අඩු මුදලට පරිගණක පාඨමාලා

දැන්මම කතාකරන්න රවීන්ද්‍ර:075-4733407

ක්ලාස් කියල රවුම් ගහල ඉවයි

දැන්මම කතාකරන්න රවීන්ද්‍ර:075-473340

හරියට කියලදෙන්නති තැන එපවෙලද

දැන්මම කතාකරන්න රවීන්ද්‍ර:075-473340

MS Office ප්‍රශ්නයක්ද

දැන්මම කතාකරන්න රවීන්ද්‍ර:075-473340

කියක් හරි හොයාගමුද

දැන්මම කතාකරන්න රවීන්ද්‍ර:075-473340

Thursday, October 19, 2017

Wednesday, July 20, 2016

බුදුන් වදාල විශ්වයේ ආරම්බය සහ අවසානය

(Y) Us @ Dedunna

බුදුන් වහන්සේ ජීවමානව වැඩ වසන කාලයේදී පවා ලෝකය හා විශ්වය ගැන දැන ගැනීමට උනන්දු වූ භික්‍ෂූන් වහන්සේලා හා බ‍්‍රාහ්මණ ආදී විවිධ පුද්ගලයන්, ලෝකයේ ආරම්භය හා විනාශය ගැනත්, මෙවැනි තවත් ග‍්‍රහලෝක විශ්වයේ ඇද්ද යන්න ගැනත් බුදුන්වහන්සේගෙන් කරුණු විමසා තිබේ.

බුද්ධ කාලයේදී විශ්වයේ ගුප්තභාවය සෙවීමට උනන්දු වූ එක් බලසම්පන්න ඍෂිවරයෙකු ඍද්ධිබලයෙන් වසර සියයක් පමණ විශ්වයේ සැරිසරා විශ්වයේදීම මිය ගිය බවත්, ඍද්ධි බලයෙන් අගතැන්පත් මුගලන් මහ රහතන් වහන්සේ විශ්වය ගැන සෙවීමට විශ්වයේ සැරිසරන විට බුදුන්වහන්සේ, මුගලන් මහ රහතන් වහන්සේ ගෙන්වා, -විශ්වයේ කෙළවරක් නොමැති බවත් විශ්වය ගැන සෙවීම අගක් මුලක් නැති නිශ්ඵල කි‍්‍රයාවක් බවත්” වදාළහ.

විශ්වය හා සත්වයා ගැන අපරිමිත දැනුමක් බුදුන්වහන්සේට තිබුණත් එවැනි අවස්ථාවල උන්වහන්සේ ඒ ගැන කරුණු කියාදීමට එතරම් කැමැත්තක් නොදැක්වූහ. එහිදී උන්වහන්සේ වදාළේ, -බුදුවරයෙකු ලොව පහළවන්නේ විශ්වය ගැන සෙවීමට නොව, අනන්ත අපරිමිත සංසාර භවයන්හි ඉපිද ඉපිද, මැරී මැරී දුක්විඳින සත්වයා මේ සංසාර කතරින් එතෙර වීමට මග පෙන්වීමට” බවයි.

බුදුන්වහන්සේ අසංඛ්‍ය අපරිමිත භවයන්හි ඉපදී ප‍්‍රඥාව දියුණු කරගත් අසමසම ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයෙකි. එහි උත්තරීතර තත්ත්වය සම්මා සම්බුද්ධත්වයයි. බුදුවරයෙකුට මසැස, දිවැස, පැණැස, බුදු ඇස, සමතැස යන පස් ඇසක් ඇතැයි බුදු දහමේ සඳහන්වේ. ඉන් ‘සමතැස’ යනුවෙන් හැඳින්වෙන්නේ සංසාරය හා විශ්වය පිළිබඳ උන්වහන්සේ තුළ තිබූ මහා ප‍්‍රඥාවයි.

