලදි.

එය වර්තමානයේ අජාන් චාහ් ගේ තවත් ගෝලයෙකු වන අජාන් මුනින්දෝ මාර්ගෝපදේශය යටතේ සිද්ධ වෙන්නකි.

ථේරවාද බුද්ධාගමේ ඉහළ ම ඉලක්කය වූ නිබ්බාන, අයත් කරගන්නේ සද්ගුණය අධ්‍යයනයෙන් හා එය එදිනෙදා ජීවිතයේ දී පාවිච්චියට ගැනීමෙනි. මෙය භාවනාව සහ සීල, සමාධි, ප්‍රඥා යන සියල්ලෙන් සිද්ධ වෙන්නකි. නිබ්බාන යන ඉලක්කය කරා යෑම සාර්ථකව කරත හැකි යැයි සාමාන්‍යයෙන් සැලකුනේ උපසම්පදාව ලත් ආරණ්‍යගත භික්ෂුවකට කියාය. නිබ්බාන සොයා නොයන අරමුණින් යුතුව ඒ ක්‍රියාදාමයන් ගිහියන්ට ද තම ජීවිතයේ සතුට සඳහා පාවිච්චියට ගත හැකිය. ථේරවාද බුද්ධාගමේ සඳහන් වනගත සම්ප්‍රදාය පුළුල් වශයෙන් විස්තර කරන විට එය නාගරික විද්‍යාර්ථී භික්ෂූන් සහ වනගත භාවනාවේ යෙදෙන භික්ෂුව අතර වෙනසක් සේ දැකිය හැකිය. එහෙත් මේ දෙකොටසම තම සමාජයේ ආගමික ගුරුවරුන් ලෙසින් කටයුතු කරති. ආගමික උත්සව වල දී මූලිකත්වය ගනිති.

විද්‍යාර්ථීන් භික්ෂූන් ථේරවාදයේ ඇති පාලි සාහිත්‍ය හදාරන උත්සාහයේ යෙදී සිටිති. ඔවුන් ටික කාලයක් භාවනාවට යොදවනු ද ඇත. එහෙත් වඩා ගෞරවයක් හා පිළිගැනීමකට ලක් වෙන්නේ පාලි ත්‍රිපිටකය සහ අට්ඨකතා හදාරා ඒ ධර්ම ජනතාවට කියා දීමෙනි. අභිධම්මය උගත් අයෙක් වීමෙනි.

භාවනා කරන භික්ෂූන්, බොහෝවිට වනගත භික්ෂූන් යැයි සැලකෙන අය, එසේ හැඳින්වෙන්නේ ඔවුන් කැලෑ අසබඩ පෙදෙස් වල තම භාවනා පිළිවෙත් පවත්වා ගෙන යෑම නිසයි. සමහර වනගත භික්ෂූන් පාලි ත්‍රිපිටකය හැදැරීම කාලයක් වැය කරතත් වැඩියෙන් භාවනා කටයුතු වල නිරත වෙන්නෝ ය. ඒ භික්ෂූන් තම භාවනා අත්දැකීම් වලින් තමන්ගේ ම ගුරුවරුන් වෙන අයයි. ත්‍රිපිටකය ගැන වැඩියෙන් නොදත්ත ද, මූලික බෞද්ධ ධර්මය ගැන දන්නා අය වෙති. ධර්මය හදාරන සම්ප්‍රදායට වඩා වනගත සම්ප්‍රදාය ඉලක්ක කරගන්නේ පාලි මූලාශ්‍ර සහ ජන සම්ප්‍රදායේ එන අද්භූත බලයන් ලබා ගැනීමටයි. මේ බලයන් නිබ්බාන කරා යන්නට ද, අන් අයෙකුගේ මනසේ ඇති අදහස් දැනගන්නට ද, භෞතික වස්තූන් දමනය කරන්නට ද, දෙවියන් සහ අපායගත වූවන් සමඟ සංවාදයේ යෙදෙන්නට ද, පෙර ආත්ම ගැන මතකයක් ඇති කරගන්නට ද ධර්මය හදාරන සම්ප්‍රදායට වඩා උපකාරී වෙයි. මෙම බලය හැඳින්වෙන්නේ අභින්නා (abhiñña) යනුවෙනි. සමහර අවස්ථා වල දී, යහපත් වනගත භික්ෂූවකගේ භූමදාන කරන ලද ඇටකටු යනාදිය පළිඟු මෙන් වූ ධාතු (sãrira-dhãtu) බවට පත් වේ යැයි වනගත සම්ප්‍රදායේ දී සැලකේ.

භික්ෂු සම්පදාව

පිළිසිඳගත් දා සිට කරන වසර ගණනයෙන් අඩුම ගානේ වයස විස්සක් වත් සපුරා තිබීම භික්ෂු සම්පදාවට අවශ්‍ය යැයි සැලකේ. එහෙත් ඒ වයසට වඩා අඩු වයසේ පිරිමි ළමුන් සාමනේර වශයෙන් සම්පදාවට එකතු කරගත හැකිය. බුරුමයේ මේ උත්සවය හැඳින්වෙන්නේ ෂින්බ්‍යු (Shinbyu) නමින්. සාමනේරවහන්සේලාගේ හිස් බූ ගා, කසා වත් පළඳා, පන්සිල් පද දහයක් සමාදන් වීම මෙහිදී සිද්ධ වෙන්නකි. ත්‍රිපිටකයේ හෝ වෙනත් බෞද්ධ ලියැකියවිලි වල භික්ෂු සම්පදාවට ඇතුල්වෙන අඩුම වයස ගැන විශේෂ සඳහනක් නැති වුව ද, සාම්ප්‍රදායික වශයෙන් වයස හතෙන් පමණ පිරිමි දරුවන් සම්පදාවට ඇතුල් කර ගැනේ. මෙම සම්ප්‍රදාය පැවැත එන්නේ බුදුන්ගේ පුත්‍රයා වූ රාහුලයන්ට වයස හතේ දී සාමනේර වන්නට ඉඩ ලැබි නිසාය. භික්ෂූන් විසින් ශික්ෂණ රීති 227 ක් ද භික්ෂූණී විසින් ශික්ෂණ රීති 311 ක් ද පිළිපැදිය යුතුය.

බහුතර ථේරවාද රටවල, සීමිත කාලයක් තුල සම්පදාවේ සිටීම සාමාන්‍ය සිරිතකි. තායිලන්තයේ සහ බුරුමයේ වස්සාන කාලය නම් හැඳින්වෙන මාස තුන තුල දී තරුණ පිරිමි සම්පදාවේ යෙදෙති. එහෙත් ඊට වඩා කෙටි කාල හා දිගු කාල සීමාවන් වල සම්පදාවේ සිටීම ද දුලබ නොවේ. සාම්ප්‍රදායික වශයෙන් තාවකාලික සම්පදාව ඊටත් වඩා නම්‍යශීලී බවකින් ලාඕස් හි පැවතෙන්නකි. තරුණ පිරිමි ලෙසින් පළමු සම්පදාවෙන් පසුව ලාඕස් හි පිරිමින්ට තාවකාලික සම්පදාව අනතුරුව ඕනෑම අවස්ථාවක දී ඇතුල්වන්නට හැකි වූවකි. විවාහක පිරිමි තම භාර්යාවන්ගේ අවසරය ලබාගත යුතුයි. දකුණු දිග ආසියාව පුරා භික්ෂු සම්පදාවෙන් ඉවත්වීම ගැන එතරම් අපකීර්තියක් නැත. අධ්‍යාපනයෙන් පසු හෝ පවුලේ යුතුකම් ඉටු කරන්නට හෝ රෝග තත්වයන් නිසා සංඝයා සම්පදාවෙන් නිතරම ඉවත් වෙති.

කෙටි කාලයකට වුව ද භික්ෂුවක් ලෙසින් සම්පදාව ලැබීම බොහෝ සද්ගුණයෙන් පිරි වූ තත්වයක් ලෙස සැලකේ. දකුණු දිග ආසියානු බොහෝ රටවල එය සැලකෙන්නේ තම දෙමව්පියන් තමන් හදා වඩා ඇතිදැඩි කිරීම පිණිස ගෙවන ණයක් හැටියට ය. සම්පදාවකට ඇතුල්වෙන අයෙක් නිසා ඔහුගේ දෙමව්පියන්ට ද පින් අනුමෝදන් වේ. භික්ෂූන් වූ තායි පිරිමි විවාහක සහකරුවන් සඳහා වඩා සුදුසු වූවෝ යැයි මතයක් තායි කාන්තාවන් අතර සැලකේ. ඔවුන් එසේ භික්ෂුවක් වී සිට විවාහයට පිවිසෙන පිරිමියෙක් මුහුකුරා ගිය විවාහයට සූදානම් වූ 'හොඳට පැසුණු' යන හැඟීමෙන් සලකති. විශේෂයෙන් ම තායිලන්තයේ ගම්බද පෙදෙස්වල තාවකාලිකව භික්ෂු සම්පදාවට පිවිසීම සාමාන්‍යයක් වූ නිසා, දිගටම පැවිදි ජීවිතයේ ඉන්නට සිද්ධ නොවී, පිරිමි දරුවන්ට හා තරුණයන්ට පංසල් පාසැල් වලින් අධ්‍යාපනයක් ලබන්නටත් අවස්ථාව ලැබිණ.

ශ්‍රී ලංකාවේ තාවකාලික සම්ප්‍රදාව පැවතෙන්නේ නැත. පැවිදි ජීවිතයෙන් ඉවත් වීම අපකීර්තියක් ලෙසින් සැලකේ. තවමත් පැවතෙන කුල භේදය නිසා තාවකාලික සම්පදාව සහ පැවිදි ජීවිතයෙන් ඉවත්වීම සමාජ තහංචියකි. ශ්‍රී ලංකාවේ සංඝ නිකායන් කුල අනුව සංවිධානය වී ඇතත්, සම්පදාවට ඇතුල්වෙන පිරිමින්ට තාවකාලිකව සාමාන්‍ය කුල පද්ධතියෙන් බැහැරව සිටිය හැකිය. එනම් ඔවුන් භික්ෂුවක් ලෙසින් ඉන්නා කාලය තුල දී කරන කටයුතු හා සමාජයෙන් භික්ෂුවකට ලැබෙන සැලකිලි, ඔහු උපන් කුලය අනුව නොව භික්ෂුවක් නිසා ලැබෙන තත්වයට අනුචිත වෙනස් සැලකිලි වෙයි.

