අඩු මුදලට පරිගණක පාඨමාලා

දැන්මම කතාකරන්න රවීන්ද්‍ර:075-4733407

ක්ලාස් කියල රවුම් ගහල ඉවයි

දැන්මම කතාකරන්න රවීන්ද්‍ර:075-473340

හරියට කියලදෙන්නති තැන එපවෙලද

දැන්මම කතාකරන්න රවීන්ද්‍ර:075-473340

MS Office ප්‍රශ්නයක්ද

දැන්මම කතාකරන්න රවීන්ද්‍ර:075-473340

කියක් හරි හොයාගමුද

දැන්මම කතාකරන්න රවීන්ද්‍ර:075-473340

Saturday, December 6, 2014

ඇදුමේ චුයින්ගම් එකක් ඇලවුනා ද? ලේසියෙන්ම ගලවමු SLCU.LK



ඔන්න දවසක් මම වැඩපළේ වැඩ අඩු දවසක යාළුවෙක් එක්ක පොඩි කතාබහක හිටිය. ඔහොම ඉද්දී අපේ තව යාළුවෙක් අවා. පොරගේ අයියා රට ඉදල චුයින්ගම් වගයක් එවල . එයා  චුයින්ගම් එකක් හප හප හිටියා.. අපි ලගට ඇවිත් අපිටත් දුන්නා. කලින් මගේ ලග හිටිය යාළුවා කතාව දිගටම කරගන ගියා. ඔහොම ඉද්දි මෙන්න එකපාරම බෝස් ගොඩ බැස්සා. කෙලිය තාප්පෙට අපිට චුයින්ගම් හපන්න තහනමේ නේ. කුරුත් කටවල් හොල්ලන්නේ නැහැ.
“මොකෝ කට්ටිය “
“නෑ සර්  අපි මේ පොඩි කතාවක හිටියේ “
“කට්ටිය මොනාදෝ පනවා වගේ දැක්ක. චුයින්ගම් එහෙම හපුව නෙමෙයිනේ  ”
“පිස්සුද සර් අපි එහෙම එපා කියපු දෙයක් කරලා තියනවද” අපේ කටකාරය පැනපු ගමන් කියපි
“අනිත් දෙන්න කෙසේ වෙතත් ඔයා තම ෂුවර් නැත්තේ “ කියමින් බොස් යන්ට ගියා

දැන් තමා වැඩේ කට්ටිය චුයින්ගම් හංගලා  එක එකා එක එක තැන. හොඳ වෙලාවට මම කටේ ම තියා ගන හිටියා. එක්කනෙක් අතට අරගන . අනිත් කෙනා කෙල්ල ඊයේ අරගන දුන්න ලේන්සුවට දාගන. අතට ගත්ත කෙනාගේ අල්ල පුරා චුයින්ගම් පොර ඉක්මනට ම වොෂ් රූම් එකට ගියා. අනිත් පොර ගේ ලේන්සුවේ හොදට ඇලිල කොල කෑලි අරගන ගලවනවා හරි යන්නේ නැහැ. පොර කියවනවා ගනු ළමයා දැන ගත්තොත් වාසල හමාර ලු. මේ ගාල ගෝට්ටිය අස්සට වැඩපළේ කෙල්ලක් අවා.
“අනේ මොකෝ මේ. ඔය අරයා ඊයේ දුන්න ලේන්සුව නේද .....? මම කියන්නංකෝ”
“අනේ මචෝ එහෙම කරන්න එපා”
“ලේන්සු ගත්තහම තරහ වෙනවා කියලා” මම දැන මුත්තෙක් වගේ කිව්වා.
“කතා පැත්තකින් තියල මේකට මොනවා හරි කියපංකෝ
ගින්න පත්තුවී තිබිණි යෙහෙළිය ගොස් මිතුරාගේ පෙම්වතියට සියල්ල පවසා තිබිණි.ඇය පැමිණෙන විට මිතුරා රතු විය
“අයියෝ ඩාර්ලින් මොකද කරගත්තේ”
“නෑ.... මේ..... මෙ..........” මිතුරාට වචන පැටලිණි
“ අනේ පැටියෝ බයවුනාද මම බනි කියලා. මම එච්චර නපුරු ද...? එන්න කෝ මම  ඔයක අයින් කරලා දෙන්නම්  .” මිතුරා සහ පෙම්වතිය පිටව ගියා . මම සහ අනිත් මිතුරා සිතුවී අදනම් ඉවරි කියාය. විනාඩි 10කට පමණ පසු ඔහු ආපසු පැමිණියේ ය. ලේන්සුවේ තිබු චුඉංගම්  ඉවත්වී තිබිණි.
“අලුත් එකක් අරන් දුන්න ද”

නෑ බන් පොඩි දෙයි කරන්න ඕන.. අයිස් කැටයක් තිබ්බ චුයින්ගම්  ලේසියෙන්ම අයින් කරන්න පුළුවන්...”



ඔයාලාට මේවා උපකාර වෙනවා නම් මේක අනිත් යටත් ෂෙයාර් කරන්න වැරැද්දක් අඩුපාඩුවක් තියන නම් හරි  හොදයි නම් හරි කමෙන්ට් පාරක් දන්න. එක මට හයියක්. මම පුළුවන් ඉක්මනට මේක වෙබ් සයිඩ්  එකක් බවට පත් කරනවා. ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා.


 මගෙත් එක්ක සහයෝගෙන් වැඩකරන්න කැමතිනම් මාව සම්බන්ධ කර ගන්න 
(+94)075-4733407

(+94)072-6545437


Friday, October 24, 2014

උපන් ලප හෙළි කරන රහස්‌ SLCU.LK

----------------------


---------------------------
උපන් ලපය වාසනාව හෝ අවාසනාව රැගෙන එන්නේ යෑයි විශ්වාසයක්‌ අප තුළ ඇත. උපන් ලපය නිසා ලැබෙන වාසනාව හෝ අවාසනාව තීරණය වන්නේ උපන් ලපය පිහිටා ඇති ස්‌ථානය, එහි පාට සහ එය කොතරම් විශාලද යන කාරණාව මතයි. 


උපන් ලප පෙර ආත්ම භවයන්ගේ සිට අප කරපින්නා ගෙන එන කර්මය මේ ආත්මයේදී ප්‍රකාශනය වන ක්‍රමයක්‌ ලෙසද මතයක්‌ පවතී. උපන් ලප හෙළිකරන රහස්‌ පිළිබඳ අද අපි ඔබට ඉදිරිපත් කරමු. 

ප්‍රථමයෙන් සිරුරේ ඉදිරිපස පිහිටා ඇති උපන් ලප පිළිබඳව අවධානය යොමු කරමු. 

උපන් ලපය 01 
ඔබේ ජීවිතය අභියෝගාත්මකය. අසීරු කාලවලට මුහුණ දෙනු ඇත. නමුත් ශරීරයේ ඉදිරිපස පිහිටා තිබෙන මෙවැනි උපන් ලප රතු පැහැති නම්, එයින් සංකේතවත් වන්නේ එම අභියෝග ජයගෙන ඉදිරියට යන බවයි.

උපන් ලපය 02 
ඔබ පහසුවෙන් ම පීඩනයට හසුවන අයෙකි. විශේෂයෙන්ම ඔබ ආදරය කරන අය නිසා නිතර සිත් තැවුල් ඇති කර ගැනීමට ඉක්‌මන් වේ. නමුත් ඒ සෑමවිටම ගැඹුරු හුස්‌මක්‌ 
රැගෙන අනවශ්‍ය ළතැවිල්ල පා කර හරින්නට අමතක කරන්න එපා. 

උපන් ලපය 03 
ඔබ ජනප්‍රිය හා ප්‍රයෝජනවත් අයෙකි. එක පිට එක පැමිණෙන අභියෝග නිසා ඔබගේ ජීවිතය කාර්ය බහුල වනු ඇත. ඔබට වැඩවලින් අඩුවක්‌ නැත. එසේම සමාජශීලි බවෙන්ද ඔබ ඉදිරියෙන් සිටී. එයට හේතුව වනුයේ හොඳින් වගකීම් උසුලමින් ඉහළට යාමට ඔබ තුළ ඇති ආශාව නිසා ය. 

උපන් ලපය 04 
මෙම උපන් ලපය හිමි ඔබ ආහාර පුරුදුවලදී ප්‍රවේශම් විය යුතුය. විශේෂයෙන්ම උපන් ලපය කළු පැහැති නම් සහ හොඳින් කැපී පෙනෙයි නම් හොදින් සැලකිලිමත් විය යුතුය. අවේලාවලදී පමණ ඉක්‌මවා ආහාර නොගන්න. නමුත් මෙම උපන් ලපය ලා පැහැති නම් ඔබගේ සහකරු හෝ සහකාරිය ඔබට බෙහෙවින් ආදරය කරයි.

උපන් ලපය 05 
ළයේ ඉහළ කොටසේ පිහිටා තිබෙන මෙම උපන් ලපයට හිමිකම් කියන අයට දුක්‌ කරදර ස්‌වල්පයක්‌ සහිත ප්‍රීතිමත් ජීවිතයක්‌ සංකේතවත් කරයි. නමුත් වයස අවුරුදු පනස්‌ ගණන්වල පසුවෙද්දී සෞඛ්‍යය ගැන නිරෝගීකම පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. 