බුදුන් වහන්සේ ලෝක විෂය ගැන කරුණු දැක්වීමට එතරම් උනන්දුවක් නොදැක්වුවත් යම් යම් පුද්ගලයන්, යම් යම් අවස්ථාවල ඇසූ ප‍්‍රශ්න වලට කරුණු දැක්වීමේදී ඒ තුළ ලෝකයේ ආරම්භය, විනාශය හා විශ්වය ගැන කරුණු සඳහන් වී තිබේ. බෞද්ධ සාහිත්‍යයේ එන ‘අග්ගඤ්ඤ’ සූත‍්‍රයේ හා ‘සීහනාද’ සූත‍්‍රයේ ලෝකයේ ආරම්භය ගැනත් ‘සප්ත සූර්යෝද්ගමන’ සූත‍්‍රයේ ලෝකයේ විනාශය ගැනත් කරුණු අන්තර්ගත වී තිබේ.

එක් අවස්ථාවක ආනන්ද හිමියෝ, ලෝකය හා වෙනත් ග‍්‍රහලෝක තිබේදැයි බුදුන් වහන්සේගෙන් ඇසූ පැනයට උන්වහන්්සේ කරුණු දැක්වීමේදී,

1. සහස්සි චූලනිකා ලෝක ධාතු

2. ද්විසහස්සි මජ්ඣිමා ලෝක ධාතු

3. තිසහස්සි මහා සහස්සි ලෝක ධාතු වශයෙන් තවත් ලෝක ධාතු මේ මහා විශ්වය තුළ ඇතැයි උන්වහන්සේ වදාළ බව බුදු දහමේ සඳහන්වේ. තවත් අවස්ථාවකදී ආනන්ද හිමියන්ට ලෝකය ගැන කරුණු දැක්වීමේදී, -මේ ලෝකය විෂමය. සක්වලවල් අන්නතය. එක් තැනක හිරු නැගෙන කල තවත් තැනෙක මධ්‍යහ්නයයි. අන් තැනෙක හිරු අවරට ගොස්ය. එක් තැනෙක පූර්වයාමයයි, තවත් තැනෙක මධ්‍යහ්නයද, වෙනත් තැනක පශ්චිම යාමයද වේ.” යනුවෙන් කරුණු දක්වා තිබේ.

දීඝ නිකායෙහි ‘අග්ගඤ්ඤ’ සූත‍්‍රයෙහි සහ අංගුත්තර නිකායෙහි ‘සප්ත සූද්යෝද්ගමන’ සූත‍්‍රයෙහි බුදුන්වහන්සේ දක්වා ඇති ආකාරයට, ලෝකයේ ආරම්භක කි‍්‍රයාවලිය කවදා සිදුවූවාදැයි කිවනොහැකි බවත් ලෝකයේ ආරම්භය හා විනාශවීම සංස්කාර ධර්මතාවයන්ට අනුව සිදුවන බවත් දක්වා ඇත. ලෝක සත්වයන්, කර්මශක්තිය අනුව පේ‍්‍රත, මනුෂ්‍ය, දේව, බ‍්‍රහ්ම ආදී භවයන්හි උපදින බවත් -ලෝකයට කර්මශක්තියක් නැතත් සංස්කාර ධර්මතාවය අනුව ලෝකයේ හටගැනීම හා විනාශවීම සිදුවන බවත්” බුදු දහමෙහි දක්වා ඇත.

ලෝකය විනාශවන කි‍්‍රයාවලිය සංවට්ට කප්ප යනුවෙන්ද, නැවත ඇතිවීම විවට්ට කප්ප යනුවෙන්ද හැඳින්වේ.

බුදු දහමෙහි සඳහන් මහා කල්පයකට සංවර්ත කල්පය, සංවර්තස්ථායි කල්පය, විවර්ථ කල්පය, විවර්තස්ථායි කල්පය යනුවෙන් අසංඛ්‍ය කල්ප සතරකි. මහා කල්පයක අවසාන අසංඛ්‍ය කල්පයේදී පෘතුවිය ඇතුළු ග‍්‍රහ ලෝකයන්ගේ හා ජීවීන්ගේ විනාශය සිදුවන බව බුදු දහමෙහි සඳහන්වේ.