සුප්‍රසිද්ධ ථේරවාද හිමිවරු මෙසේය: අජාන් මුන් භූරිදත්ත (Ajahn Mun Bhuridatta), අජාන් චාහ් (Ajahn Chah), අජාන් ප්ලියෙන් පන්යාපාතිපෝ (Ajahn Plien Panyapatipo), අජාන් සුමේධෝ (Ajahn Sumedho), අජාන් බ්‍රාහ්ම් (Ajahn Brahm), භික්කු බෝධි (Bhikkhu Bodhi), බුද්ධදාස, මහාසි සයදව් (Mahasi Sayadaw), න්‍යානපොනික ථෙර (Nyanaponika Thera), ප්‍රියාහ් මහා ඝෝෂානන්ද (Preah Maha Ghosananda), සයදව් යූ පන්ඩිත (Sayadaw U Pandita), අජාන් අමරෝ (Ajahn Amaro), තනිස්සරෝ භික්කු (Thanissaro Bhikkhu) සහ වල්පොල රාහුල.

සඟ පිළිවෙත්

ථේරවාද සම්ප්‍රදාය තුල විවිධ අනු පාසැල් හා ආශ්‍රම විසින් පිළිපදින පිළිවෙත් විවිධ වෙති. එහෙත් බොහෝ සත්‍ය ලබ්ධික වනගත සම්ප්‍රදායේ භික්ෂූන් අතර දකින්න ලැබෙන්නේ බුදුන් සහ ඔහුගේ මුල් පරම්පරාවේ අනුගාමිකයන් විසින් පිළිපදින ලද පිළිවෙත් අනුගමනයයි. එනම් කෑලෑ, කඳු සහ ලෙන් වැනි ස්වභාව ධර්මය ආශ්‍රිතව ජීවත්වීමය. වනගත සම්ප්‍රදායේ පැරණි බෞද්ධ පිළිවෙත් තවමත් එලෙසින්ම සියළු අංගයන්ට දක්වන සැලකිල්ලෙන් සහ හුදෙකලා කැලෑවල භාවනාව දියුණු කිරීමෙන් යුතුව සිද්ධ වෙයි.

වස්සාන කාලයේ සාමාන්‍යයෙන් මාස තුනක කාලයක් දිනපතා චර්යාවේ යෙදෙන භික්ෂුවක් හිරු පායන්නට පෙර අවදි වෙයි. දිනය ආරම්භ කරන්නේ ගාථා කීමෙන් සහ භාවනාවෙනි. අරුණෝදයේ උදාවත් සමඟ පා ආවරණ නැති භික්ෂූන් පාත්‍රයක් රැගෙන අවට ගම්මාන වලට දන් ලබාගනු පිණිස පිණ්ඩපාත ගමනේ යෙදෙති. දහවල් දොළහට පෙර එක් ආහාර වේලක් පමණක් වළඳනු ලැබේ. තම පාත්‍රයට එකතු කරගත් අහර අතින් වැළඳීම සිදුවේ. වඩා කාලය ගෙවන්නේ ධර්මය ඉගෙන ගන්නටත් භාවනා කිරීම පිණිසත්ය. සමහර අවස්ථාවල දී ආශ්‍රමාධිපති හෝ ජ්යෙෂ්ඨ භික්ෂුවක් විසින් පැමිණ සිටින අමුත්තන්ට ධර්ම දේශනාවක් පවත්වයි. මේ ආරාම වල නවතින ගිහියන් සාම්ප්‍රදායික බෞද්ධ ශික්ෂාපද අට සමාදන් විය යුතුය.

වස්සාන කාලය අවසානයේ දී බොහෝ භික්ෂූන් ආරණ්‍ය වලින් බොහෝ හුදකලා වූ පෙදෙස් (බොහෝවිට කැලෑ වලට) යති. එහි දී ඔවුන් ස්වයං දියුණුව වර්ධනය කරන වැඩ පිළිවෙත් අනුගමනයේ යෙදෙති. ඔවුන් මෙසේ දුර බැහැර ගමන් කරද්දී, පාවහන් නොමැතිව ඔවුන් හිතෙන පැත්තකට ඇවිදිති. අවශ්‍යතා අල්පයක් පමණක් නිතරම ඔවුන් රැගෙන යති. ඒවා නම් අහාර වළඳන පාත්‍රය, සිවුරු තුනක්, අඳන කඩයක්, කුඩයක්, මදුරු දැලක්, වතුර කේතලයක්, වතුර පෙරන්නක්, දැළි පිහියක්, සෙරෙප්පු යුගලක්, කුඩා ඉටිපන්දම් කිහිපයක් සහ ඉටිපන්දම් ලාම්පුවක්.

ශ්‍රී ලංකාවේ ථේරවාද සම්ප්‍රදාය අට පිරිකර හා දොළොස් පිරිකර ලෙසින් භික්ෂූන්ට දෙන දානයන් හඳුන්වති. මක්ඣිම නිකායේ විභංග වග්ගයේ දක්ඛිණා විභංග සූත්‍රයේ කියැවෙන දාන වර්ග 14 ක් ඔවුන් පෙන්වා දෙති. ඒවා අතරින් වඩාත් ආනිසංස ලැබෙන දානය සේ සැලකෙන්නේ බුදුන් ප්‍රමුණ සංඝයාට පිරිනමන දානය යැයි කියයි. අට පිරිකර ලෙසින් සැලකෙනුයේ තුන් සිවුරැ වෙයි. ඊට දෙපට සිවුරු, තනිපට සිවුර හා අඳන කඩය ඇතුලත්ය. චීවරය හෙවත් සිවුර මැසිය යුතු ආකාරය ද විස්තරයක් ඇත. පිණ්ඩපාතයේ යන ප්‍රාතය ද අට පිරිකරට අයත් වන අනිවාර්ය අංගයකි. දත්තකට්ඨ නම් දත් මදින දැහැට්ට නොහොත් දැහැටි කුරු ගැන ද සඳහන් වුවත් වර්තමානයේ අට පිරිකරට එකතු කරන්නේ දැළි පිහියකි. වර්තමානයේ අට පිරිකරට එකතු කරන දැළි පිහිය පාවිච්චියට ගත නොහැකි සංකේත තලයක් පමණි. එකාසූචි නොහොත් එක ඉඳිකටුවක් ද ඇතුලත් විය යුතු අතර අද එය සමඟ නූල් පන්දුවක් ද ඇතුලත් කරනු ලබයි. කාය බන්ධනං නොහොත් අඳන කඩය හැඳි විට එය ලිහිල් වී ඇද නොහැලෙන සේ ඉනවටා බැඳ තබන රෙදි පටියක් ද ඇතුලත්ය. එය තවමත් සිවුරු පටියකින් ම නිමැවෙන්නකි. පරිස්සාවත යනුවෙන් හැඳින්වෙන්නේ පෙරහන් කඩයයි. පානයට පෙර වතුර පෙරා ගැනීමට එය භාවිතා කරගනියි. දීඝ නිකායට එකතු වන අටුවාවක සඳහන් පරිදි නව පිරිකර සඳහා යහනට දමන ඇතිරිල්ලක් ද ඇතුලත්ය. භාවනානුයෝගී භික්ෂූන් අතර දකින්නට ලැබෙන්නකි. දස පිරිකරය වන්නේ භික්ෂුවට හිඳ ගන්නා පිණිස එළන සම්කඩයයි. එය වර්තමානයේ දී පත්කඩය සේ සැලකේ. වන්දනාමානයේ සහ භාවනාවේ දී බිම එළා ගැනීම සඳහා භාවිතා කරන්නකි. එකළොස් වන පිරිකරය සැරටියක් හෝ තෙල් බෝතලයකි. දොළොස් පිරිකර වන්නේ කුඩය හා පාවහන් යුගලයි.

ඇවිදින හෝ වාඩි වී කරන භාවනා සඳහා භික්ෂූන් විසින් කාලයක් තීරණය නොකරති. ඉඩක් ලැබුණු වහාම ඒවායේ නියැළීම සාමාන්‍ය සිරිතයි. එසේම කොපමණ කාලයක් පුරා භාවනාවේ යෙදෙනවා ද යන්නත් කළින් තීරණය නොකරන්නකි. සමහර භික්ෂූන් සවස් කාලයේ සිට උදේ පහන් වෙනතුරු ඇවිදින අතර තවත් අවස්ථා වල දී ඔවුන් පැය දෙකක් හා හතක් අතර කාලයක් ඇවිදිති. සමහර භික්ෂූන් ආහාර නොමැතිව කිහිප දිනක් ගෙවනු ඇත. සමහර අවස්ථා වල දී අවදානම් ස්ථාන වල හෝ බියකුරු සත්තු ගැවසෙන ස්ථාන වල ජීවත්වෙමින් භාවනාවේ යෙදෙනු ඇත.

ඉහළ මට්ටමක් කරා යන්නට හැකි වූ භික්ෂූන් විසින් තමන් යටතේ ඉන්නා කනිෂ්ඨ භික්ෂූන්ට මාර්ගෝපදේශනය ලබාදෙන්නට සමත් වෙති. ගිහියන්ට ද අධ්‍යාත්මික වර්ධනයට උදව් වෙති.

ගිහි බැතිමතුන්

පාලි වචනයකින් පිරිමි බැතිමතා හැඳින්වෙන්නේ උපාසක නමිනි. ගැහැණු බැතිමතා උපාසිකාව යැයි හැඳින්වේ. ගිහියන්ගේ එක් යුතුකමක් නම් බුදුන් කියා දී ඇති පරිදි භික්ෂූන් සහ භික්ෂුනීන්ගේ අවශ්‍යතා සලසා දීමය. ආහාර, වස්ත්‍ර, ආරාම හා බෙහෙත් හේත් නොමැතිව භික්ෂුනි/භික්ෂුනීන්ට දුක් විඳින්නට ඉඩ නොදීම ගිහියන්ගේ කාර්ය භාරයයි. පැවිද්දන්නට වෘත්තියක නියැළෙන්නට අවසර නොමැති නිසා ඔවුන් ජීවිතය රැකගන්නේ ගිහියන් වෙතිනි. මේ දානයට සරිලන සේ ආදර්ශමත් ජීවිත ගෙවනු ඇතැයි පැවිද්දන් වෙතින් අපේක්ෂා වෙයි.