උපන් ලපය 06 
මෙම උපන් ලපය හිමි තැනැත්තා ලොකු සිහින දකින, ඉතාම අපේක්‌ෂා සහගත පුද්ගලයෙකි. ඔබගේ දෛව සටහනේ සාර්ථකත්වය ගැන ඉහළින් සඳහන් ව ඇති නම් එම සිහින සහ අපේක්‌ෂා අනාගතයේ යථාර්ථයක්‌ වනු ඇත. 

උපන් ලපය 07 
මෙවැනි උපන් ලපයක්‌ හිමිවන්නේ ත්‍යාගශීලී හා කරුණාබර හදවතක්‌ හිමි අයටය. එසේම ඔබ තමන් කරන කාර්යයේ අවංකකම හා විශ්වාසනීයත්වය 
රැකෙන පරිදි කටයුතු කිරීමට වගබලා ගනී.

උපන් ලපය 08 
උදරය මත ඇති මෙම උපන් ලප හැම අතින් ම වාසනාවන්ත ජීවිතයක්‌ සංකේතවත් කරයි. ඔවුන්ගේ ජීවිතය සැහැලුවෙන් ගලා යන්නකි. අවදානම් සහගත තත්ත්වයක්‌ අඩුය. ආරක්‌ෂිතය. උපන් ලපය ප්‍රමාණයෙන් කුඩා නම් මේ ගුණාංග තවත් ඉහළ යයි. 

උපන් ලපය 09 
උදරයේ පහළ කොටසේ ඇති මෙම උපන් ලපය හිමි තැනැත්තා ඉතාම සෞභාග්‍යවත් පුද්ගලයෙකු බව හඟවයි. එයද ප්‍රමාණයෙන් කුඩා වන්නේ නම් වාසනා ශක්‌තිය විශාල වේ. එම උපන් ලපය තද පැහැය මෙන්ම පැහැදිලිව දැකගත හැකි එකක්‌ විය යුතුය. නාභිය අසලින් ම පිහිටා තිබේනම් ඔහු විශාල ධනවතෙකු වනු ඇත.

උපන් ලපය 10 
පුරුෂයෙකුගේ මෙම ස්‌ථානයේ උපන් ලපයක්‌ පිහිටා ඇති නම් ඔහුට දරු සම්පතින් අඩුවක්‌ නැත. 

උපන් ලපය 11 
පපු පෙදෙසේ පිහිටා ඇති මෙම උපන් ලපයෙන් කියෙවෙන්නේ කීකරු දරුවන් ඔබ වෙත සතුට 
රැගෙන එන බවයි. එම නිසා ඔබට ආඩම්බර වීමට පුළුවනි. 

උපන් ලපය 12 
මෙම උපන් ලපය විශාල වාසනාවක්‌ උදාකර දෙනු ඇත. සැහැල්ලුවෙන් ගලා යන ජීවිතයේ අනපේක්‌ෂිත වාසනාවන්ගෙන් ද අඩුවක්‌ නැත. මෙම උපන් ලප යුගල ලෙස පිහිටා ඇත්නම් ධනවත්, සෞභාග්‍ය සම්පන්න ජීවිතයකට හිමිකම් කියයි. 

උපන් ලපය 13 
පුරුෂයෙකුට මෙම උපන් ලපය පිහිටා ඇතිනම් ඔහුට සුන්දර බිරිඳක්‌ ලැබෙයි. ස්‌ත්‍රියකට නම් කඩවසම් සැමියෙක්‌ ලැබෙනු ඇත. මෙම උපන් ලපය හිමි තැනැත්තා සුන්දර පෙනුමකට උරුමකම් ඇත්තෙකි.
උපන් ලප 14 

පුරුෂයකුගේ බාහුවේ මෙම ස්‌ථානයේ පිහිටා තිබෙන උපන් ලපය සෞභාග්‍යය සංකේතවත් කරයි. එය බාහුවේ යටි පැත්තට වන්නට සැඟවී මෙන් පිහිටයි නම් ඔබ ජීවිතයේ උසස්‌ ස්‌ථානයකට පත්වෙයි.

මෙවැනි උපන් ලපයක්‌ හිමි කාන්තාවන් ඇය සිය දරුවන්ට මේ ලෝකයේ තිබෙන ඉහළම ආරක්‌ෂාවත් ආදරයත් උරුම කර දීමට කැපවෙයි. ඇය වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම දරුවන් සමග බද්ධ වූ ආදරණීය මාතාවකි.

උපන් ලප 15 

උඩ බාහුවේ මෙතැන පිහිටි උපන් ලපයෙන් කියවෙන්නේ ඕනෑම දෙයක්‌ ලබා ගැනීමට ඔබ බොහෝ වෙහෙස වී වැඩ කළ යුතු බවයි. විශේෂයෙන්ම ඇඟ වෙහෙසා වැඩ කිරීමට සිදුවනු ඇත.

උපන් ලප 16 

වැලමිටේ ඇතුල් පැත්තට වන්නට මෙතැන පිහිටා ඇති මෙම උපන් ලපය මගින් අදහස්‌ කරන්නේ බොහෝ වෙහෙසවී ඔබ වැඩ කළත් ප්‍රතිපල ලබා ගැනීමට අපහසු බවයි.

කාන්තාවකට මෙම උපන් ලපය හිමි නම් ඔබ මුදල් පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. අර පරිස්‌සමින් වියදම් කළ යුතු කෙනෙකි. මහන්සියෙන් උපයාගත් මුදල් ක්‌ෂණිකව වැයවී යන කාරණා ඔබට සුලබව යෙදේ.

උපන් ලප 17 

අතේ යට බාහුවේ යටි පැත්තට වන්නට පිහිටා තිබෙන මෙම උපන් ලපයෙන් සංකේතවත් වන්නේ ජීවිත කාලය පුරාම ඔබ මුදල් සමග හොඳින් ගැවසෙන කෙනෙකු බවයි. ඔබ අතේ ගැවසෙන මුදල් ඔබගේම මුදල් නොවන්නට පුළුවන. නමුත් ඔබ ප්‍රවේශම් විය යුතුය. අනතුරු අඟවන උපන් ලපයකි මෙය. 

ස්‌ත්‍රියකගේ මෙම ස්‌ථානයේ පිහිටා ඇති මෙම උපන් ලපය මගින් කියන්නේ ඇය රහස්‌ රැක ගත නොහැකි කෙනෙක්‌ බවයි. එම නිසා මෙවැනි කාන්තාවන් විශ්වාස නොකළ යුතු බවයි. ඇය රහස්‌ හෙළිකරන්නේ සෙසු අයට හානියක්‌ කිරීමේ අදහසකින් නොව ඇය තුළ ඇති දොඩමලුවීමේ ආශාව නිසාය. නමුත් ප්‍රවේශමෙන්. 

උපන් ලප 18 

ප්‍රතිපත්ති ගරුක බව අඩුවෙන් ඇති කාන්තාවන් අතෙහි මෙම උපන් ලපය පිහිටා තිබේ. පමණ ඉක්‌මවා මුදල් වියදම් කිරීමේ දුර්ගුණයද ඇය සතුය. මැණික්‌කටුවේ ඇතුල් පැත්තට වන්නට පිහිටා තිබෙන මෙම උපන් ලපය හිමි ස්‌ත්‍රී පුරුෂ සැමම මුදල් වියදම් කිරීමට ආශා කරන අයයි. සැමටම ආර්ථික අතින් දුෂ්කරතාවලට මුහුණපෑමට සිදුවේ. පුණ්‍ය කටයුතු සඳහා මුදල් දීමට පුරුදුවන්න. එමගින් අර්ථවත් දේ සඳහා පමණක්‌ ඔබ මුදල් වැයකිරීමට පුරුදු පුහුණු වනු ඇත. ඔබ ධනවත් මුත් ලැබෙන ආදායමට වඩා වියදම ඉහළ යාමේ ස්‌වභාවයක්‌ දිස්‌වේ. නමුත් මෙම උපන් ලපය පිහිටා ඇත්තේ දකුණු අතේ නම් එවැනි අය වෙත ධනය ගලා එන බවටද විශ්වාසයක්‌ පවතී.

උපන් ලප 19 

පිරිමි අයගේ කලවය ඇතුල් පැත්තට වන්නට උපන් ලපයක්‌ හෝ උපන් ලප කිහිපයක්‌ පිහිටා ඇතිනම් උපතින් හිමිවන ධනයකට උරුමකම් කියයි. කාන්තාවන්ගේ මෙසේ පිහිටියේ නම් ඇය ස්‌වෝත්සාහයෙන්ම ධන වාසනාව උදාකර ගත යුතු බව පැවසෙයි.

උපන් ලප 20 

පාදයේ පහළ කොටසේ පිහිටි මෙම උපන් ලපය සුබ ලකුණක්‌ නම් නොවේ. මෙමගින් ජීවිතයේ අසීරු කාල පරිච්ඡේද සහ විඳවීම් හඟවනු ඇත. 