බෞද්ධ සාහිත්‍යයෙහි දැක්වෙන ආකාරයට මීට අසංඛ්‍ය කල්ප ලක්‍ෂ ගණනට පෙර (කල්පය යනු කාලය දක්වන අති දීර්ඝ කාලමානයකි.) තණ්හංකර බුදුන්වහන්සේ සිට ගෞතම බුදුන් වහන්සේ දක්වා බුදුවරු විසිඅට නමක් මේ ලොව පහළ වී ඇත. සාර මණ්ඩ කල්පයේ සිට මහා මණ්ඩ කල්පය දක්වා මහා කල්ප 11ක් ගෙවී ඇත. අප දැන් ජීවත්වන කාලය මහා භද්‍ර කල්පයයි. මේ මහා භද්‍ර කල්පයේ, කකුසඳ, කෝණාගමන, කාශ්‍යප හා ගෞතම යන බුදුවරු සිව්නමක් මේ ලොව පහළවී ඇත. මේ මහා භද්‍ර කල්පයේ ඉදිරියට බුදුවීමට ඇත්තේ මෛතී‍්‍ර බුදුන් වහන්සේය. බුදු දහමේ දැක්වෙන පරිදි මෛතී‍්‍ර බුදුන් වහන්සේගෙන් පසුව මෙම මහා භද්‍ර කල්පය අවසන් වේ.

අප දැන් ජීවත්වන්නේ ගෞතම බුදුන් වහන්සේගේ ශාසන කාලයේය. මෙම ශාසන කාලය අවුරුදු 5000ක් දක්වා පවතින බවත්, ඉන්පසු ලෝකයේ මිනිසුන් පංචශීල ප‍්‍රතිපත්තියෙහි පිරිහී, අධර්මිෂ්ටවීමෙන් බුද්ධ ශාසනය පිරිහෙන බවත්, මිනිසුන්ගේ ආයුෂ පිරිහී ආයුෂ දස වසර දක්වා කෙටිවන බවත්, දෙවියන්ගේ පෙළඹවීමෙන් මිනිසුන් නැවත පංචශීල ප‍්‍රතිපත්තියෙහි පිහිටා ධාර්මික වීමෙන් ආයුෂ අවුරුදු 80,000 දක්වා වර්ධනය වන බවත් ඒ කාලයෙහි මෛතී‍්‍ර බුදුන්වහන්සේගේ පහළවීම සිදුවන බවත් බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වේ.

බුදු දහමෙහි සඳහන් කල්පය යනු කාලය මනින අති දීර්ඝ කාලමානයකි. -යොදුනක් දිග, යොදුනක් පළල, යොදුනක් උස ලෝහ බලකොටුවක් අබ ඇටවලින් පුරවා, එක අබ ඇටය බැගින් වසරක් පාසා ගැනීමෙන් එම බලකොටුව හිස් වන්නේද කෙදිනකද ඊටත් වැඩි කාලයක් කල්පයකට ගත වන්නේය.” බුදු දහමෙහි දක්වා ඇත.

මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 10ක් දක්වා අඩුවීමට ගතවන කාලය ඉතා දීර්ඝ කාලයකි. ඉන්පසු යහධර්මයෙහි ඇලීමෙන් මිනිසුන් යළි දීර්ඝායුෂ ලැබීමද, එම කාලයෙහි මෛතී‍්‍ර බුදුන්වහන්සේගේ පහළවීම සිදුවන බවද, මෛතී‍්‍ර බුදුන්වහන්සේ අවුරුදු 80,000ක් ආයු වළඳා පිරිනිවන් පා දීර්ඝ කාලයකට පසු බුද්ධ ශාසනය නැවත වරක් පිරිහීමෙන් පසු ලෝ වැසියන් පංච ශීලයෙහි පිරිහී, අධර්මයට යොමුවීමෙන් මිනිසුන් ආගමික හා සමාජයීය වශයෙන් පිරිහෙන කාලයක් උදාවන්නේය. එම කාලය මෙම මහා භද්‍ර කල්පයේ අවසාන කාලයයි. ඒ දක්වා ගතවන කාලය කොතරම් දීර්ඝ විය හැකිද?