බුරුමයේ සහ තායිලන්තයේ ආශ්‍රමයන් තවමත් අධ්‍යාපනයට වෙන් වූ ස්ථාන සේ සැලකේ. අද තායිලන්තයේ ප්‍රාථමික පාසැල් බාගයක් පමණ පිහිටා ඇත්තේ ආශ්‍රම තුලය. ආගමික වත් පිළිවෙත් හා උත්සව ආශ්‍රමයක පැවැත්වෙන්නේ සමාජ කටයුතු හා අනුගාමීවය. අර්බූදකාරී අවස්ථාවල දී උපදෙස් ලබාගනු පිණිස තායිලන්ත වැසියන් තම ගැටළු රැගෙන එන්නේ භික්ෂුව වෙතය.

සාම්ප්‍රදායික වශයෙන් මාසයකට හතර වතාවක් ඉහළ පදවියක් දරන භික්ෂුවක් විසින් ධර්ම දේශනාවක් පවත්වනු ලබයි. සතර පොහොය සේ සැලකෙන මේ දිනයන් නම් පුර අටවක, අව අටවක, පුර පසලොස්වක හා අව පසලොස්වක හෙවත් අමාවක වෙති. ගිහියන්ට මේ අවස්ථාවන් හි දී භික්ෂූන් වෙතින් භාවනා ඉගෙන ගැනීමට ද අවස්ථාව පෑදේ.

ගිහියෙක්ට ධර්මාවබෝධය ලබත හැකිය. භික්කු බෝධි දක්වන අන්දමට, "ගිහි බැතිමතුන් නිබ්බාන නම් පරම ඉලක්කය සපුරා ගත් අවස්ථා කිහිපයක් සුත්‍ර හා අට්ඨකතා වල සඳහන් වෙයි. එහෙත් එවැනි බැතිමතුන් අර්හත් බව මරණාසන්නයේ දී ලැබීම හෝ ධර්මාවබෝධයෙන් පසු පැවිදි බවට පත්වීම සිද්ධ වෙයි. අර්හත් ලෙසින් ගිහි ජීවිතයක් නිවසක සිට ගත කරන්නේ නැත. සියළු තණ්හා දුරලන ලද අයෙක් නිවසක ජීවත්වීම පරස්පර විරෝධී වූවකි."

Thursday, February 5, 2015

අපේ ෆ්‍රී මොබයිල ඇප් එක ලේසියෙන්ම ඔයාගේ ෆෝන් එකට දාගමු.. GET SLCU.LK APP

SLCU APP

 

මුලින්ම අපිත් එක්ක දිගින් දිගටම එකතු වෙලා ඉන්න යාළුවන්ට ගොඩක් ස්තුතියි...

ගොඩක් යාලුවෝ අපිත් එක්ක එකතුවෙලා ඉන්නේ ජංගම දුරකතනයෙන් කියල ආරංචියක් ආව.. ගොඩක් අය පවුද්ගලිකව මට ඒ ගැන විස්තර විවුවා.. ඉතින් එකට පහසුවක් වෙන්න මම මොබයිල ඇප් එකක් හැදුවා. ටික කාලෙකට කලින් තමයි මේක හැදුවේ. ගොඩක් යාලුවෝ මේක දාගන ඉන්නවා. නිතරම එන්නේ නැතත් පුළුවන් වෙලාවට එන්න ඔයාල මේක පාවිච්චි කරනවා කියල මම දන්නවා.. 

ගොඩක් යාලුවෝ කිවුව මම කලින් අපේ APP එක දුන්න ලින්ක් එක ඩවුන්ලෝඩ් කරගන්න අමාරුයි කියලා.. ඔන්න ඉතින් මම අලුත් ලින්ක් එකක් දුන්න ඔයාලට.. මේක හරහා ඔයාලට ලේසියෙන්ම අපේ APP එක ගන්න පුළුවන්.  ගොඩක් යට පරණ ලින්ක් එකෙන් ගන්න අමාරුයි කියල මගෙන් පවුද්ගලිකව ඊමේල් වලින් ඉල්ලලා තිබ්බා.. සමහර යාළුවන්ට මගදී හම්බවුනහම බ්ලුටුත් හරහාත් දාල දුන්න. එහෙනම් ඔන්න දාගන්න ..

SLCU APP DOWNLOAD අපේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න

යාලුවන්ටත් දැනගන්න ෂෙයාර් පාරකුත් දාගන යන්න

 

ඔයාලටත් මේගැන අදහස් තියනවනම් කමෙන්ට් එකක් දාන්න.. පුද්ගලිකව මොනවා හරි කියන්න තියනවනම් මාව සම්බන්ද කරගන්න..

raweendragampola@gmail.com

http://www.facebook.com/slcu.lk

කතාකරන්න 075-4733407




Monday, January 26, 2015

1+1= උත්තරය දන්නා අය අනිවාර්යෙන්ම කියවන්න. උත්තරය ඔබ සිතනවාට වඩා බොහෝ වෙනස් වේ..

 

1 1= දන්නා අය අනිවාර්යෙන්ම කියවන්න. උත්තරය ඔබ සිතනවාට වඩා බොහෝ වෙනස් වේ.

පූජ්‍ය කටුගස්තොට සනාථවිහාරී ස්වාමීන් වහන්සේ වරෙක පැනයක් ඉදිරිපත් කළහ. ඒ, විවිධ රැකියාවල නියුතු වැඩිහිටියන් පිරිසක් හා පාසල් සිසුන් කිහිප දෙනකු සමඟ අප පේරාදෙණි විශ්වවිද්‍යාලයේ විවිධ පීඨවල ඉගැනුම ලබමින් සිටි සිසුන් කිහිප දෙනකු ද සහභාගි වූ, මහනුවර, බෝවලවත්ත වජිරාරාම ආරණ්‍ය සේනාසනයෙහි පැවැති සාකච්ඡාවකදී ය.

අට දෙකට බෙදූ විට පිළිතුර කුමක් ද?” යනු එම පැනය යි.

එය ඉතා සරල, පහසු පැනයක් වූ බැවින් සහ එයට නිශ්චිත පිළිතුර අප සැම දැන සිටි හෙයින් එසැණින් එකිනෙකා විසින් පිළිතුරු ලබා දෙන ලදි.

විශ්වවිද්‍යාල සිසුන් සියලු දෙනාගේ සහ පාසල් සිසුන් බහුතරයකගේ පිළිතුර ‘4’ විය. පාසල් සිසුවකුගේ පිළිතුර වූයේ 0 හෝ 4 බව යි. එක් වැඩිහිටි අයෙක් පිළිතුර 4, 0 හෝ 2 විය හැකි බව කී ය.

අප හිමියන්ගේ පැහැදිලි කිරීම වූයේ අප බහුතරයකගේ පිළිතුර වූ ‘8 දෙකට බදූ විට 4 වේයන්න ගණිතමය වශයෙන් ලැබෙන පිළිතුරක් පමණක් බව යි.

“8 ඉලක්කම සංකේතයක් ලෙස ගෙන එහි හරි මැදින් සරල රේඛාවකින් තිරස් ව බෙදූ විට, උඩ 0 කට සහ යට 0 කට වශයෙන් එය බින්දු දෙකකට බෙදෙනවා. සිරස් ව එහි මැදින් දෙකට බෙදූ විට එය සහ වශයෙන් අර්ධ දෙකකට බෙදෙනවා.

උන් වහන්සේ විසින් එහිදී පැහැදිලි කරන ලද්දේ ‘8 දෙකට බෙදූ විට 4 වේයන පිළිතුර පමණක් නො ව, සඳහා යට කී පරිදි තවත් පිළිතුරු ද ඇති බව යි.

එකී සාකච්ඡාවෙන් වසර දහහතරකට පමණ පසු අප විසින් එම පැනය සාමාන්‍ය පෙළ සිසුන්, උසස් පෙළ සිසුන් සහ විශ්වවිද්‍යාල සිසුන් කිහිප දෙනකු වෙත එපරිදි ම යොමු කරනු ලැබිණි. විශ්වවිද්‍යාලයක කළමනාකරණ පීඨයේ ඉගැනුම ලබන සියලු සිසුන් විසින් ලබා දෙන ලද පිළිතුර වූයේ 4 යන්න ය. සංස්කෘත භාෂාව හදාරන සිසුවෙක්, පිළිතුර 4 හෝ 0 බව ප්‍රකාශ කළේ ය. සාමාන්‍ය පෙළ හදාරන එක් සිසුවෙක් 4 හෝ 2 බව ප්‍රකාශ කළේ ය. පිළිතුර 2 වන්නේ, 8 දෙකට බෙදූ විට ගොඩවල් දෙකක් වන හෙයිනි යි ඔහුගේ පැහැදිලි කිරීම විය.

8 යනු ඉටිපන්දම් හෝ ඉරටුකූරු ආදි දෙයක් නම් ඒවා දෙකට බෙදූ විට පිළිතුර කුමක් දැ යි විමසූ විට, 16 යන්න ද පිළිතුරක් ලෙස ගත හැකි බව ප්‍රකාශ විය.

මෙහිදී පැන නගින ගැටලු කිහිපයකි. එකී පැනයට පිළිතුර 4 යන්න පමණක් ලෙසින් ඉතා නිශ්චිත ඒකායන තිර වූ පිළිතුරක් බහුතරයක් විසින් ලබාදෙනු ලැබුවේ මන්ද? එකී පැනයට 4 හැර වෙනත් පිළිතුරු කිහිපයක් තිබියදී ඒවා නොසලකා හරිනු ලැබුවේ මන්ද? අට දෙකට බෙදන්න යැ යි කී විට 8 නමැති සංකේතය බෙදීමක් ගැන ද මෙහි අදහස් කරනු ලැබිය හැකි යැ යි නොසිතුවේ මන්ද? 8 යනු, ඉටිපන්දම්, ඉරටුකූරු වැනි ද්‍රව්‍යයක් වූ විට ඒවා දෙකට බෙදීමෙන් ලැබෙන පිළිතුර කුමක් දැ යි නොසිතුවේ මන්ද?