උපන් ලප 21 

පාදයේ මෙම කොටසේ පිහිටා ඇති උපන් ලප පුරුෂයන්ගේ පිහිටා ඇති නම් එමගින් සංකේතවත් කරන්නේ සතුට සහ සංචාරයයි. රැකියා සඳහා දුර බැහැර ගමන් හෝ පිටරට යාමට සිදුවනු ඇත. උපන් ලපය තිතක්‌ මෙන් කුඩා නම් සතුට පෙන්වයි. නමුත් එය කැළැලක්‌ මෙන් විශාල නම් එයින් අදහස්‌ කෙරෙන්නේ එම සංචාරවලදී විවිධ ගැටලු මතුවිය හැකි බවයි.

පසුපස පෙදෙසේ පිහිටි උපන් ලප 

උපන් ලපය 38 

තට්‌ටම ප්‍රදේශයේ පිහිටා තිබෙන උපන් ලප නිර්මාණශීලිත්වය, බුද්ධිය හා ප්‍රඥාව පිළිබඳ සලකුණකි. මෙම උපන් ලපය හිමි ඔබ දියුණුවට පත්වන හා සෙස්‌සන්ගේ ගෞරවාදරයට පාත්‍රවීමට නියමිත අයෙකි. 

උපන් ලපය 39 

කලවයේ පිටුපස පිහිටා තිබෙන උපන් ලපද වාසනාව, ජනප්‍රියත්වය හා ධනවත් බව පිළිබඳ ලකුණකි. 

උපන් ලපය 40 

විශේෂඥ දැනුමක්‌ හා ශූර බුද්ධියකින් යුතු අයෙකි. මෙවැනි අය කෙරෙහි විශ්වාසය තබා කටයුතු කළ හැකිය. උපන්ගෙයි නායකයන්ය. 

උපන් ලපය 41 

දණහිසට පිටුපසින් පිහිටා තිබෙන මෙම උපන් ලපය අයහපත පිළිබඳ සංකේතයකි. ජීවිතයේ ඔබට හොඳ දෙයට වඩා නරක දෙය අත්දැකීමට සිදුවනු ඇත. මෙවැනි උපන් ලප කුඩා සැත්කමක්‌ මගින් ඉවත් කර ගැනීමට හැකි නම් වඩා හොඳ වේ.

උපන් ලපය 42 

පාදයේ පිටුපස මෙම ස්‌ථානයේ පිහිටා ඇති මෙම උපන් ලපය හිමි පුද්ගලයා ඉතාම කාර්යබහුල අයෙකි. නමුත් වැඩ කිරීම තුළින් ඔහුට කීර්තිය අත්වන නිසා එය "හොඳ" උපන් ලපයකි. මහජන සම්බන්ධතා හොඳින් පවත්වා ගන්නෙකි. 

උපන් ලපය 43 

පාදයේ වළලුකර පිටුපස උපන් ලපයක්‌ හිමි අය නිතරම ගෙදරින් දුරස්‌ වී සිටින බව සදහන් වේ. නිවසින් දුර බැහැර සංචාරය කරන්නෙක්‌ද විය හැක.

උපන් ලපය 44 

මෙම උපන් ලපය කාන්තාවකට පිහිටා ඇතිනම් ඇය තත්ත්වයක්‌ හෝ හොඳ නමක්‌ නොපවතින කාන්තාවක්‌ විය හැක. නිරාවරණය කිරීමට නුසුදුසු මෙය ආවරණය වර පරිදි ඇඳුම් ඇඳීම කළ යුතුය. 

උපන් ලපය 45 

ආදරය ලැබීම හා විවාහය වාසනාවන්ත වීම යන කරුණු අතින් එතරම් වාසනා බලයක්‌ නොමැති කාන්තාවන්ගේ මෙවැනි උපන් ලපයක්‌ පිහිටීමටද ඉඩතිබේ. මෙම උපන් ලපය තද පාටයි. නම් එකී අසුබ බලපෑමද ඉහළ යයි. ඇමරිකානු නිළියක වන රුෂෙල් වෙයිස්‌ගේද එවැනි උපන් ලපයක්‌ දැකිය හැක. 

උපන් ලපය 46

තම ජීවිතයේ ඕනෑම කටයුත්තකදී වගකීම් රහිතව අපිළිවෙලට වැඩ කිරීම මෙම උපන් ලපය මගින් සංකේතවත් කරයි. තවද මොවුන් සිය ආර්ථිකය නිසියාකාරව සකසුරුවම් කිරීමට නොදනී. ඒ පිළිබඳව දක්‌වන්නේ ද උදාසීන ප්‍රතිපත්තියකි. එම නිසා මෙම උපන් ලපය හිමි අයගේ ජීවන රටාව අවුල් සහගත වන අතර එම හේතුවෙන් විවිධ ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවෙයි. එම නිසා මෙම උපන් ලපය හිමි ඔබ මේ කරුණු ගැන වඩාත් සැලකිල්ලෙන් සිටීම ඉතා සුබය. 

උපන් ලපය 47

වළලුකරේ පිට පැත්තේ පිහිටා ඇති මෙම උපන් ලපය මගින් පෙන්නුම් කරනු ලබන්නේ කැඩී බිඳී විසිරී යන පවුල් ජීවිතයක උරුම කාරයෙක්‌ බවයි. එසේත් නොමැතිනම් ජිවිතයේ වයස හතළිස්‌ ගණන්වලදී අසාර්ථක විය හැකි ආදරයක්‌ පිළිබඳවයි. 

මෙම අහිතකර බලපෑම අවම කර ගැනීමට ඔබට භාවිත කළ හැකි ක්‍රමයක්‌ වන්නේ මෙම උපන් ලපය ආවරණය පරිදි දිගු අත් සහිත ඇඳුම් භාවිතා කිරීමෙනි. මෙසේ කිරීමට ඔබ වග බලා ගන්නේ නම් ඔබට ඇතිවිය හැකි නරක අවම වනු ඇත. 

උපන් ලපය 48 

අත්ල පිටුපස පිහිටා තිබෙන මෙම උපන් ලපය හිමි ඔබ විශාල ධන සම්භාරයක්‌ උපයා ගත හැකි කෙනෙකි. මේ ගැන අවධානය යොමුකර වෙහෙස මහන්සි වී කැපකිරීම් කරමින් ධනය උපයාගත හැකි ක්‍රම සොයා බලා ඒ සඳහා යොමුවන්න.

මුහුණේ උපන් ලප හෙළි කරන රහස්‌ 

කැඩපතක්‌ ඉදිරියට ගොස්‌ ඔබේ මුහුණ දෙස හොඳින් බලන්න. ඔබේ මුහුණේ උපන් ලප පිහිටා තිබෙනවා ද? උත්තරය ඔව් නම් එම උපන් ලප පිහිටි ස්‌ථාන හොඳින් මතක තබා ගන්න. මේ සමඟ ඇති රූපයේ දක්‌වා ඇති ස්‌ථානවල ඔබගෙත් උපන් ලප පිහිටා තිබෙනවා ද? එසේ නම් එම අංක වලට අදාළව විස්‌තර කර ඇති රහස දැනගන්න. ඔබගේ මිතුරන් , ඥාතීන් ආදි අනෙක්‌ අය ගේ මුහුණෙන් හෙළිවන රහස්‌ දැන ගන්නට ඔබටත් පුළුවන්.

උපන් ලප අංක 01, 02, 03 

දරුවෙකු ලෙස සිටියදී ඔබ විප්ලවීය ගති පැවතුම් තිබූ නිදහස්‌ සිතිවිලි වලින් හෙබි නිර්භීත අයෙකි. නිර්මාණශීලි හැකියාවන් සඳහා සහජ දක්‌ෂතා ඔබ සතුය. එම කුසලතා හා හැකියාවන් සාර්ථක කර ගැනීමට පුළුල් නිදහසක්‌ ඔබට තිබිය යුතුය. ඔබ දායකවන ඕනෑම කටයුත්තකදී පුරෝගාමියා වීමේ වාසනාව ඔබ සතුය. ප්‍රධානියෙක්‌ යටතේ සේවය කිරීමට එකඟ නොවන බව, ඔබගේ ස්‌වාමියා තමන්ම යන ආකල්පය මුදුන් පමුණුවා ගන්නෙකි. ඒ නිසාම ඔබට දිනක වාසනාව උදා වනු ඇත.

උපන් ලපය අංක 04 

ආකර්ෂණීය පෞරුෂයක්‌ හිමි ඔබ ජනප්‍රිය චරිතයකි. නමුත් ජීවිතයේ වැදගත් අවස්‌ථාවන් වලදී තීරණ ගැනීමට පසුබට වීමට ඉඩ ඇත. තවද විකල්ප කිහිපයක්‌ ඔබ ඉදිරියේ ඇති විට සුදුසුම විකල්පය තෝරා ගැනීමට ඔබ අසමත් ය. ඕනෑම කාරණාවක්‌ සම්බන්ධව වාද කිරීමට ඉතා උනන්දු මුත් කිසිවෙකු හා අමනාපයෙන් සිටීමට කැමති නැත. සන්සුන් කමක්‌ නොමැති ඔබ ක්‌ෂණිකව කෝපයට පත්වන චරිතයකි. 