මහා කල්පයක අවසානයේදී ලෝකය හා සියලූ ජීවීන්ගේ විනාශය මහා ගින්නෙන්ද, මහා මේඝයෙන්ද, මහා වාතයෙන්ද විනාශ වන බවද, -ගිතෙල් පිඬක් ගිනිගත් විට යම් දෙයක් ශේෂ නොවන්නේද, ඒ් ආකාරයට ගින්නෙන් වන විනාශයේදී ලෝකයේ අළුවත් ඉතිරි නොවන බව” ‘සප්ත සූත‍්‍රයෝද්ගමන’ සූත‍්‍රයෙහි සඳහන්ව ඇත.

බුදු දහමෙහි සඳහන් ආකාරයට බුදුන්වහන්සේ අසංඛ්‍ය කල්ප ගණනාවක කාලයක් පෙරුම් පුරා, මහා ප‍්‍රඥාවක් ලබාගත්තෙකි. ඒ උත්තරීතර තත්ත්වය සම්මා සම්බුද්ධත්වයි. ‘ලෝකවිදූ’ යන නාමයෙන් උන්වහන්සේ හඳුන්වන්නේ එහෙයිනි. -සංස්කාර ධර්මතාවයට අනුව හටගන්නා සියලූ දෙයෙහි විනාශවීම සිදුවෙන බව” බුදුන්වහන්සේ දේශනා කර ඇත. ඒ ධර්මතාවයට අනුව ‘ලෝකයේ ආරම්භයත් ලෝකයේ විනාශයත්’ සිදුවේ.

ඈත ඉතිහාසයට අපේ මතකය යොමු කළහොත් නොයෙක් යුගයන්හි, ලෝකයේ නොයෙක් රාජ්‍යය, නොයෙක් දේශ-දේශාන්තරවල ආගමික හා සමාජයීය වශයෙන් ජනතාව පිරිහීමත්, යුධ කෝලාහල ඇතිවීමෙන්, වසංගත රෝග ඇතිවීමෙන් හා ජල ගැලීම්, මුහුදු ගොඩගැලීම්, සුළි සුළංවලින්, ගිනි කඳු පිපිරීමෙන් හා භූමිකම්පා ආදී භයංකර ස්වභාවික ව්‍යසන ඇතිවීමෙන් මිනිස් ශිෂ්ටාචාර මුළුමනින්ම පවා මේ මිහිතලයෙන් වඳවී ගොස් ඇති අවස්ථා තිබේ. දකුණු ඇමරිකාවේ හා කාම්බෝජයේ තිබූ පුරාණ ශිෂ්ටාචාර විනාශවී යාම නිදසුන් වශයෙන් දැක්විය හැකිය. ඒවා ලෝක විනාශ නොවේ. අතීතයේදී එම ව්‍යසන ඇතිවූවා සේම අනාගතයේදීද එවැනි ව්‍යසන ඇතිවිය හැකිය. බුද්ධ සාහිත්‍යයේ සඳහන් ආකාරයට මෙම ලෝකය විනාශ වීමට කල්ප ගණනාවක් ගත වන්නේය. බුදු දහමට අනුව මෙම මහා භද්‍ර කල්පයේ අවසානයේදී මෙම ලෝකයේ විනාශය සිදුවන්නේය. ඒ -හටගැනීමත් විනාශවීමත් යන සංස්කාර ධර්මතාවයට” අනුවය. එය වර්ෂ ගණනින් ගතහොත් වර්ෂ දශ ලක්‍ෂ ගණනින් ගතවන අති දීර්ඝ කාලයකි.