මෙයට හේතු පැහැදිලි ය. ‘8 දෙකට බෙදන්නයැ යි කී විට, පිළිතුර 4 යැ යි පවසන්නා එසේ පවසන්නේ එකී පැනය ගණිතමය වශයෙන් ගැනීමෙන් පමණි. එමෙන් ම එය සිතා, විමසා, නිදහස් ව දෙන පිළිතුරක් නො ව, එය එසේ සිතන්නට, එසේ කියන්නට ඔහු වෙත ඉගැන්වූ, පැටැවූ, හුරුපුරුදු කළ පිළිතුර යි.

එය එසේ අපට ඉගැන්වූයේ අප ලත් අධ්‍යාපනයේ එන ගණිතය විෂයයෙනි. එහෙත් එකී පැනය ගණිතමය රාමුවෙන් පිටතට පැමිණ විසැඳීමට සිතූ විට යට කී පරිදි වෙනස් පිළිතුරු ද ඇති බව පෙනී යයි. එවිට 4 යන්න ඇතැම් අවස්ථාවල සාවද්‍ය පිළිතුරක් වෙයි.

මෙහිදී සිදු ව ඇත්තේ කුමක් ද? සීමාසහිත විෂය වපසරියකට අදාළ පිළිතුරක් එපරිදි ම ඉන් බැහැරවත් යෙදීම යි; අනුගත කිරීම යි. මෙයට හේතුව, එකී දැනුම ලත් පුද්ගලයා එකී දැනුමෙහි සිර වී හිඳීම යි; ඉන් පිටතට අවුත් ඉන් නිදහස් ව සිතන්නට ඔහුට නොහැකි වීම යි; එහි වඩාත් බැරෑරුම් තත්ත්වය එකී පිළිතුර නිශ්චිතාර්ථයක්, නිරපේක්‍ෂයක් ලෙස ගැනීම යි.

ලෝකය පිළිබඳ ව වන මිනිසාගේ දැනුම, ඉගැන්වීම සහ ඉගැනීම සිදු වන ආකාර දෙකක් වෙයි. එකක් සංවිහිතආකාරය යි. අනෙක අසංවිහිතආකාරය යි. එනම්, තෝරාගත් විෂයයන්හි තෝරාගත් දැනුම් ඇතුළත් කොටගනිමින් තෝරාගත් වයස් සීමාවන්හිදී ඉගැන්වීම ද ඉගැනීම ද සංවිහිත ආකාරය යි. එසේ නිශ්චිත වූ විෂයයක් හෝ ක්‍රමවේදයක් හෝ නැති ව නිදහස් ව පුළුල් පරාසයක දැනුම ඉගැන්වීම සහ ඉගැනීම අසංවිහිත ආකාරය යි.

අද ලෝකය පුරා ප්‍රචලිත කොට ඇති බටහිර අධ්‍යාපන ක්‍රමය බොහෝ විට ඉගැන්වෙන්නේ ද උගන්නේ ද යට කී සංවිහිත ආකාරයෙනි. එහෙත් ලෝකය පුරා සැම කලෙක ම එසේ සංවිහිත වූ ද අසංවිහිත වූ ද වෙනත් අධ්‍යාපන ක්‍රමවේද බොහෝ තිබිණි; අද ද තිබෙයි.

බටහිර අධ්‍යාපනයේ දැනුම ලබාගැනීමේ මූල පදනම ඇතහෝ නැතලෙසින් ගත්, පංචේන්ද්‍රියන්ට පමණක් ගෝචර වූ දෑ නිරීක්‍ෂණය කිරීමෙන් ගොඩනගනු ලබන ක්‍රමවේදයකි. එහෙත් පංචේන්ද්‍රියන් සේ ම සවන ඉන්ද්‍රිය වන මනස ද යොදාගනිමින් ලෝකය පිළිබඳ ව වන ආධ්‍යාත්මික සංකල්පවලින් පෝෂණය කොටගත් දැනුම් පද්ධතියක් බෞද්ධ අධ්‍යාපනයෙහි වෙයි.

යට කී ‘8 දෙකෙන් බෙදූ විට 4’ වේ යන්න නිශ්චිතාර්ථයක් ලෙස ගන්නකුගේ සිතෙහි බෙදීම හේතුවෙන්, ඇති දෑ අනිවාර්යයෙන් ම අඩු වේ යන අදහස මුල් බැසගත හැකි ය. එහෙත් බුදු දහමට අනුව බෙදීම, වෙනත් අර්ථයකින්, අඩු වීමකට නො ව වැඩි වීමකට හේතු වන බව පෙනෙයි. තමා සතු ධනය, ද්‍රව්‍ය, දැනුම, බුද්ධිය, ශ්‍රමය, දැක්ම සංකල්ප ආදිය ලෝකයේ යහපත උදෙසා සත් සිතින් බෙදන්නා උසස් මිනිස් ගුණාංගවලින් පිරුණේ වෙයි;

ඔහුගේ කුසලය, ප්‍රඥාව, යසස, කීර්තිය තව-තවත් වැඩෙයි.

අප කළ යුත්තේ කවර අධ්‍යාපන ක්‍රමවේදයක්, දැනුමක් උසස් හෝ පහත් හෝ වන්නේදැ යි ද නිරවද්‍ය හෝ සාවද්‍ය හෝ වන්නේ දැ යි ද නිගමනය කරන්නට යෑමට වඩා අපගේ ජීවිතවලට, පරිසරයට, සංස්කෘතියට, චින්තනයට, දහමට, දේශයට වඩ-වඩාත් උපයෝගී කොටගත හැක්කේ කවර දැනුම් දැ යි විමසා බලා, ඒවා ඉගැන්වීම යි; ඉගැනීම යි; යොදාගැනීම යි. ඒ සඳහා විඤ්ඤූන්ගේ, එනම් එහි මනා පරිචයක් ඇති, දැනුම සේ ම හදවතක් ද ඇති ප්‍රඥාවන්තයන්ගේ අදහස් පිළිගැනීම යි; පිළිපැදීම ය.

අප කුඩා කල සිට ඉගැනුම ලබන 1 + 1 = 2 යන ගණිතමය න්‍යාය පිළිබඳ ව මීළඟට අපේ අවධානය යොමු කරමු. එහිදී ද එකට එකක් එකතු කිරීමෙන් දෙක ලැබේයන විසැඳුම සැම විට ම බලාපොරොත්තු විය නොහැකි ය.

යම් වරදකට තවත් වරදක් එකතු වූ විට ප්‍රතිඵලය වැරදි දෙකක එකතුවක් පමණක් නො වේ. ඇතැම් විට එම ප්‍රතිඵලය එකී වැරදි වෙන් වෙන් ව තිබෙනවාට වඩා දස ගුණයකින් හෝ සිය ගුණයකින් හෝ වැඩි වූවක් විය හැකි ය. ඇතැම් විට එක වරදකට වෙනත් වරදක් එකතු වීමෙන් ඇති වන ප්‍රතිඵලය, වැරැදි නිෂේධනය වීමක්, එනම් වරද නැති වී යෑමක් ද විය හැකි ය. බටහිර විද්‍යානුගත ඇතැම් පර්යේෂණයන්හිදී සිදු වූ අමතක වීම්, අතපසු වීම්, මඟහැරීම් සහ වැරැදීම් හේතුවෙන් ඇති වූ නොසිතූ විරූ ප්‍රශස්ත ප්‍රතිඵල ඊට උදාහරණ යි.

ජීව විද්‍යානුගත ව එක් කාර්යයක් කරන සෛලයක් හා වෙනත් කාර්යයක් කරන සෛලයක් එකතු වූ විට ප්‍රතිඵලය බොහෝ විට, එකී කාර්යයන් දෙකෙහි එකතුවක් පමණක් නො වේ; ඇතැම් විට කාර්ය ගණනාවකි; තවත් විටෙක ප්‍රතිඵලය, ඒවා වෙන් වෙන් ව කළ කාර්යයන්හි නිෂේධනයකි.

වැලි ගොඩවල් එකකට තවත් වැලි ගොඩක් එකතු කළ විට පිළිතුර වැලි ගොඩවල් දෙකක් නොව වැලි ගොඩවල් එකකි.

එහෙයින් මෙවන් අවස්ථා සඳහා 1+ 1 = 2 යන ගණිතමය ප්‍රතිඵලය සාවද්‍ය බව පැහැදිලි වෙයි.

එමෙන් ම විවිධ බුද්ධිමය හැකියා, දක්‍ෂතා, කාය ශක්ති, දැනුම ආදී ද්‍රව්‍යමය නොවන දෑ එකතු වූ විට, ලැබෙන ප්‍රතිඵලය, 1 + 1 = 2 යන්න මගින් කිසි සේත් පැහැදිලි කළ නොහැකි ය.

ඒ අනුව අපට පෙනී යන්නේ 1 + 1 = 2 යන්න ආදේශ කළ හැකි, අනුගත කළ හැකි ගණිතමය රාමුවෙන් බැහැර ව වෙනත් බොහෝ අවස්ථාවලට එය යෙදිය නොහැකි බව යි; සාවද්‍ය බව යි.

මෙවන් බොහෝ අවස්ථාවලදී පෙනී යන්නේ 1+1 හි පිළිතුර දේවල්හි ගුණ, ප්‍රමාණ, පරිසරය, අවස්ථා යනාදිය මත ද පුද්ගල ගතිසොබා, දක්‍ෂතා, දැක්ම, ගුණ, ක්‍රියා මෙන් ම ඒවා එකතු වන සන්දර්භය මත ද රඳා පවතින බව යි.

එහෙයින් ගණිතමය වූ ආකෘතියක වැඩ කරගැනීම සඳහා ලබාගත් පිළිතුරක් සුදුසු තැන්හි පමණක් භාවිත කරමින් ඉන් බැහැර ව වෙනත් පරාසයක ඒ සඳහා ඇති වෙනත් පිළිතුරු යොදාගත යුතු ය.

දිනක් ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් තුමන් වෙත පැමිණ, තරුණ සිතිවිලි සමාජයේ කාර්යයන්වලට සහභාගි වී බැහැර ව යන මොහොතේ එක්තරා තරුණයෙක් මෙසේ කී ය: හෙටින් පස්සේ මම ඔබතුමා සමග කරන කාර්යය දෙගුණ වෙනවා.