උපන් ලපය අංක 05 

ඇහි බැමට උඩින්a පිහිටා තිබෙන මෙම උපන් ලපය හිමි ඔබට ධන වාසනාව උදාවෙනු ඇත. ඒ සඳහා ඔබ සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා වැඩියෙන් වෙහෙස මහන්සි වී වැඩ කළ යුතුමය. මිහිරි - චාටු කතාවෙන් ඔබේ ධනය සූරා ගන්න මාන බලන අය අපමණ ය. කිසිවෙකු පමණට වඩා විශ්වාස නොකිරීමට වග බලා ගත යුතුය. ඔබගේ සහජ ඥාණය භාවිත කරමින් ඔබේ ආදායම ප්‍රවේශම් කර ගන්න. මුදල් පාලනය කිසිවෙකුට භාර දීම නොකළ යුතුය. 

උපන් ලපය අංක 06

ඇහිබැම මත උඩින් උපන් ලපයක්‌ හිමි ඔබ උපතින් ම කලාකරුවෙකි. නිර්මාණශිලිත්වය හා හොඳ බුද්ධියක්‌ ඔබ සතුය. කලා හැකියාව ඔබට ධනය, කීර්තිය සහ සාර්ථකත්වය උදාකරදේ. නමුත් ධන වාසනාව ළඟා කර ගැනීම සඳහා ජීවිකාවක්‌ ලෙස කලාවේ 

නිරත නොවී විප්ලවීය අදහසින් නව නිර්මාණ බිහි කළ යුතුය. එවැනි විප්ලවීය අදහස්‌ අනුව නිර්භීතව නිර්මාණ වල නිරත වන්නේ නම් ඔබට ධන වාසනාව උදාවනු ඇත.
උපන් ලපය අංක 07 - පවුල් ප්‍රශ්න 

ඇහි බැමට පහළින් ඇති උපන් ලපයක්‌ හිමි ඔබ පවුල් ප්‍රශ්නවලට මුහුණ දෙන කෙනෙකි. එම ප්‍රශ්න නිසාම ඔබ කනස්‌සල්ලට පත්විය හැකිය. රැකියාව සඳහා ද මෙම ප්‍රශ්න බලපෑම් කරනු ඇත. ඒනිසාම වහා ම ඔබ කළ යුතු වන්නේ පවුලේ ඥාතීන් සමඟ තිබෙන ප්‍රශ්න සාමකාමීව විස¹ ගැනීම යි. 

උපන් ලපය අංක 08 - ප්‍රවේශමෙන් 

අධික වියදම්කාරි බව නිසා ම ඔබේ ආර්ථික මට්‌ටම අසතුටුදායක ය. සූදුව කෙරෙහි යොමුවීමට ඉතා කැමැත්තක්‌ දක්‌වයි. නමුත් සීමාව දැනගෙන ඕනෑම දෙයක්‌ කළ යුතුය. ඕනෑම තරාතිරමේ කෙනෙක්‌ වරදට පොළඹවා ගැනීමේ ශක්‌තියක්‌ ඔබ සතු නිසා නොයෙක්‌ කරදර වලට පැටලීමට සිදුවෙයි. මෙම කාරණා - සැලකිල්ලට ගෙන ප්‍රවේශමෙන් කටයුතු කරන්න.

උපන් ලපය අංක 09 නිමක්‌a නැති කරදර 

ජීවිත කාලය පුරාවට ම සංකීර්ණ ප්‍රශ්න වැලකට මුහුණ දීමට ඔබට සිදුවෙනවා ඇත. මෙම උපන් ලපය මගින් සංකේතවත් වන්නේ නිමක්‌ නැති කරදර ඔබ පසුපස හඹා එන බවයි. කල්පනාකාරීව කටයුතු කිරීමට වගබලා ගන්න

උපන් ලපය අංක 10- දරුපල වලින් හිඟයක්‌ නැත. 

ඔබට දරු පලවලින් හිZඟයක්‌ නැත. දූ දරුවන් සහ දරු මුණුබුරන් රාශියක්‌ පිරිවරාගෙන සතුටින් ජීවත්වීමේ දුර්ලභ වාසනාව ඔබට හිමිය. සමීපතමයන්ගෙන් පවා උදව් උපකාර ලැබේ. ඔබට ලැබෙන සහකරු හෝ සහකාරිය ද මානසික වශයෙන් පවා ඔබව තෘප්තිමත් කිරීමට සමත් අයෙකු ය. 

උපන් ලපය අංක 11 ශරීර සෞඛ්‍යයට අහිතකරයි. 

විවිධ ලෙඩ රෝග වලට ගොදුරුවීමේ අවදානමක්‌ පෙන්නුම් කරයි. විශේෂයෙන් ම මෙම උපන් ලපය තද පාටට ලොකුවට පිහිටියේ නම් ඔබ තම ශරීර සෞඛ්‍යය ගැන නිතර අවධානයෙන් සිටීම ඔබගේ ශරීරය සෞඛ්‍යයට හිතකරවන්නට පුළුවනි. 

උපන් ලපය අංක 12 - දීර්ඝායුෂ හිමිවේ 

කට කොණවන්නට පිහිටා තිබෙන මෙම උපන් ලපය ඉතාම සාර්ථක සහ සමබර ජීවිතයක සළකුණකි. ධනය සමඟ නිරායාසයෙන් ම ඔබට ප්‍රසිද්ධිය ද ලැබෙනු ඇත. දීර්ඝායුෂ හිමි ඔබට ප්‍රීතිමත් පවුල් ජීවිතයක්‌ ද හිමි ය. මෙම උපන් ලපය කාන්තාවකට පිහිටා තිබෙයි නම්, ඇය අතිශයෙන්ම වාසනාවන්ත ය. එමෙන් ම මන බඳනා අයෙක්‌ වන්නී ය. 

සුපරි හොලිවුඩ් නිළි කෝට්‌ හඩ්සන්ගේ මව වන ගෝල්ඩී හොන්ගේ ද මෙම ස්‌ථානයේ උපන් ලපයක්‌ පිහිටා තිබේ. අතීතයේ සුපිරි නිළියක්‌ වූ ඈ විවාහ පත්වූයේද සුපිරි නළු කර්ට්‌ රසල් සමඟ ය. ගෝල්ඩ් ගේ ජීවිතය හැම අතින් ම සාර්ථක ය. හැම අතින් ම පිරිපුන් ය. 

උපන් ලපය අංක 13 

ඔබගේම දරුවන් ඔබගේ ජීවිතයේ විශාලම කණස්‌සල්ල වීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ විශේෂයෙන් සැලකිලිමත් වන්න. ඔබ ඔවුන් සමග සමීප සම්බන්ධතාවයන් ගොඩ නගා ගත යුතුමය. ඔබගේ දුරස්‌ථ බව ඔබට ඇතිවන ප්‍රශ්නවල මුලයි. 

උපන් ලපය අංක 14 

ආහාර විෂ වීම පිළිබඳ ඔබ විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුය. අසාත්මිකතා ඇති විය හැක. පමණට වඩා ආහාර ගැනිමෙන් වළකින්න. 

උපන් ලපය අංක 15 

ඔබ තැනින් තැනට යන කෙනෙකි. නිතර ගෙවල් මාරු කරන්නෙකි. අලුත් දේවල්වලටත් අලුත්ස්‌ථාන වලටත් ඔබ ඉතා කැමතිය. ඉතා හොඳ ඇසක්‌ ඇති ඔබ නිරික්‌ෂණයේ සංචාරයේ හා ත්‍රාසජනක ක්‍රියාවන්ගේ යෙදීමේ හපනෙකි.

උපන් ලපය අංක 16 

ආහාර පිළිබඳ සහ ලිංගික ජීවිතයේ ඇතිවිය හැකි ප්‍රශ්න පිළිබඳ ඔබ විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. අධික තරබාරුව නිසා ඔබ මානසිකව දුර්වල වීමටද ඉඩ තිබේ. ඔබ අනුරාගිය. සමහර විටෙක එක්‌ අයෙකුගෙන් සෑහීමට පත්වීමට අකමැතිය. නමුත් සදාචාරයට ගරු කරන ඔබ ඒ නිසාම එම හැඟීම් යටපත් කර ගන්නා අයෙකි. නමුත් ඒ පිළිබඳව පසු තැවෙමින් මානසික පීඩනයට ලක්‌වනු ඇත. 

===========================

සුදුපාට උපන් ලප ගැන බියවෙන්න එපා

උපන් ලප.. සමහරු බොහොම කැමති දෙයක්‌. මුහුණේ එහෙම පෙනුම වැඩි කරන්න උපන් ලප පිහිටනවාට වඩාත් කැමති කාන්තාවන්. කොහොම වුනත් අලුත උපන් දරුවෙකුගේ මොළකැටි සමේ උපන් ලප පැහැදිලිව බලා ගන්න පුළුවන්.