ෆේස්බුක් අඩවියෙ පලවි තිබු ලිපියකි.

Monday, May 16, 2016

සප්ත ස්වරයයි සුවද හමනා

විහග පවන මත හිනැහි හිනැහි පිනිමල් මතින් වඩින දෙවුලියෙ
ගත තබර මල් සුවද විහිදා බිගුන් බබනා ඈ වටා

ඇගෙ නිකිනි සිනහ මල් කිනිති සැලෙන විට දැනෙන දැනෙන හැගුමන්
රන් තිසර රුවැති ඇගෙ ලපල් ලමැදෙ මම සිහින සිහින වින්දෙම්

සප්ත ස්වරයයි සුවද හමනා ....//
........................
හිත පුරා විසිරි මුතු ලතා ඉහිරුනා රුවැති හදපතා
හින මුසුවුන පාට තැවරුන දෑස අබියස නැවතුනා

ඇගෙ නිකිනි සිනහ මල් කිනිති සැලෙන විට දැනෙන දැනෙන හැගුමන
රන් තිසර රුවැති ඇගෙ ලපල් ලමැදෙ මම සිහින සිහින වින්දෙම්

සප්ත ස්වරයයි සුවද හමනා ........//
........................
මෙපුර සුරබ නල විදිමි විදිමි ඇගෙ මුව මතින් වයන රිද්මයේ
නිල් අබරෙ තුහින මල්වැල් තෙමෙන්වා මා ආදරෙන්

ඇගෙ නිතබ ලෙලෙන පා සලබ සැලෙන විට දැනෙන දැනෙන හැගුමන
මුදු සුවැති සුමුදු ඇගෙ ලපල් ලමැදෙ මම සිහින සිහින වින්දෙම්

සප්ත ස්වරයයි සුවද හමනා .......//



බිස්කට් පුඩිමක් හදමු

අද අපි කියන්න යන්නෙ...කොහොමද ඉතාම ලසියෙන් ගෙදරදි බිස්කට් පුඩිමක් හදානෙ කියලා පෙන්නාන්න.මෙ ඔබ විසින් කරන ලද ඉල්ලිමක් සකසන ලද්දක්.එහෙනම් බලමු රෙසිපි එක...
මරි බිස්කට් පකට් 1ක්
උකු කිරි ටින් 1/2 ක්
වතුර කොප්ප 1/3
පිසින්න යොදා ගන්නා චොකලට් ග්රම් 400ක්
උනු කිරි කොප්ප ½
1.වතුර සමග උකු කිරි ටික හොදින් කවලම් කරගන්න.ඉන්පසු භාජනයක් ගෙන කිරි ටික රත් කරගන්න.
2.චොකලට් ටික පොඩිකර රත්වෙන ලුකු කිරි වතුර මිශ්රනයට දමන්න
3.දියවුනු පසු ලිපෙන් භා ගෙන හොදින් කවලම් කරගන්න.
4ඉන්පසු ඔබ කළ යුත්තේ මාරි බිස්කට් ගෙන ඒවා එකින් එක කිරිවල පොඟව භාජනයේ අතිරිමයි....
5.දෑන් එයට උඩින් සදා නන්නා ලද චොකලටි ම්ශ්රනය ටිකක දාමා තුනි කරන්න.
6නවතත් තව පොගවා ගන්නා ලද බිස්කට් තට්ටුවක් තබන්න.
7.එයට උඩින්ද පෙර පරිදිම චොකලට් මිශ්රනයෙන් ස්ල්පයක් දාමා තුනි කරන්න
8.මෙ අකාරයෙන් බිස්කට් තට්ටු 5 ක් 6 විතර දමන්න.
9ඉන්පසු පය දෙකක පමණ ශිතකරනයේ තබන්න...
Ingredients:
1pkt Marie Biscuits
1/2 Small Milkmaid Tin
1/3 Water
400g Dark Cooking Chocolate
Warm Milk to soak the biscuits
Method:
Mix water and milkmaid.
Heat in a pan.
Chop chocolates and add into the heated milk.
Remove from fire and stir
Soak Marie biscuits in warm milk and add a layer on a tray/dish.
Pour the chocolate mix on top.
add another layer of biscuits and pour chocolate mix and continue so on till 4-5 layers- last layer should be a chocolate layer.
Then refrigerate and EAT! *slurp*