එකී ප්‍රකාශයට නිහඬ ව සවන් දුන් අදිකාරම් තුමා ඔහු සමු ගෙන ගිය පසු එකී ප්‍රකාශය පිළිබඳ ව තමා දරන අදහස පැහැදිලි කළේ ය. එනම්, එකී තරුණයා පසු දින විවාහ වන බවත් එවිට ඔහුගේ ජීවිතයට තවත් අයකු එකතු වන බැවින් ඔහු කරන කාර්යය දෙගුණ වන බව තරුණයා විසින් ඉන් අදහස් කරන ලදමුත් සිදු වන්නේ ඔහු කළ වැඩ ප්‍රමාණය දෙගුණයක් නො , බොහෝ දුරට අඩකට සීමා වන බවත් ය. හේතුව, විවාහයත් සමඟ ම ඔහුගේ වෙනස් වන ජීවිතය සඳහා කාලය, ශ්‍රමය, ශක්තිය වැය කරන්නට සිදු වන හෙයින් මෙතෙක් කළ ප්‍රමාණයෙන් ඔහුට වැඩකටයුතු කළ නොහැකි වන බැවිනි. ජීවිතයේ නවමු ලැබීම්, වෘත්තිය, තනතුරු, මිල මුදල්, උසස් වීම්, විවාහය, දූ-දරු ලැබීම් සමග සේ ම ඒවා අහිමි වීම් සමඟින් යමකු විසින් කරගෙන එනු ලැබූ ඇතැම් වැඩකටයුතු, යුතුකම්, පිළිවෙත්, ක්‍රියා වෙනස් වීමට, අඩු වීමට හෝ ඇතැම් විට සිදු නොවීමට ද හේතු විය හැකි ය. එසේ වීම සාධාරණ අසාධාරණ, කළ යුතු-නොකළ යුතු, විය යුතු - නොවිය යුතු ආදි වශයෙන් විය හැකි ය. එය කවරක් වුව අන්‍යයන් විසින් ඒවා මැදහත් සිතින් යුතු ව තේරුම් ගනු ලබන්නේ නම්, දරාගනු ලබන්නේ නම් ද්වේෂය, වෛරය, දුක, නොරිස්සීම, කලකිරීම බඳු කෙලෙස් මනසින් තොර ව ඒවා ඉවසීමට හැකි වෙයි. යට කී සිදු වීමේදී අදිකාරම් තුමන් විසින් පැහැදිලි කොට දෙනු ලැබුවේ එය යි.

එමෙන් ම 1 + 1 = 2 යන ප්‍රතිඵලය භෞතික ව ම පමණක් නිරන්තරයෙන් සමාජගත වීමෙන් සමාජය ඒ පසු පස ම හඹා යයි. ඉන් සිදු ව ඇති අහිතකර ප්‍රතිඵලය නම් මිනිසුන් වඩ වඩාත්, තව තවත් මිල-මුදල්, යාන-වාහන, බඩු-භාණ්ඩ, ගේ-දොර ආදිය එක්රැස් කොටගෙන ඉන් නොනැවතී ඒවා ගුණනය, එනම් වැඩි කොටගැනීමේ නොතිත් ආශාවට නතු වීම යි. ප්‍රතිඵලය, එසේ ආශාවට නතු වුණ උගත්-නූගත්, දුප්පත්-පොහොසත්, ඇති-නැති, තරුණ- මහලු සියල්ලන් තම ඒකායන අරමුණ එය බවට පත් කොටගැනීම යි; එය තම ජීවිතය ද ජීවිතය එය ද බවට පත් කොටගැනීම යි. අවසාන වන්නේ තමා ලද මහඟු මිනිස් ජීවිතයේ හතිවැටුණ මිනිසකු බවට පත් වී, එලෙස ලබාගත් භෞතික දෑ සියල්ල මෙලොව හැරදමා මිය යෑම යි.

එහෙත් යමකුගේ ගුණ යහපත්කම, බුද්ධිය, කරුණාව හෘදයංගම බව ආදී උසස් මිනිස් ගුණවල ද ආධ්‍යාත්මික ලබාගැනීම්හි ද එකතු වීම් කිසිදු විටක 1 + 1 = 2 යන සරල එකතුවේ ප්‍රතිඵලයෙන් පෙන්විය නොහැකි ය. මන්ද, ඒවාහි එකතුව සුවිසල් ප්‍රතිඵලයක් වන බැවින් සහ ඇතැම් විට එහි අගය ගණනය කළ නොහැක්කක් විය හැකි බැවිනි. එවන් පුද්ගලයකු කායික ව මෙලොව හැර ගිය ද ඔහුගේ ගුණ චිරාත් කාලයක් ලොවෙහි පවතී.

යට කී ගණිතමය දැනුම සේ ම අප උගන්නා වෙනත් දැනුම් ද එලෙස නිශ්චිතාර්ථ ලෙස අප විසින් යොදාගනු ලැබෙයි. වරෙක අප පාසල් සිසුන් ව සිටියදී පාසලේ පැවැති සාකච්ඡාවකට පැමිණි බටහිර වෛද්‍යවරයෙක් අපගෙන් පැනයක් ඇසී ය:

ඔබ කෑම කන්නේ ඇයි?”

එවකට 8, 9 සහ 10 ශ්‍රේණිවල උගනිමින් සිටි අපි එකී පැනයට සෞඛ්‍ය හා විද්‍යා විෂයයන් වෙතින් එතෙක් අප ලබා තිබුණ දැනුම උපයෝගී කොටගෙන මෙසේ පිළිතුරු දුනුමු:

කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, මේදය, විටමින් ගැනීමට.

සමබර ආහාර වේලක් ගැනීමට.

පෝෂ්‍යදායී සමතුලිත ආහාරයක් ගැනීමට.

ශරීර ශක්තිය ලබාගැනීමට.

සිරුර නීරෝගි ව තබාගැනීමට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ගැනීමට.

අපගේ එවන් පිළිතුරු හමුවේ උපහාසය මුසු මඳ සිනහවක් මුවඟට නඟාගත් වෛද්‍යවරයා පෙරළා අපගෙන් මෙසේ විමැසී ය:

හොඳයි අද උදේ කෑම ගනිද්දි ඔය කියූ කාරණාවන් අනුව ආහාර ගත් කෙනෙක් අත උස්සන්න.

ඔහුගේ එම ප්‍රකාශයත් සමඟ ම සභාවෙහි ඇති වූයේ දැඩි නිහඬතාවක් පමණි. කිසිවකුගේ හෝ අතක් නේසැවිණි. මමත් ඔබ සැමත් බෞද්ධ. ඔබලා අද උදෙත් පන්සිල් සමාදන් වුණා නේද? ඇයි එහෙම නම් බොරු කියන්නේ?” යි මුවගට නඟාගත් මඳ සිනාවෙන් යුතු ව ම අපගෙන් යළිත් ප්‍රශ්න කළ වෛද්‍යවරයා, වික්ෂිප්ත ව සිටි අපට මෙසේ කරුණු පැහැදිලි කළේ ය:

අපි ආහාර ගන්නේ ඔබලා කී කාරණා නිසා නො වෙයි. බොහෝ විට අපි කෑම කන්නේ බඩගින්නනිසා යි. තව සමහර විට ආශාවනිසා යි; පුරුද්ද නිසා, ඒ වගේ ම අපි සතුට වෙනුවෙනුත්, සතුට බෙදා- හදාගැනීමටත් කෑම කනවා; කෑම දෙනවා. යමකු පිළිගැනීමට, ආදරය බෙදා- හදාගැනීමට, උත්සව සමරන්න, නෑදෑ-හිතමිත්‍රකම් තහවුරු කරගන්න අපි කෑම කනවා; කෑම දෙනවා. පින්-දහම් කිරීම සඳහාත් අපි ආහාර, දානය වශයෙන් පූජා කරනවා, පිරිනමනවා.

කෑම කන්නේ මන්ද යන සරල පැනයට අප විසින් සපයනු ලැබුවේ බටහිර විද්‍යාව සහ සෞඛ්‍යය යන විෂයයන් වෙතින් අප ආහාර පිළිබඳ ව උගත් දැනුමක් මිස එකී පැනයට දිය යුතු නිසි පිළිතුර නොවන බව එදින එකී වෛද්‍යවරයා වෙතින් අපි උගත්තමු.

සැබැවින් ම අප විසින් ආහාර ගනු ලබන්නේ එකී වෛද්‍යවරයා කී කාරණා නිසා බව අප හොඳින් දැන සිටි මුත් ඔහුට දුන් පිළිතුරුවල එකී එක් කරුණක් වත් නො විණි. මන්ද? ලබා සිටි විෂය මූලික දැනුම තුළ පමණක් සිර වී සිටි අපට, ඉන් පමණක් ලෝකය දුටු අපට, දැනෙන-පෙනෙන සැබෑව නොපෙනීම යි; නොදැනීම යි. දැනුමකින් විය යුත්තේඇත්ත ඇති සැටියෙන් දැකීමවුව මෙහිදී සිදු ව ඇත්තේ ඉගැන්වූ හැටියට, ගත් හැටියටඇත්ත දැකීම ය.

ලෞකික දැනුම ගොඩනඟන මිනිසා එකී දැනුම යොදාගෙන ලෝකය දෙස බලයි. එකිනෙකට වෙනස් දැනුම් මගින් එවිට එකිනෙකාට වෙනස් ව ලෝකය දකියි; විග්‍රහ වෙයි. එකී දැකීම්, විග්‍රහ ලෝකයට හිතකර හෝ අහිතකර විය හැකි ය.

අප රටේ බිහි වූ විශිෂ්ට පඬිවරයකු වන මහාචාර්ය නලින් ද සිල්වා මහතා ඔහුගේ මගේ ලෝකයකෘතියෙහි දැනුම පිළිබඳ ව මෙසේ පවසයි:

ලෝකය පිළිබඳ දැනුම සාපේක්‍ෂක ය. එපමණක් නො වේ. මේ දැනුම අප විසින් ලෝකයට ලබා දෙන ලද්දකි. එක් එක් අය ලෝකයට දෙන දැනුම විවිධ වේ. සාපේක්‍ෂක බව මේ විවිධත්වය සමඟ බැඳී ඇත. එහෙත් සමහර විටක අපි සියලු දෙනා ම එකතු වී පොදු දැනුමක් ලෝකයට ලබා දී ඇත්තෙමු. දැනුම නිරපේක්‍ෂක වශයෙන් සමහර විටෙක හැඟෙන්නේ මේ පොදු දැනුම පිළිබඳ ව අප අතර එකඟත්වයක් ඇති බැවිනි.