ඔබ දැකලා ඇති ළදරු සමේ තියෙන බ්ලැක්‌ නීව්ස්‌ ලෙස හඳුන්වන කලුපාට උපන් ලප වර්ගය. මේවා ආකාර කිහිපයකට චර්මය තුළ දකින්නට පුළුවන්. කලුපාට කුඩා තිතක්‌ ආකාරයට, ඇතැම් විට මුළු ශරීරයේ පදාසයක හෝ විශාල ප්‍රදේශයක කලු පැහැති රෝම සහිත ආකාර යන විදිහට. මේවා කිසිදු හානියකින් තොර සම මත පිහිටා තිබෙන දෙයක්‌. නමුත් විශාල ප්‍රදේශයක පැතිරිලා තිබෙන විශාල උපන් ලප ජයන්ට්‌ නීව්ස්‌ ලෙස අපි හඳුන්වනවා. මෙහි තේරුම වෙන්නේ විශාල හෙවත් යෝධ යන්නයි. මෙවැනි උපන් ලප ළදරුවන්ගේ සමේ තිබෙනවා නම් සැලකිලිමත්වීම ගොඩක්‌ හොඳයි. මෙවන් උපන් ලප අහිතකර රෝගවලට පරිවර්තනය වෙන්නට පුළුවන්.

සම මතුපිට විශාල ප්‍රදේශයක්‌ පුරා පැතිර තිබෙන උපන් ලප පිළිබඳව චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයෙක්‌ ලවා පරීක්‍ෂා කර ගන්නවා නම් හොඳයි. ප්ලාස්‌ටික්‌ ශල්‍ය කර්මයක්‌ මගින් ඒවා පියවරෙන් පියවර සමෙන් ඉවත් කරන්න පුළුවන්. මෙතනදී කරන්නේ ශරීරයේ වෙනත් තැනකින් ලබාගත් සමේ කොටස්‌ මගින් එම උපන් ලපය තිබෙන කොටස ආවරණය කිරීමක්‌. ඊට අමතරව දැන් දැන් මෙවැනි උපන් ලප ශරීරයෙන් ඉවත් කරන්න ලේසර් ප්‍රතිකාරය භාවිත කරනවා. මෙම විශාල පරිමාණයේ උපන් ලප වර්ගය පැහැපත් සමක්‌ සහ තලෙළු සමක්‌ තිබෙන ඕනෑම ළදරුවෙක්‌ගේ සම මතුපිට ඇතිවෙන්න පුළුවන්. මෙතනදී අපි වෛද්‍යවරයෙක්‌ හමුවෙලා පරීක්‍ෂා කරගන්න කියන්නේ මේවා ඇතැම් විට අනාගත පිළිකා බවට පත්වෙන්න පුළුවන් නිසයි. මතක තබා ගන්න මෙයින් අපි කියන්නේ නැහැ විශාල උපන් ලප තිබෙන ඕනෑම ළදරුවෙක්‌ අනාගතයේ පිළිකාවකට ලක්‌වෙනවා කියලා. අනවශ්‍ය බියක්‌ ඇති කරගන්නත් අවශ්‍ය නැහැ. මෙවන් තත්ත්වයක්‌ ඇතිවෙන්නේ ඉතාම කලාතුරකින්.

තවත් අවස්‌ථාවක්‌ වෙන්නේ සුදුපාට උපන් ලප සම මතුපිට පිහිටා තිබීමයි. මේවා වර්ග කිහිපයක්‌ තිබෙනවා. එක්‌ වර්ගයක්‌ අපි එක්‌ක්‍රොවය කියලා හඳුන්වනවා. තවත් එකක්‌ නීව්ස්‌ ඇනමික්‌ස්‌ කියලා හඳුන්වනවා. මෙම එක්‌ එක්‌ උපන් ලප වර්ගයන් හඳුනාගන්න එම ලප පිළිබඳව චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයෙක්‌ට පුළුවනි. නමුත් සුදු උපන් ලපවලට බෙහෙත් හෝ ප්‍රතිකාර නැහැ. ළදරුවෙකුට සුදු උපන් ලප තිබීමෙන් ශරීරයට කිසිදු හානියක්‌ නොවන බව අපට පැහැදිලිවම කියන්න පුළුවන්. මේවා මගින් බලපෑමක්‌ ඇති කරන්නේ කෙනෙකුගේ බාහිර රූපයට පමණයි. ළදරු වයසේදී මේවා පැහැදිලිව බලාගන්න නොහැකි වුවත් පෙර පාසල් සහ පාසල් වයසේදී සමේ සුදු උපන් ලප දරුවන්ට තිබේදැයි හොඳින් පරීක්‍ෂා කර බලා ගන්නට පුළුවන්. මෙම උපන් ලප තියෙන දරුවන් අපි ළඟට අරගෙන ආවාම අපි කරන්නේ මෙම රෝග තත්ත්වය පිළිබඳව හොඳින් වැඩිහිටියන්ට පැහැදිලි කරලා ප්‍රතිකාර නොමැති බව සහ ප්‍රතිකාර කරන්නට යාමෙන් වන අහිතකර තත්ත්වය ගැන පහදා දෙන එක පමණයි. බොහෝ විට කළ හැක්‌කේ මෙවන් අය සමාජය තුළ උත්සව, විශේෂ අවස්‌ථාවලට යන විට සුදු උපන් ලප තිබෙන ප්‍රදේශය පවුන්ඩේෂන් හෝ වෙනත් ආලේපන තුළින් ආවරණය කරගැනීමයි. කුඩා කාලයේ සිට ඇතිවන සුදු පැහැති උපන් ලප නිට්‌ටාවට සුව කිරීම සඳහා ප්‍රතිකාර සොයා ගැනීම තවම ලෝකය තුළ සිදු වී නැහැ. අනෙක මේවා බිය විය යුතු රෝග තත්ත්වයක්‌ නෙමෙයි.




Sunday, October 5, 2014

Pen Drives වල Files Copy වෙන වේගය වැඩි කරමු...... (SLCU.LK)


 

pen drive එකකට files copy කරද්දී එපා වෙනම වැඩේ තමා  files copy වෙන වේගය ගොඩක් අඩු වෙන එක......අපි දැන් කියල දෙන්න යන්නේ pen drive එකක files copy වෙන වේගය වගේම transfer කරන වේගය වැඩි කරන ක්‍රමයක් ගැන....ඒ වගේම මේ වැඩේට කිසිම software එකක් ඕනේ වෙන්නෙත්  නෑ......

1 පියවර:- USB port එකට pen drive එක plug කරන්න........
2 පියවර:-My computer open කරලා pen drive එකේ icon එක උඩ right click කරලා properties යන්න........

3 පියවර:-Properties ගියාම open වෙන window එකේ Hardware tab එකට ගිහිල්ලා pen drive එක select කරලා දෙන්න....
4 පියවර:-
එතකොට USB Device properties කියල එකක් open වෙයි,එකේ General කියන tab එක යටතේ තියෙන change settings කියන එක click කරන්න..........

5 පියවර:-
ඊටපස්සේ open වෙන අලුත් dialog box එකේ Policies tab එකට යන්න.............
6 පියවර:-පහළ තියෙන screenshot එකේ විදිහට  Quick Removal Policy කියන එක Better Performance policy කියන එකට මාරු කරන්න............







Tuesday, September 16, 2014

වටලප්පන් හදමු .. SLCU.LK



අවශ්‍ය ද්‍රව්‍ය

  • හකුරු ග්‍රෑම් 250
  • වතුර මේස හැඳි 2
  • කරඳමුංගු කුඩු
  • කුරුඳු කෑල්ලක්
  • සීනි ග්‍රෑම් 15
  • බිත්තර 5
  • උකු පොල් කිරි කෝප්ප 1
  • වැනිල තේ හැඳි 1/2
  • සාදික්කා ස්වල්පයක්

සාදන ක්‍රමය

ගා ගත් හකුරු හොඳින් කැට හැර පොඩි කර ගන්න. එයට වතුර මේස් හැඳි 2 දමා දිය කර ගන්න. වෙනම බඳුනක් ලිප තබා කරඳමුංගු කුඩු, කුරුඳු කුඩු, සීනි එකතු කරන්න. එය හොඳින් මිශ්‍ර කරමින් සිරප් එකක් වන තුරු රත් කරන්න. එය ලිපෙන් බා හකුරු මිශ්‍රණයද බිත්තර සහ කිරිද එක් කොට හොඳින් මිශ්‍ර කරන්න. දැන් වැනිලා ස්වල්පයක් සහ සාදික්කා කුඩු එකතු කර තම්බා ගන්න.






වටලප්පන්

අවශ්‍ය දුව්‍ය
·         සිහින්ව කපාගත් හකුරු 750g
·         බිත්තර 10
·         මිටිකිරි 250Ml
·         කජු පියලි 2Tsp
·         සාදික්‌කා 1Tsp
·         වතුර 400Ml
සදන ක්‍රමය
භාජනයක්‌ ලිප තබා ජලය සහ හකුරු එකතු කර හොඳින් දිය කරගන්න.ලිපෙන් බා එසැනින් කිරි කෝප්ප 2 එකතු කර නිවෙන්න තබන්න බිත්තර වෙනම භාජනයකට දමා හකුරු සමඟ නැවත කලවම් කරන්න.මිශ්‍රකර ගත් හකුරු මිශ්‍රණය පෙරා සාදික්‌කා එකතුකර තැටියකට අතුරා ගන්න තරමක විශාල භාජනයකට වතුර 1/4 ක්‌ පුරවා වටලප්පන් තැටිය එයට බහා ඩබල් බොයිල් ආකාරයට හුමාලයේ තම්බාගන්න.