Monday, April 27, 2015

RASAVITHA-01

rasawitha-01කාර්යබහුල දිවියට මද විරාමයක් ලබාදෙමින් පූජනීය නගරයට ඇතුළුවූයේ ශ්‍රීමා බෝ සෙවනේදී සිත් පහන් කර ගැනීමටය.

බෝපත් සිළි සිළි හඬ දෙමින් සිතට බුද්ධාලම්භන ප‍්‍රීතියක් එක් කළ අතර හඳුන්කූරු, පහන් හා මල්වල එකතු වූ අපූරු සුගන්දය පුන්‍ය භූමියේ පහන් සිතිවිළි තවතවත් වර්ධනය කළේය.

ජයසිරි මා බෝ සමිඳු අභියස දොහොත් මුදුන් දී වන්දනා කළ මා කිරි සුදු පාටින් බබළමින් අහස් කුස සිපගැනීමට වෙරදරන සෑ රදුන් දෙසට ගමන් කළෙමි.

”දුවේ ඔයාට මතකද? අපි හැම පෝයකටම මෙහෙට එනවා. මගේ දු මතක් කරන්න රත්තරං”

සවන වැකි ඒ අනුවේදනීය හඬ ආ දෙස මම හැරී බැලූවෙමි.

දිගු සුදු ගවුමකින් සැරසී කොණ්ඩය තනි කරලට ගොතා සිටි සුන්දර තරුණියකි. පෙනුමේ හැටියට ඇයට වයස අවුරුදු 15 ක් හෝ 16 ක් විය හැකිය. කිසිදු හැඟීමක් ඵල නොකළ ඇය සෑරදුන් දෙස අර්ථ විරහිතව බලා සිටියාය. ඒත් ඒ නෙත්හි කුමක් හෝ ලොකු දුකක් වේදනාවක් සැඟවී ඇති බව මට වැටහී ගියේ ඇගේ දෑසෙන් ගලා යන කඳුළු නිසාවෙනි.

ඇය අසල සිටි මැදිවයස් ගැහැනිය ඇගේ අම්මා විය හැකිය. මම ඇය දෙස බැලූවෙමි.

”අනේ බලන්න දුවේ, රත්තරන් වගේ හිටපු මගේ කෙල්ලට වෙච්ච දේ. කතා කරන්නෑ, හිනාවෙන්නෑ, කිසිම දෙයක් කියන්නෑ, බලාගත්ත අතේ බලාගෙන ඉන්නවා. මෙයා මෙහෙම හිටපු කෙනෙක් නෙවෙයි.” ඇගේ දෙනෙතින් කඳුළු කැට කඩා හැළෙන්නට විය. මම ඇය දෙසට හැරුනෙමි.
”ඇයි දුවට මොකද වුණේ”

මම ඇගෙන් විමසුවෙමි. සියලූ සත්ත්වයින්ගේ සිතට සැනසුමක් ලබාදෙන මේ පින්බිමේ සිට ඇය ඒ සෝචනීය පුවත දිග හැරියාය.

”අපි මෙහෙ අය නෙවෙයි දුවේ. අපි ගාල්ලේ. මට ඉන්නේ මේ දුව විතරයි. මගේ මහත්තයා නැතිවුණේ මම තරුණ කාලේ. මේ දරුවා නිසා මම ආයේ විවාහයක් වුණේ නෑ. මම හැමදේම කළේ මේ දරුවා සතුටින් තියන්න. එයාට ඉල්ලන ඉල්ලන දේ ගෙනැත් දුන්නා. ඒත් එයාගේ සැප වෙනුවෙන් භෞතික දේවල් එකතු කරපු මට එයාව ටික ටික ලොකු වෙනවා කියලා හිතුනේ නෑ. මට එයාව තේරුම් ගන්න බැරිවුණා....”