බුදු දහමට අනුව ලෝකය පිළිබඳ ව ඇති කවර හෝ දැනුමක් අලෝභ-අද්වේෂ-අමෝහ යන සිතිවිලිවලින් යුතු ව, කරුණාව සහ ප්‍රඥාව මුල් කොටගෙන විය යුතු ය. එසේ නොවන දැනුමකින් පුද්ගලයාත් සමාජයත් පිරිහෙයි; අවුල වියවුලක් වෙයි. එවන් සමාජයක මිනිස්සු නිවනින් දුරස් වෙති; තවදුරටත් සසර ම සරති.

පවත්නා අධ්‍යාපන ක්‍රමවේදය තුළ දැනුම ලබා, විශ්වවිද්‍යාල ආචාර්යවරයකු ව සිට ඉන් නික්ම බුදු සසුනෙහි පැවිදි ව බවුන් වඩමින් සත්‍යගවේෂණයෙහි යෙදෙන පූජ්‍යපාද කටුකුරුන්දේ ඤාණනන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් රචිත හිතක මහිම – 2’ නමැති ග්‍රන්ථයෙහි ගණන් පාඩමමැයෙන් මෙබඳු සටහනක් දැක්වෙයි:

මුළු ජීවිතය තුළ ම අපි කෙළවරක් නැති එකතු කිරීම්, අඩු කිරීම්, බෙදීම්, වැඩි කිරීම් සහිත ගණනක් සෑදීමට වෙහෙසෙමු. ගණන කොතරම් දිගු වුවත් එහි අවසන් පියවර වශයෙන් ඇත්තේ බින්දුවෙන්වැඩි කිරීමට ය.

ගණිතයෙහි ඇති න්‍යායකට අනුව කවර ගණිතමය අගයක් හෝ බින්දුවෙන් ගුණ කළ විට එහි ප්‍රතිඵලය බින්දුව යි; ශූන්‍ය යි. එහෙයින් උන් වහන්සේගේ යට කී අදහසට අනුව පුහුදුන් ජීවිතය අපමණ වෙහෙසීම් මගින් ලබාගත් දෑ කවරක් වේවා, ඒවා හුදු ලෞකික ලැබීම් හෙයින් අවසන් ප්‍රතිඵලය බින්දුව ය; ශූන්‍ය ය; හිස් බව ය. 1 + 1 = 2 යන්න සේ ම 1 – 1 = 0 යන්න ද ගණිතමය න්‍යායකි. ගණිතමය රාමුව තුළ විනා සෞන්දර්යානුගත ව, පුද්ගල මනස, සංකල්ප, දැනුම ආදි දෑහි අඩු කිරීම්, ඉවත් කිරීම්, නැති කිරීම් ආදිය සඳහා එකී න්‍යාය එසේ යෙදිය නොහැකි ය.

නිරන්ජන් ගුරුගේ කවියාගේ සඳ මත වීතරාගයපද්‍ය සංග්‍රහයෙහි අඩු කිරීමයන හිසින් යුත් නිර්මාණය ඒ සඳහා කදිම පිළිතුරකි. ගණිත විෂයයෙහි වෙසරද බවට පත් තුරුණු උපාධිධරයකු තම වියපත් ගුරුතුමා වෙත ගොස් තම හසළ දැනුම පෑ විට ඒ දෙදෙනා අතර කැරෙන සංවාදයක් එහි ප්‍රස්තුතය වෙයි.

ගණිත දැනුම දැරූ

ඔබට හැකි ද අඩු කරන්න?”

ඇහුවා මුල් ගුරු

කුහුලින් තද කෙරූ

ඇඹරුණු තොල් ඇර කීවෙමි

මට පුළුවන් ගුරු

දෙකෙන් දෙකක් අඩු කළාම?”

ශූන්‍ය යි

එකෙන් එකක් අඩු කළාම?”

ශූන්‍ය යි

සිතෙන් සිතක් අඩු කළාම?”

සමාවෙන්න ගුරු

ගණන් දන්නවා යැ යි දැන්

මා කීවේ බොරු.

එනයින් පැවැසෙන්නේ ගණිතයෙන් උපාධි ලත් තරුණයා තම ගුරුතුමන් ඉදිරියෙහි, සිතකින් සිතක් අඩු කිරීමේ සංසිද්ධියේ ප්‍රතිඵලය, 1 – 1 = 0 න්‍යාය මගින් තේරුම්ගත නොහැකි බව අවසානයේ පිළිගැනීම යි. සිතෙන් සිතක් අඩු කළ විට ප්‍රතිඵලය බින්දුව නොවන්නේ මන්ද?

එකක් වූ දෙසිතකින් එක් සිතක් අඩු වූ විට, එක් සිතක් හැර ගිය විට, ඉතිරි වන සිතෙහි ප්‍රතිඵලය කවරක් ද? විටෙක පැවැති එක් වන් වූ සිතට වඩා සිය දහස් ගුණයක් කලකිරීම, දුක, පීඩාව පිරුණු සිතකි; තවත් විටෙක එක් ව සිතූ, එක් ව ගිය, එක් ව ක්‍රියා කළ, එකක් වූ දෙසිතකින් එක් සිතක් අඩු වූ විට ප්‍රතිඵලය පැවැති සිතට වඩා සිය දහස් ගුණයකින් ශක්තිය, ධෛර්යය වැඩුණු සිතකි; තවත් විටෙක වඩාත් සැහැල්ලු වූ ශාන්ත වූ සිතකි.

එමතුදු නො ව, බෞද්ධ විග්‍රහයට අනුව එය ඉතා සුවිශේෂ ආකාරයකට ද විග්‍රහ කොටගත හැකි ය. එනම්, සම්මුතියට අනුව පවත්නේ යැ යි ගනු ලබන තමා හා තම සිතයොදාගෙන, කය හා වාග් දොරටු සංවර කොටගෙන, අලෝභ, අද්වේෂ, අමෝහ චෛතසික පෙරටු කොටගෙන අරීඅටැඟිමඟ ගොස්, ශීල, සමාධි, ප්‍රඥා වඩා සියලු කෙලෙසුන් ප්‍රහීන කිරීම ය. ඒ සුවිශේෂ අර්ථයෙන් ගත් කල සිතෙන් සිතක් නැති කරලීමේ ප්‍රතිඵලය නම් පුද්ගලයකු විසින් ලබා නිවී සැනැසෙන්නට සැම විට අදිටන් කළ යුතු, උත්සුක විය යුතු ඝෝර සසර දුකින් අත්මිදීමේ පරම පිවිතුරු ලෝකෝත්තර සැපය යි; අමා මහ නිවන යි.

ගණිත පාඩමෙන්, දැනුමෙන් මිදී නිවනට ළං වන යෝජනාවකි.

වෛද්‍ය ලලිත් විජේසිංහ

සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි

මහරෝහල - මහනුවර

 

නමස්කාරය

ඔයාලටත් මේගැන අදහස් තියනවනම් කමෙන්ට් එකක් දාන්න.. පුද්ගලිකව මොනවා හරි කියන්න තියනවනම් මාව සම්බන්ද කරගන්න..

raweendragampola@gmail.com

http://www.facebook.com/slcu.lk

කතාකරන්න 075-4733407

නිල් චිත්‍රපට පිලිබඳ ඔබ නොදත් තොරතුරු (slcu.lk)

නිල් චිත්‍රපට පිලිබඳ ඔබ නොදත් තොරතුරු slcu

  1. නිල් චිත්‍රපට වල රංගනයෙන් දායක වන 95% කාන්තාවන් එයට සහභාගී වන්නේ අකමැත්තෙනි.

  2. එමෙන්ම එහි රංගනයෙන් දායක වන පිරිමි නළුවාට වඩා දස ගුණයක් වැඩියෙන් කාන්තාවට ගෙවීම් කරනු ලැබේ. වඩා අඩු මුදලකින් චිත්‍රපටය නිපදවිය යුතු හෙයින් දවසේ පැය 18 ක කාලයක් පුරා රූගත කිරීම් සිදුකරනු ලබයි.

  3. බොහෝ දර්ශන වාර අධ්‍යක්ෂකවරයාගේ අභිමතය සපිරෙන තෙක් රූගත කිරීමට සිදුවේ. බොහෝ විට අධ්‍යක්ෂකවරයාගේ බලාපොරොත්තු ඉටු කරගැනීමට එකම දර්ශනවාරය කිහිප විටක් රූගත කිරීමට සිදුවේ.

  4. ඊළඟ දර්ශණ වාරය එළඹෙන තුරු නිරුපිකාව සිටින්නේ විවේකාගාරය තුලදීය. මෙහිදී බොහෝ විට ඇය විසින් ඖශධ වර්ග පානය කරනු ලබන්නේ ඊළඟ දර්ශන වාරයෙහි මුහුණ දීමට සිදුවන වේදනාව සහ ලැජ්ජාව අවම කරගැනීම උදෙසාය. නිල් චිත්‍රපට කර්මාන්තයේ සිටින කාන්තාවන් හා පිරිමි පුද්ගලයන් මසකට වරක් සෞඛ්‍ය පරීක්ෂණයකට මුහුණ දිය යුතු අතර ඒඩ්ස් රෝගය නොමැති බව තහවුරු කරගත යුතු වේ.

  5. රූගත කිරීම් සිදුකරන අතරතුර දර්ශන තලයෙන් පිටුපස 12-18 පමණ පිරිසක් විවිධ තාක්ෂණික සහය කබාදෙනු ලබයි. අධ්‍යක්ෂකවරයා, සහය අධ්‍යක්ෂකවරයා, කැමරා ශිල්පීන්, ආලෝකකරණ ශිල්පීන්, ඒ අතර වේ. රූගත කිරීම් වලට ජායාරූප ශිල්පියෙකු සහභාගී වන අතර රූගත වන අතරතුරේ ඕනෑම අවස්ථාවකදී නවත්වා ජායාරූප ගැනීමේ අයිතියක් ඔහුට ඇත.