Watalappan  
Ingredients:-

500g good Kithul  jagarry
10 eggs
2 1/2 cups  coconut milk
1 tea spoon vanilla
Kaju nuts 50 g
finely grated nut meg  
Raisins 30 g

First grate the jugarry and put it to the bowl.  Get  coconut milk thick & moderate milk 2 ½ cups  and mix with jagarry with a beater.  Beat eggs separately. Put eggs in to the jagarry mixer as well as  nutmeg & Vanila . Beat it around 5 – 10  mins  and put Cashew nuts & raisins coated with little corn flour  in to the mixer . 
Decorate top with cashew half’s.   Bake in a moderate oven 180Ÿc  for 45 min to 1hr . You can put a kebab stick  to see whether it’s  well done . If the stick doesn't  get coated with the mixture it’s done. 


This  can be steamed. I prefer when steamed because it’s more softer & puffy.  


වටලප්පන්

අවශ්‍ය ද්‍රව්‍ය:-


උසස් තත්වයේ කිතුල් හකුරු ග්‍රෑම් 500 යි
උකුවට මිරිකා ගත් හා දියර  පොල්  කිරි කලවමට කෝප්ප 2 1/2 යි
බිත්තර  10 යි
කුඩුකර ගත් සාදික්කා කුඩු තේ හැඳි 1 ක්
වැනිලා ස්වල්පයක්
කෝන් පිටි වල තවරා ගත් කජු කැබලි ග්‍රෑම් 50 ක් හා පලාපු කජු පියලි ස්වල්පයක්.
මුද්‍රප්පලම් ග්‍රෑම් 30, කෝන් පිටි වල තවරා.


පළමුව හකුරු ග්‍රේටරයකින් ගා ගන්න. පොල් කිරි හා  මිශ්‍ර කර බීටරයකින් කලවම් කර ගන්න. බිත්තර ගසා එයටම හකුරු මිශ්‍රණය දමා හොඳින් බීට් කර ගන්න. විනාඩි 5 ක් පමණමෙහිදී හකුරු හොඳින් දිය විය යුතුයි.

එයට වැනිලා හා සාදික්කා කුඩු එක්කර ගසා ගන්න.

ඊට පසුව එයට කජු කැබලි හා මුද්‍රප්පලම් එක් කර ගන්න. භාජනයකට දමා මද රශ්මිය ඇති උඳුනක පුළුස්සා ගන්න.  බාගෙට තැම්බී එනවිට කජු පියලි වලින් උඩ සරසා ගන්න.

විනාඩි 45 ත් පැයක් පමණ වෙලා පිලිස්සීමට ගතවන කාලයයි.උඳුනේ පිලිස්සුනාම වටලප්පන් වල පාට ලස්සනයි. තෙත ගතියෙන් අඩුවට පැණි පාටට තියෙනවා. ටික දිනක් තියාගන්නත් පුළුවන්.




මම නම් ආස   වටලප්පන්  වාෂ්පයෙන් තැම්බුවාමයි.  එවිට එය වඩා මෘදු ගතියකින් හා පැණි ගතියකින් යුක්ත නිසා.  වතුර භාජණයක් මත තබා කට හොඳින් වතුර නොයන ලෙස බැඳ ලිපේ තබා තම්බා ගන්න. කුඩා කූරකින් ඇන එය තැම්බී ඇති දැයි බලන්න. මිශ්‍රණය එහි නොඇලේ නම් එය තැම්බී ඇති බව පෙනේ. වාෂ්පයෙන් තම්බන විට පැයකට වඩා කාලය ගතවේ. 


මයිකොවේව් උඳුනේ එහි ඇති උපදෙස් අනුව වාෂ්පයෙන් තම්බා ගත හැක.