  6. නිල් චිත්‍රපට යනු සැබෑවක් ලෙස පෙන්වනු ලබන ව්‍යාජ ජවනිකාවක් වන අතර ඔවුන් එසේ කරනු ලබන්නේ Reality හෝ Hidden නාමයෙන් වෙළඳපොලට ඉදිරිපත් කරනු ලබන නිල් චිත්‍රපට වලට වැඩි ඉල්ලුමක් ඇති බැවිනි.

  7. 2007 වසරේදී නිල චිත්‍රපට වල රඟපෑ නිලියන් නවයක් ඒඩ්ස් රෝගය වැළඳීම හේතුවෙන් මියගොස් ඇත.

  8. නිල් චිත්‍රපටවල රංගනයෙන් දායක වන නිළියන්ගෙන් 66% ක් හට ලිංගික හර්පීස් රෝගී තත්වය වැළඳී ඇතිඅතර 12-28%අතර ප්‍රමාණයකට ලිංගාශ්‍රිත රෝග වැලඳී ඇත.

  9. 1990 වසරේ සිට 2013 වසර දක්වා නිල් චිත්‍රපට නිලියන් 26 ක් සියදිවි නසාගෙන ඇත.

  10. 1990 වසරේ සිට 2013 වසර දක්වා නිල් චිත්‍රපට නිලියන් 45 ක් මත්ද්‍රව්‍ය අධික මාත්‍රාවෙන් ගෙන මියගොස් ඇත.

  11. නිල් චිත්‍රපට නිළියන්ට ඒඩ්ස් වැළඳීමේ ප්‍රවණතාව 90% වඩා වැඩි අගයක් ගනී.

ඔයාලටත් මේගැන අදහස් තියනවනම් කමෙන්ට් එකක් දාන්න.. පුද්ගලිකව මොනවා හරි කියන්න තියනවනම් මාව සම්බන්ද කරගන්න..

raweendragampola@gmail.com

http://www.facebook.com/slcu.lk

කතාකරන්න 075-4733407

අපි දාන 32-bit හා 64-bit මෙහෙයුම් පද්ධති අතර වෙනස [Difference between 64-bit and 32-bit operating systems]

clip_image001

අපේ ගොඩක් අය 32-bit, 64-bit කියල අහලත් ඇතිනේ, එත් සමහර අය ඒවායේ ඇත්ත තේරුම්, ඒවගෙන් මොනවද වෙන්නේ කියල දැන් නැතුව ඇති. එනිසා මම අද 32-bit හා 64-bit මෙහෙයුම් පද්ධති (Operating System - XP, Vista, Win7, Win8) පිළිබදව, ඒවායේ වෙනස්කම් හා ඒවායෙන් පරිගණකයට සුදුසුම කුමක්ද යන්න තමා කියන්නේ. ඕගොල්ලෝ දන් නැති, ගොඩක් වටිනා විස්තර මේ post එකේ ඇති ඒ නිසා කියවලම බලන්න..

මූලික වශයෙන් 32-bit හා 64-bit යනු processor එක සැලසුම් කර ඇති ආකාරයයි. ඒවාට ගැළපෙන ලෙස මෙහෙයුම් පද්ධති සැලසුම් කල විට ඒවාත් 32-bit හා 64-bit යනුවෙන් හදුන්වයි. එම මෙහෙයුම් පද්ධති වලට ගැලපෙන වෙනත් වැඩසටහන්ද (software) හදුන්වන්නේ එම bit අගය ඇසුරෙනි. 64-bit මාදිලියේ වැඩසටහන් භාවිතා කළ හැක්කේ 64-bit වලට සහය දෙන processors ඇති පරිගණක වලදී පමණක් වුවත්, 32-bit මාදිලියේ වැඩසටහන් මේ කවර එකකදී වුව භාවිත කළ හැකිය.

එහෙත් එහිදී මුහුණ පාන්නට වෙන ගැටලුව වන්නේ 32-bit මෙහෙයුම් පද්ධතියකට භාවිතා කළ හැකි උපරිම ram ධාරිතාව 3.41 GB (සමහර 32-bit OS වලට 4GB support කරයි. නමුත් බොහෝ විට එහි සම්පුර්ණ වේගය ලබා නොදෙයි) කට සීමාවීමයි. එහෙත් 64-bit මෙහෙයුම් පද්ධතියක් සදහා 128 GB දක්වා සහය දක්වයි. මේ නිසා 4 GB හෝ ඊට වැඩි ram ප්‍රමාණයක් භාවිතා කරන්නන්ට, 64-bit මෙහෙයුම් පද්ධතියක් install කර ගත යුතුය.

         64-bit මෙහෙයුම් පද්ධතියක් install කර ගැනීමේ ඇති අවාසි වන්නේ ඇතැම් වැඩසටහන් ඒ සමග නොගැලපීමයි. තරමක් පැරණි software හෝ hardware භාවිතා කරන්නේ නම් 64-bit මෙහෙයුම් පද්ධතිය සමග ඒවා නොගැළපෙන අවස්ථා වැඩිය.

             64-bit මෙහෙයුම් පද්ධති වල ඇති මූලික වාසිය වන්නේ එවිට 64-bit processor එකෙන් උපරිම වැඩ ගත හැකිවීමයි. එසේම ram එක සමග වේගයෙන් කටයුතු හැකිවීමයි. අනෙක් අතට දැන් තිබෙන සමහර වැඩසටහන් නිර්මාණය කරන්නේ 64-bit මෙහෙයුම් පද්ධතිය සමග ගැලපෙන ආකාරයෙනි. එනිසා මෙම අලුත් වැඩසටහන් වලින් වැඩ කරන්නට නම් අනිවාර්යයෙන්ම 64-bit මෙහෙයුම් පද්ධතියක් පරිගණකයට install කර ගත යුතුය.

Post එක හොදනම් like එකක් දාලා යාලුවන්වත් මේ ගැන දැනුවත් කරන්න share කරන්න

ඔයාලටත් මේගැන අදහස් තියනවනම් කමෙන්ට් එකක් දාන්න.. පුද්ගලිකව මොනවා හරි කියන්න තියනවනම් මාව සම්බන්ද කරගන්න..

raweendragampola@gmail.com

http://www.facebook.com/slcu.lk

කතාකරන්න 075-4733407

පෙනෙන නොපෙනෙන දුරක ඉදන්. නුබ ඇවිත් මගේ ලගට හොරෙන්…

බෝඩිමෙන් එලියට ඇවිත් එළියේ තියන ඔන්චිල්ලවට ඇවිත් ඔන්චිලි පදිනගමන් හැමදාම මම කරන්නේ ආදරවන්ත ඔය කටහඩ අහගන මමත් ඒවම මුමුණ මුමුණ ඉන්න එක.. මම වෙන මොනවා කරන්නද.. ඔයාලනම් හිතයි මල් කඩනවා කියල මගේ ආදරණිය අම්මිය එක්ක කතා කරනවා ඇරෙන්න පවුලේ කිහිප දෙනෙක් එක්ක ඔය ඉදල හිටලා රෑකට කතා කලාට වෙන්නම් මල් කඩන්න කවුරුත් නැහැ ඔය එක එක්කනාට වගේ..  අවුරුදු ගානක මතකේ හිතේ තියාගන ඉන්න මම දුක සතුටක් කියල හිතාගන ඉන්නේ..

මට ඊයේ ර අහපු සින්දුවක් බොක්කටම වැදුන…

පෙනෙන නොපෙනෙන දුරක ඉදන්

නුඔ ඇවිත් හිත ලගට ‍හොරෙන්

ආවට නොකියාම ජීවිතෙන්

නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්…

 

දකින හිමිවන හීනේ නුඔ කොතැන හිටියා

මතක සැමරුමි අතරේ ජීවිතේ තිබුණා

හඩන හිනහෙන නෙත් නු‍‍‍‍‍‍‍‍‍‍‍‍‍බෙ උරහිසේ තිබුණා

ඇත්තමයි නුඔ අහසක් වගේමයි සිතුණා

 

නුහුරු නුපුරුදු හීන අරන්

ලගට ඇවිදින් තුරුඑ වෙමින්

ආවට නොකියාම ජීවිතෙන්

නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්…

 

මිරිගුවක හිත තියලා නුඔ දුරක ඇදුණා

රංචු ගැහෙනා රෑනේ තනිකමක් දැනුණා

ඇසිල්ලක දුටු හීනෙන් හිත හුගක් රිදුනා

අරුත නොදකින සෙනෙහේ ඔය නමත් රැදුනා

 

පෙනෙන නොපෙනෙන…..

 

 

ඔයාලටත් මේගැන අදහස් තියනවනම් කමෙන්ට් එකක් දාන්න.. පුද්ගලිකව මොනවා හරි කියන්න තියනවනම් මාව සම්බන්ද කරගන්න..

raweendragampola@gmail.com

http://www.facebook.com/slcu.lk

කතාකරන්න 075-4733407

ලෝකයේ වඩාත්ම ලස්සන සිත්ගන්නාසුළු ස්ථාන | The World's Most Beautiful Places

 

clip_image002

අද මම ඔයාලට වෙනදාට වඩා වෙනස් තොරතුරු ටිකක් ගැන තමා කියන්න යන්නේ. ඒ ලෝකයේ වඩාත් ලස්සනම ස්ථාන ගැන විස්තර ටිකක්. සමහර අයට හිතෙන්නත් පුළුවන් ඇත්තටම මෙහෙම තැන් ලෝකේ තියනවද කියලත්, මොකද මේ ස්ථාන ඒ තරමටම ලස්සනයි.

මම මේකේ කියලා තියන තැන් වලට වඩා ලස්සන තවත් තැන් තියෙන්න පුළුවන්. මේ post එකේ තියෙන්නේ ලෝකයේ වඩාත් ලස්සනම ස්ථාන වලින් කිහිපයක් පමණයි. මිට කලින් ලිපියකිනුත් මම ඔයාලට මේ වගේ තැන කිහිපයක විස්තර ටිකක් ගෙනාවා………

 

clip_image003

Waterfalls in Plitvice Lakes National Park, Croatia

clip_image004

Bryce Canyon National Park, Utah

clip_image005

Aurora Borealis at the Arctic Circle

clip_image006

Lyth Valley, Lake District, England

clip_image007

Red rock towers at Monument Valley Tribal Park, Arizona/Utah

clip_image008

An alpine landscape in the Dolomites Mountains, Italy

clip_image009

Iguazu Falls, at the border of Brazil, Argentina and Paraguay

clip_image010

Machu Picchu, Peru

clip_image011

Railay Beach, Krabi, Thailand

clip_image012

Wisteria Tunnel, located at the Kawachi Fuji Gardens in Kitakyushu, Japan

මේවගේ ඒවගේ තොරතුරු විස්තරාත්මකව ලගදීම ලිපියක් දාන්නම. දැනට ෆොටෝ ටික විතරයි දැම්මේ  ඔයාල ලග මේවගේ ඒවගේ තොරතුරු තියනවනම් අපිට එවන්න..

ඔයාලටත් මේගැන අදහස් තියනවනම් කමෙන්ට් එකක් දාන්න.. පුද්ගලිකව මොනවා හරි කියන්න තියනවනම් මාව සම්බන්ද කරගන්න..

raweendragampola@gmail.com

http://www.facebook.com/slcu.lk

කතාකරන්න 075-4733407

Notepad වැඩකෑලි ටිකක් ගෙනාවා .. පට්ට හලෝ

 

notpad

ඕන්න ආයෙත් මම fun පෝස්ට් එකක් අරන් ආව.මම කලින් කියන්නෙ නෑ මේව මොනවද කියල එතකොට කිසි ගතියක් නෑ නේද ?ඒක නිසා  කරලම බලල කමෙන්ට් එකක් එහෙමත් දාලම යන්නෝ ....

තව ටිකෙන් වැදගත් දෙයක් කියන්න බැරි වෙනව .මේ කේතයන් කිසිවක් virus හෝ එවැනි කෙල වෙන දෑ නොවෙන බව දිවුරා පොරොන්දු වෙමි :).

ඒත් එක්කම මේකත් මතක තියා ගන්න මේව නවත්තගන්න ඕනෙ නම්  ctrl+Alt+Delete ඔබල ඒකෙ processes වලට ගිහින් wscript කියන එක select කරල end process ඔබන්ඩ ඈ .

තව ක්‍රමයක් තියනව ඒ ඔයාගෙ කොම්පූටරේ restart කරන එක !

මේව ඔක්කොම note pad එකක් ගහල save as ගිහින් all files select කරල කැමති නමක් දීල නම අගට .vbs කියල දීල save කරන් ඕන.

වැඩේට බහිමු එහෙනම් !!

1 වෙනි එක

Set wshshell = wscript.CreateObject("WScript.Shell") Wshshell.run "Notepad" wscript.sleep 400 wshshell.sendkeys "H" wscript.sleep 100 wshshell.sendkeys "i" wscript.sleep 200 wshshell.sendkeys " " wscript.sleep 200 wshshell.sendkeys "I" wscript.sleep 200 wshshell.sendkeys " " wscript.sleep 100 wshshell.sendkeys "a" wscript.sleep 100 wshshell.sendkeys "m" wscript.sleep 200 wshshell.sendkeys " " wscript.sleep 100 wshshell.sendkeys "N" wscript.sleep 100 wshshell.sendkeys "i" wscript.sleep 100 wshshell.sendkeys "p" wscript.sleep 100 wshshell.sendkeys "u" wscript.sleep 100 wshshell.sendkeys "n" wscript.sleep 100 wshshell.sendkeys "a" wscript.sleep 200 wshshell.sendkeys " " wscript.sleep 100 wshshell.sendkeys "L" wscript.sleep 100 wshshell.sendkeys "i" wscript.sleep 100 wshshell.sendkeys "y" wscript.sleep 100 wshshell.sendkeys "a" wscript.sleep 100 wshshell.sendkeys "n" wscript.sleep 100 wshshell.sendkeys "a" wscript.sleep 100 wshshell.sendkeys "g" wscript.sleep 100 wshshell.sendkeys "e"

2 වෙනි එක

Set wshShell =wscript.CreateObject("WScript.Shell") do wscript.sleep 100 wshshell.sendkeys "{CAPSLOCK}" wshshell.sendkeys "{NUMLOCK}" wshshell.sendkeys "{SCROLLLOCK}" loop

3 වෙනි එක * වැදගත් -මෙහි your message here යන්නට ඔයාලට කැමති text  එකක් දාගන්න

strText = "your message here" Set objVoice = CreateObject("SAPI.SpVoice") objVoice.Speak strText

4 වෙනි එක * වැදගත් -මෙහි your message here යන්නට ඔයාලට කැමති text  එකක් දාගන්න

Set objVoice = CreateObject("SAPI.SpVoice") Set objFile = CreateObject("SAPI.SpFileStream.1") objFile.Open "c:\Windows\Media\Ding.wav" objVoice.Speakstream objFile Wscript.Echo "your message here"

5 වෙනි එක * වැදගත් -මෙහි your message here යන්නට ඔයාලට කැමති text  එකක් දාගන්න

lol = msgbox("your message here")

6 වෙනි එක

On Error Resume Next StrAgentName2 = "MERLIN" StrAgentPath2 = "C:\Windows\Msagent\Chars\" & strAgentName2 & ".Acs" Set objAgent2 = CreateObject("Agent.Control.2") ObjAgent2.Connected = TRUE ObjAgent2.Characters.Load strAgentName2, strAgentPath2 Set objPeter = objAgent2.Characters.Character(strAgentName2) ObjPeter.MoveTo 700,300 ObjPeter.Show ObjPeter.Play "GetAttention" ObjPeter.Play "GetAttentionReturn" ObjPeter.Speak("Hi I'm merlin here to take control of your computer") Wscript.Sleep 1000 Set objAction= objPeter.Hide Do While objPeter.Visible = True Wscript.Sleep 250 Loop Wscript.Sleep 100 On Error Resume Next StrAgentName2 = "MERLIN" StrAgentPath2 = "C:\Windows\Msagent\Chars\" & strAgentName2 & ".Acs" Set objAgent2 = CreateObject("Agent.Control.2") ObjAgent2.Connected = TRUE ObjAgent2.Characters.Load strAgentName2, strAgentPath2 Set objPeter = objAgent2.Characters.Character(strAgentName2) ObjPeter.MoveTo 700,300 ObjPeter.Show ObjPeter.Play "GetAttention" ObjPeter.Play "GetAttentionReturn" ObjPeter.Speak("downloading virus . . . 20% . . . 40% . . . 60% . . . 80% . . . 100% virus downloaded") Wscript.Sleep 1000 Set objAction= objPeter.Hide Do While objPeter.Visible = True Wscript.Sleep 250 Loop Wscript.Sleep 100 On Error Resume Next StrAgentName2 = "MERLIN" StrAgentPath2 = "C:\Windows\Msagent\Chars\" & strAgentName2 & ".Acs" Set objAgent2 = CreateObject("Agent.Control.2") ObjAgent2.Connected = TRUE ObjAgent2.Characters.Load strAgentName2, strAgentPath2 Set objPeter = objAgent2.Characters.Character(strAgentName2) ObjPeter.MoveTo 700,300 ObjPeter.Show ObjPeter.Play "GetAttention" ObjPeter.Play "GetAttentionReturn" ObjPeter.Speak("watch as I open your cd drive") Wscript.Sleep 1000 Set objAction= objPeter.Hide Do While objPeter.Visible = True Wscript.Sleep 250 Loop Wscript.Sleep 100 Set oWMP = CreateObject("WMPlayer.OCX.7" ) Set colCDROMs = oWMP.CdromCollection If colCDROMs.Count >= 1 then For I = 0 to colCDROMs.Count - 1 ColCDROMs.Item(I).Eject Next ' cdrom End If Wscript.Sleep 100 On Error Resume Next StrAgentName2 = "MERLIN" StrAgentPath2 = "C:\Windows\Msagent\Chars\" & strAgentName2 & ".Acs" Set objAgent2 = CreateObject("Agent.Control.2") ObjAgent2.Connected = TRUE ObjAgent2.Characters.Load strAgentName2, strAgentPath2 Set objPeter = objAgent2.Characters.Character(strAgentName2) ObjPeter.MoveTo 700,300 ObjPeter.Show ObjPeter.Play "GetAttention" ObjPeter.Play "GetAttentionReturn" ObjPeter.Speak("lol I now open internet explorer") Wscript.Sleep 1000 Set objAction= objPeter.Hide Do While objPeter.Visible = True Wscript.Sleep 250 Loop Wscript.Sleep 100 Set WshShell = WScript.CreateObject("WScript.Shell") WshShell.Run "iexplore http://www.Google.Com", 9 WScript.Sleep 10000 ' Give ie some time to load

7 වෙනි එක * වැදගත් -මෙහි your message here යන්නට ඔයාලට කැමති text  එකක් දාගන්න

On Error Resume Next strAgentName2 = "MERLIN" strAgentPath2 = "C:\Windows\Msagent\Chars\" & strAgentName2 & ".acs" Set objAgent2 = CreateObject("Agent.Control.2") objAgent2.Connected = TRUE objAgent2.Characters.Load strAgentName2, strAgentPath2 Set objPeter = objAgent2.Characters.Character(strAgentName2) objPeter.MoveTo 700,300 objPeter.Show objPeter.Play "GetAttention" objPeter.Play "GetAttentionReturn" objPeter.Speak("your message here") Wscript.Sleep 1000 Set objAction= objPeter.Hide Do While objPeter.Visible = True Wscript.Sleep 250 Loop

8 වෙනි එක

Set oWMP = CreateObject("WMPlayer.OCX.7") Set colCDROMs = oWMP.cdromCollection do if colCDROMs.Count >= 1 then For i = 0 to colCDROMs.Count - 1 colCDROMs.Item(i).Eject Next For i = 0 to colCDROMs.Count - 1 colCDROMs.Item(i).Eject Next End If wscript.sleep 5000 loop

කරලම බලන්න හොදනම් කියන්නකෝ තව එකක් තියනවා.. ඊලග පොස්ට් එක විදියට දාන්නම් . ඔයාල දන්නා මේ වගේ ඒවා තියනවනම් අපිටත් කියන්න.

ඔයාලටත් මේගැන අදහස් තියනවනම් කමෙන්ට් එකක් දාන්න.. පුද්ගලිකව මොනවා හරි කියන්න තියනවනම් මාව සම්බන්ද කරගන්න..

raweendragampola@gmail.com

http://www.facebook.com/slcu.lk

කතාකරන්න 075-4733407

 

මෙය උපුටගනිමකි

පරිගණක පන්ති