Sunday, September 14, 2014

සරල බව අප ජීවිතයෙන් පලා යන්නේ අනවශ්‍ය පුරුදු නිසයි SLCU.LK


නේවාසික ව ප්‍රතිකාර ලබන වයෝවෘද්ධ පිරිමි රෝගියෙකු හදිසියේ ම මගේ නෙත ගැටිණි. ඔහු රෝහල් වාට්ටුවේ කෙළවර අඳුරු ස්ථානයක කිසිවකුටත් නො පෙනෙන අයුරින් දුම්වැටියක් පානය කරමින් සිටියේ ය.
පුදුමයට කරුණ මෙයයි. ඔහු ප්‍රතිකාර ගැනීමට රෝහල්ගත වී ඇත්තේ දුම්බීම නිසා සෑදුණු දරුණු ශ්වසන රෝගයක් හේතුවෙනි. කොතරම් පීඩාවට පත්වී, මරණය පෙනි පෙනී සිටියත් ඔහුට තමාගේ නරක පුරුද්ද අත්හැර ගැනීමට නොහැකි වී තිබිණි.
සමාජයේ ජීවත් වන විවිධ පුද්ගලයන්ට විවිධ ආකාරයේ පුරුදු තිබේ. ඒවායින් සමහරක් හොඳ පුරුදුය. සමහරක් නරක පුරුදුය. යම් පුද්ගලයෙකුගේ පුරුදු අනුව ඔහුගේ ජීවිතයේ ගුණාත්මක බව, අනන්‍යතාව මෙන්ම සෞඛ්‍ය තත්වය ද තීරණය වෙයි.
හොඳ පුරුදු, යහපත් මානසික ශාරීරික සෞඛ්‍යයක් සඳහා ඉවහල් වෙයි.
පුරුද්දක් ඇති වන්නේ කෙසේද? යන ගැටලුව මෙහිදී මතුවෙයි.
සමහර පුද්ගලයන් එකම ක්‍රියාව නැවත නැවත සිදුකරන අවස්ථා ඔබ දැක තිබේද? ඔවුන් එසේ කිරීමට හේතුව එසේ කිරීමෙන් ඔවුන්ට යම් වින්දනයක් ලැබෙන බැවිනි. එම වින්දනයට ඇති කැමැත්ත නිසා එය කාලයක් යන විට පුරුද්දක් බවට පත්වෙයි. ඔහුගේ මොළයේ සෛල සහ රසායන ද්‍රව්‍ය ඒ අනුව සකස් වෙයි. යටි සිත ද එය ග්‍රහණය කර ගනී. ඉන්පසුව එම ක්‍රියාව නැවත නැවත කිරීමට ආශාවක් ඔහු තුළ ඇතිවෙයි.
අවාසනාවකට මෙන්, ඉතා ඉක්මනින්, ලෙහෙසියෙන්, පහසුවෙන් ඇති වන්නේ නරක පුරුදුය. අපේ හිත නිරායාසයෙන්ම ඇදී යන්නේ වැඩකට නැති දේ කෙරෙහිය. ඒ කරුණු අප තදින් සිතට ගත යුතුය. පහත සඳහන් පුරුදු ඇති අය සමාජයේ බහුලය.
නියපොතු සැපීම, දත්මිටි කෑම, නිතරම තරහා ගැනීම, කම්මැළිකම, වැඩියෙන් නිදා ගැනීම, මත්පැන් මත්ද්‍රව්‍ය දුම්වැටි භාවිතය, පසුගාමී වැඩ, සෑම දෙයකම නරක පැත්ත දැකීම, අසුබවාදීව සිතීම, නිතරම ගැටලුවක සිරවී කල්ගත කිරීම වැනි දේ අපට නිතර අසන්නට ලැබෙන නරක පුරුදුය.
ඒවායින් ඇතැම් පුරුදු මානසික රෝග ලෙස වැරදියට වටහාගන්නා අවස්ථාද ඇත. මානසික රෝගයක්ද නැද්ද යන්න වෙන්කර ගැනීම තරමක් අසීරුයි. මානසික රෝග නිසා ද විවිධ පුරුදු ඇතිවිය හැකිය. එසේම විවිධ නරක පුරුදු නිසාද මානසික රෝග ඇතිවිය හැකිය.
සෑම දෙයක් පිළිබඳව ම සැකයෙන් බැලීමට පුරුදු වූ කාන්තාවක් සිටියාය. තම නිවසේ අනෙක් අය සහ නෑ හිතවතුන් දෙස ඇය නිතරම බැලුවේ සැකයෙනි. ඇය සමඟ පිරිමි අය එසේ කතා කරන්නේ වැරදි අදහසකින් බව ඇය සිතුවාය. ඇයට ඒ වැරදි පුරුද්ද නවතන ලෙස උපදෙස් ලැබිණි. නමුත් ඇය එයට එකඟ නොවූවාය. ඇය විවාහ වූ පසුවද සැමියා කෙරෙහි බැලුවේ සැකයෙනි.
කලක් ගතවන විට ඒ පුරුද්ද මානසික රෝගයක් බවට හැරිණි. සාධාරණ හේතුවක් නැතිව සෑම දෙයක් ගැනම සැකයෙන් බලන්නට ඇය පටන් ගත්තාය. ඖෂධවලින් ද පලක් නොවීය. අවසානයේදී මනෝචිකිත්සක ක්‍රම මඟින් එම සැකය යටි සිතෙන් ඉවත්කරන තුරු ඇය පීඩා වින්දාය.
වැරදි පුරුදු ඇති බොහෝ දෙනා, ඒ පුරුදු නිසා දැඩි ලෙස පීඩා විඳිති. එපමණක් නොව ඔවුන් නිසා ඇසුරු කරන අයද පීඩාවට පත්වෙති.
ඇතැම් අය තමාගේ පුරුදු වැරදි ලෙස පිළිගැනීමට කැමති නැත. ඔය මිනිහව හදන්න බෑ. ඒක ඒ මිනිහගේ පරම්පරාවේ හැටි එහෙම කෙනකු දුටු විට අනෙක් අය කියති.
ඇත්තෙන්ම ඇතැම් ගතිගුණ සහ පුරුදු පරම්පරාවෙ ජාන මඟින් ඇතිවන බව සොයාගෙන තිබේ. එසේම ඇතැම් ගතිගුණ පෙර භවයේ සිට පැමිණෙන බව මෝහන ක්‍රමය මඟින් ද තහවුරු කරගෙන ඇත. ඕවා සංසාර පුරුදු යැයි කියන්නේ ඒ නිසාය.
පුරුදු අපගේ ජීවිතයේ ළමා, තරුණ, මහලු යන විවිධ වයස් වලදී ඇතිවිය හැකියි. නමුත් හොඳ පුරුදු ඇතිකර ගැනීමටත්, නරක පුරුදු නැති කර ගැනීමටත් හොඳම කාලය වන්නේ ළමා කාලයයි. කුඩා කාලයේදී අපි ඉතා ශීඝ්‍රයෙන් ලෝකය පිළිබඳව ඉගෙන ගන්නෙමු. එසේම ළමා කාලයේදී ශරීරය ද ඉතා ඉක්මනින් වර්ධනය වෙයි. ඒ නිසා මේ කාලයේදී ඉගෙන ගන්නා දේ හොඳින් ස්ථාවරව අප සමඟ රැඳී පවතියි.
විඳවීම තමාගේ ජීවිතයේ පුරුද්දක් කරගත් පුද්ගලයෙකු මට හමුවිය. පුදුමයට කරුණ නම් ඔහුට විඳවමින් ජීවත්වීමට තරම් දරුණු ප්‍රශ්නයක් හෝ ගැටලුවක් නොවීමයි. නමුත් ඔහු දන්නා කාලයේ පටන්ම ඔහුගේ සිතට සතුටක් දැනෙන දෙයක් නොවූ බව ඔහු පැවසීය.
ඔහුට තම ජීවිතයේ කිසිදු රසයක් නොවූ බව ඔහු පවසයි. බැලූ බැල්මට ඔහුගේ කතාව පිළිබඳව අපට අනුකම්පාවක් ඇති වුවත් මෙහි සැබෑ සිදුවීම තරමක් වෙනස්ය.
දුක යනු එක්තරා රසයකි. එම පුද්ගලයා එම දුක රස විඳිමින් සමාජයෙන් ඈත් වී තව තවත් දුකට පත්වී සිටියේය. ඔහු විඳවීම පුරුද්දක් කරගෙන එයට ඇබ්බැහි වී සිටියි. ඔහු තමාගේ සිතට සතුටක් නැති බව පවසමින් තම යුතුකම්, වගකීම් රැකියා කටයුතු ආදිය ද මඟහරිමින් සිටියේය. අවසානයේදි ඔහු උග්‍ර විශාදය රෝගියකු බවට පත් විය.
පුරුදු ඇතිකර ගන්නේ ඒවායින් වින්දනයක් ලැබෙන නිසා බව අපි කීවෙමු. ඒ නිසා බොහෝ අයගේ පුරුදු නරක, මෙන්ම තමාටත්, සමාජයටත් අහිතකර ඒවා බව පෙනෙයි. විශේෂයෙන්ම හිත දුර්වල, මානසික පීඩනයෙන් සිටින අයගේ ඒ තත්ත්වය කැපී පෙනෙයි.
මම දවසම මහන්සි වෙලා හම්බකරන සල්ලි සේරම හවසට ඉවරයි. එසේ කීවේ බීමට පුරුදු වූ බස් කොන්දොස්තරවරයෙකි. මත්පැන් බීම නැවැත්වීමට කොතරම් අවශ්‍ය වුවත් ඔහුට එයින් මිදීම දැන් ඉතාම දුෂ්කර කටයුත්තක් වී තිබේ.
වැරදි පුරුදුවලට පෙලඹෙන බොහෝ දෙනා සිතන්නේ එම වැරදි පුරුදු තමාට ඕනෑම වෙලාවක නැවැත්විය හැකිය කියාය. නමුත් එය ඉතාම වැරදිය. එය ඔවුන්ගේ ජීවිතයේ ලොකුම බොරු විශ්වාසය බව කිව යුතුය..
වැරදි පුරුදු අත්හැරීම එතරම් පහසුවෙන් කළ හැකි දෙයක් නොවේ. පුරුදු යනු කෙනෙකුගේ ජීවිතයේ ඉතා වැදගත් අංගයකි. අප දවසේ බොහෝ වේලාවක් පුරුදු වෙනුවෙන් යොදවමු. අපට පුරුදු දේවල් දිනපතා, නිතිපතා ඒ පුරුදු ආකාරයට නොකළහොත් අපේ හිතට විශාල අඩුවක් දැනෙයි. පුරුදු නිවැරදි වුවත් නැතත් ඒවා ගැන අපේ හිත ක්‍රියාකරන්නේ මේ ආකාරයටයි.
අප පුරුදු ඇතිකර ගත යුත්තේ ජීවිතය සැහැල්ලුවෙන් සහ පහසුවෙන් ගෙවීම සඳහාය. ජීවිතය තව තවත් සංකීර්ණ කරගැනීම සඳහා නොවේ. යම් පුරුද්දක් නිසා තමාට හෝ අනුන්ට හානියක් වනවා නම් එම පුරුද්ද කිසිසේත්ම හිතකර නොවේ. සමහර අය පුරුදු නිසා බොහෝ සංකීර්ණ ජීවිත ගත කරයි.
සරල බව තමා කෙරෙන් පලා යන්නේ අනවශ්‍ය පුරුදු නිසාය. දවස පුරා අප එක එක පුරුද්ද ඉටුකරමින් සිටිමු. අවසානයේ ඒවා ඉටුකර අවසන් කිරීමට දවසත් මදිය. නින්දෙන් පවා සිහින දකින්නේ ඉටුකරගන්නට නොහැකි වූ පුරුදු ගැනය. අනවශ්‍ය පුරුදු වැඩිවන තරමට ඒවා අපට මානසික වදයක් වෙයි.
බොහෝ දෙනාට ඇත්තේ අනවශ්‍ය පුරුදුයි. අවශ්‍ය හා අනවශ්‍ය යන පුරුදු වෙන වෙනම හඳුනා ගතහොත් අනවශ්‍ය පුරුදු අතහැර, අවශ්‍ය පුරුදු කළමනාකරණය කරගෙන දවස සැහැල්ලු බවින් ගෙවා දැමිය හැකියි. එවිට නින්ද ද සුවබර වෙයි. එවිට පසුදින තෘප්තිමත් ව අවදි වීමේ පුරුද්ද ද ඉබේම ඇතිවෙයි.
වැරදි පුරුද්දක්, අත්හැර ගැනීමට එතරම්ම අපහසු ඇයි දැයි ඔබට සිතෙන්නට පුළුවන. එයට හේතුව අපගේ මනසේ සහ සිරුරේ ක්‍රියාකාරීත්වයයි. වින්දනයක් ලැබෙන, සුවපහසු දෙයක් අත්හැර දැමීමට කැමති වන්නේ කවුරුන්ද?
යම් වැරදි පුරුද්දක් ඇති අයෙකුට ඊට විරුද්ධ වෙනත් හොඳ පුරුද්දක් පුරුදු කළ හැකි නම් නරක පුරුදු ක්‍රමයෙන් ඉවත් වී යන බවට මතයක් ඇත. එය එක්තරා දුරකට නිවැරැදිය.
අලුත් ගති සිරිත්, අලුත් පරිසරවල් සහ අලුත් මිතුරන් ලැබෙන විට අපගේ ඇතැම් පැරණි පුරුදු ඉවත් වී යයි.
එහෙත් මෙහිදී පැවසිය යුතු ඉතා වැදගත් දෙයක් ඇත. යම් අලුත් පුරුද්දක් ඇතිවූ පමණින් ඔහුගේ පරණ පුරුදු ඉවත් වී යන්නේ නැත. සිදුවන්නේ අලුත් පුරුදු වලින් පැරණි පුරුදු යටපත් වීමයි. නමුත් එසේ යටපත් වී තිබෙන දේවල් කාලයාගේ ඇවෑමෙන් අවස්ථාව පැමිණි විට යළි ඉස්මතු වීමට පුළුවන.
සමහර පුරුදුවලට හේතු තිබේ. උදාහරණයක් ලෙස යම් ගැටලුවක් නිසා ජීවිතයේ සතුට අහිමි වූ අය දුකින්, තරහින් කලකිරීමෙන් ජීවත් වීමට පුරුදු වී සිටිති. නමුත් එම ගැටලුව විසඳුණහොත් ඔහුගේ ජීවිතය වෙනස් වෙයි.
පුද්ගලයෙකු සතු වැරදි පුරුදු, ඇබ්බැහිකම් වෙනස් කරන්න බැරිද?
මෙය ඉතාම වැදගත් ප්‍රශ්නයකි. යම් කෙනෙකුගේ පුරුද්දක් හෝ ඇබ්බැහි කමක් ඉවත් කිරීම සඳහා සම්මත ක්‍රමවේදයක් නැත. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙයි. එසේම ඒ සඳහා ගතවන කාලය එකිනෙකාට අනුව වෙනස් වෙයි.
කසේ වුවත් පුරුදු අත්හැරීම තරමක් අපහසු කටයුත්තක් බව කිව යුතුමය. එසේ වුවද කිසිවෙකු අධෛර්යට පත්විය යුතු නැත. රෝගියාගේ හෝ වරදට පුරුදු වූ පුද්ගලයාගේ කැපවීම, නෑදෑ හිත මිතුරන්ගේ උදවුව සහ වෛද්‍ය චිකිත්සක ක්‍රමවල නිවැරදි බව මත සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකිය.
වැරදි පුරුද්දක් හෝ ඇබ්බැහිකමක් අත්හැරීම සඳහා මුලින්ම එම පුද්ගලයාට අවංක උවමනාවක් තිබිය යුතුය. ඒ සඳහා යම් කැපවීමක් අවශ්‍ය වෙයි. ඇතැම් අයට තම වැරදි පුරුදු අත්හැරීමට සැබෑ උවමනාවක් නැත. ඔවුන් එසේ කරන්නේ අන් අය සතුටු කිරීමට හෝ අන් අයගේ උවමනාවටය. ඇතැම් අය ඒ සඳහා කිසිදු උත්සාහයක් නොගනිති. ඔවුන් බලා සිටින්නේ බෙහෙතකින් හෝ යම් ප්‍රාතිහාර්යයක් සිදුවී තමන්ගේ පුරුදු අත්හැරෙන තුරුය.
හිතට නිතර නිතර නැග එන අවශ්‍යතාවක් වන පුරුදු මැඩලීමට විශාල අධිෂ්ඨාන ශක්තියක් හෝ ආත්ම ශක්තියක් අවශ්‍ය වෙයි. එය ඖෂධයකින් ලබාදිය හැකි ශක්තියක් නොවේ. එය තමා විසින්ම ගොඩනඟාගත යුතු දෙයකි. වැරදි පුරුදු බොහොමයකට ඇබ්බැහි වී සිටින්නේ ඉහත කී අධිෂ්ඨාන ශක්තිය නැති දුර්වල පුද්ගලයෝය.
හිත ශක්තිමත් කරගැනීම සඳහා ඔහුගේ නෑදෑ හිත මිතුරන්ට ද උදව් කළ හැකිය. එසේම ඔහුගේ උත්සාහය අගය කළ යුතුය. සෑම කෙනෙක්ම උදව් කරන විට ඕනෑම කෙනෙකුගේ මනස ශක්තිමත් කිරීම පහසු වෙයි.
විහිළු කිරීම තම පුරුද්ද කරගත් ශිෂ්‍යයෙක් වූයේය. ඔහු හොඳින් තම වැඩ කටයුතු කරගෙන ගිය අතර තමාට පැමිණෙන කරදර බාධකවලින් සැලුණේ ද නැත. ඔහු එම ප්‍රශ්න සැහැල්ලුවට ගත්තේය. මේ පුරුද්ද නිසා කිසිදු බරපතළ දුකක් හෝ පීඩනයක් ඔහුට ඇති නොවීය.
මේ අතර ඔහු මිතුරන් සමඟ උසස් පෙළ විභාගයට සූදානම් විය. ඔහුත් අනෙක් අය මෙන් වෙහෙස මහන්සි වී පාඩම් කළද නිතරම සැහැල්ලුවෙන් සිටියේය. ලැබෙන සුළු විවේකය ද විහිළුතහළු කරමින් ගත කළේය.
එසේ සැහැල්ලුවෙන් සිටින පුරුද්ද නිසා ඔහුට තම මිතුරන් අබිබවා හොඳ ප්‍රතිඵල ලබා ගැනීමට හැකි විය.
පුරුදු පිළිබඳව තවත් වැදගත් කරුණක් තිබේ. එනම් යම්කිසි පුද්ගලයෙකුගේ ආකල්ප, විශ්වාසයන්වලටත් ඔහුගේ පුරුදු හේතුවෙයි. කෙනෙක් යම් දෙයක් නැවත නැවත කරන විට එය ඔහුගේ පුරුද්දක් බවට පත්වෙයි. එම පුරුද්ද තවත් කලක් යනවිට විශ්වාසයක් බවට හැරෙයි. තවදුරටත් කල්ගත වීමේදී එම විශ්වාසය තමන්ගේ පෞද්ගලික සත්‍යය බවට පත්වෙයි. වැරදි පුරුදු හේතුවෙන් කෙනෙක් තුළ වැරදි ආකල්ප නිර්මාණය වන්නේ ඒ ආකාරයටය.
මත්පැන් බොන අයෙකුට එම පුරුද්ද අත්හරින බව හැම කෙනෙකුටම ප්‍රසිද්ධියේ පැවසිය හැකිය. මත්පැන් බොන මිතුරන් සහ එම පරිසරවල ගැවසීම නතර කළ හැකිය. අන් අයටත් තමන් මෙන් වෙනස් වන ලෙස උපදෙස් දිය හැකිය. එවිට තමාගේ සිත ශක්තිමත් වෙයි.
මෝහන ක්‍රමය පිළිබඳව ද මෙහිදී විශේෂයෙන්ම සඳහන් කළ යුතුය. අනවශ්‍ය පුරුදු සිතෙන් ඉවත් කර, අධිෂ්ඨාන ශක්තිය ඉහළ නැංවීම සඳහා මෝහන ක්‍රමයෙන් සිදුකළ හැකි කාර්ය භාරය ඉතා විශාලය. එමඟින් පුද්ගලයෙකුගේ යටි සිතට බලපෑම් ඇති කළ හැකිය. අපගේ පුරුදු රැඳී පවතින්නේ අපගේ යටි සිතෙහිය.
හිත සමඟ කෙළින්ම සටන් කර ජයගත නොහැකිය. හිතත් සමඟ ගනුදෙනු කළ යුත්තේ උපක්‍රමශීලී ලෙසටය. යම් පුරුද්දක් ඉවත් කිරීමේදී ඒ සඳහා වෙනත් විනෝදාංශයක් හෝ සතුටක් ලැබෙන දෙයක් හඳුන්වාදිය යුතුය. සතුට සැහැල්ලුව ලැබෙන දේවල් තිබෙන විට මනස වැරදි දේට ඇති නැඹුරුව නැති වී යයි.
වැරදි පුරුදුවලට යොමු වීම වළක්වන ආරක්‍ෂකයකු ද ඔබ තුළම සිටින බව, ඔබ දන්නවාද?
ඔහු හඳුන්වන්නේ සිහිය යනුවෙනි.
සිහිය පිහිටුවාගෙන අපට නිතරම කටයුතු කළ හැකි නම් බොහෝ වැරදි පුරුදු අත්හැරගත හැකිය. සිහියෙන් සිටිනවා යනුවෙන් අදහස් කරන්නේ මෙයයි. අප යම් දෙයක් සිතන විට හෝ කරන විට එසේ කරන බව දැනගෙන එය සිදුකිරීම සිහිය පැවැත්වීම ලෙස පැවසිය හැකිය.
සිහියෙන් තොරව යමක් කරන විට හෝ හිතන විට අප නොදැනීම ඒ ක්‍රියාව සමඟ බොහෝ දුර සිත ගමන් කරයි. නමුත් ඒ බව කලින් දැනගත හැකි නම් බොහෝ වැරදි පුරුදු අපට කලින්ම අත්හැරගත හැකිය.
වැරදි පුරුදු ද රාශියක් එකවර වෙනස් කළ නොහැකිය. ඒ නිසා එක් වරකට එක් පුරුද්ද බැගින් ඉවත් කිරීම කළ යුතුය. ඒවා නැවත මතුවිය හැකි බැවින් නැවත නැවත මෙම ප්‍රතිකාරය පවත්වාගෙන යා යුතුය.
මේ කරුණ මතක තබා ගන්න
වැරදීමකින්වත් අන් අයගේ වැරදි පුරුදු අත්හදා බලන්න එපා.

මහනුවර මහ රෝහලේ
හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රධානී
සායනික මෝහන වෛද්‍ය
එච්. දමිත් හෙට්ටිආරච්චි


පරිගණක පන්ති