මම යළිත් ඒ අහිංසකාවිය දෙස හැරී බැලූවෙමි. මේ සුන්දර පුංචි කෙල්ලට ඇත්තටම මොකද වුණේ. ඔවුන් ජය සිරිමා බෝ සමිඳුගේ පිහිට ඉල්ලා ශුද්ධ නගරයට පැමිණ ඇත. මම නැවතත් ඒ අහිංසකාවියගේ මව දෙසට හැරුණෙමි.

”මම ගොඩක් මහන්සිවෙලයි මේ දරුවා ලොකු මහත් කළේ. මගෙ දුව ඉගෙන ගන්න ගොඩක් දක්ෂයි. සාමාන්‍ය පෙළ විභාගය හොඳටම පාස්වුණා. එයා විභාගය හොඳට පාස්වුණොත් ලැප්ටොප් එකක් අරගෙන දෙන්න මම පොරොන්දුවෙලා හිටියේ. ඒ නිසා මම දුවට පරිගණකයක් අරගෙන දුන්නා. අපේ ගෙදර මගේ නංගි කෙනෙකුත් හිටියා.

උසස් පෙළ පංති පටන්ගන්න තුරු දුව හිටියේ ගෙදර. නංගී දුවගේ තනියට ඉන්න නිසා මම බයනැතිව වැඩට ගියා. ඒත් දුව හිටියේ වෙනම කාමරයක. එයා පාඩම් වැඩ කරනවා ඇති කියලා නංගිත් වැඩිය එයාගේ කාමරයට ගිහින් නෑ. දුව විද්‍යා අංශයෙනුයි උසස් පෙළ කරන්න බලාපොරොත්තු වුණේ. ඒ නිසා මම ඉන්ටනෙට් ලයින් එකත් අරගෙන දුන්නා.

rasawitha-03

මම දැනගෙන හිටියේ නැතිවුණාට දහය වසර ඉඳලා දුවට පිරිමි ළමයෙක් එක්ක සම්බන්ධයක් තිබිලා තියෙනවා. එයා ගෙදර හිටියට ඒ ළමයත් එක්ක නිතරම ස්කයිප් එකෙන් කතා කරලා.

දවසක් හයියෙන් කතා කරන සද්දයක් ඇහෙන නිසා නංගි දුවගේ කාමරයට ගිහින්. එයා දොර රෙද්ද අයින් කරලා බලද්දි දුව ඒ පිරිමි ළමයත් එක්ක රණ්ඩු වෙනවලූ. මම හවස ගෙදර ආවහම මේ විස්තරේ නංගී කිව්වා. මම දුවගෙන් ඒ ගැන ඇහුවා.

ඒ පිරිමි දරුවා දුවගෙම පන්තියේ ළමයෙක්. අම්මලා තාත්තලත් වැදගත් අය. ඒ නිසා මම ඒ දරුවත් එක්ක කතා කළා. ඒ ළමයා එයාගේ මව්පියෝ මට මුණගැස්සුවා. අපේ දරුවෝ පුංචි කාලෙදිම ඒ වගේ දේකට අනුබල දීලා අපි ලොකු වැරැුද්දක් කළේ.

ඇයගේ දෑස් අගින් කඳුළු බිංදු ගලාගෙන යන්නීය. සැබැවින්ම එය වරදකි. තාරුණ්‍යයට ආදරය දැනෙයි. ඔවුන් ආදරය සොයා යයි. ඒත් ඉගෙන ගන්නා වයසේ බාලවයස්කාර දරුවන්ට විවාහයක පදනම ඇතිව එවැනි සම්බන්ධතා පවත්වන්නට දීම කොතරම් යෝග්‍යය ද යන්න ගැටළුවකි. ඇගේ එම ලිහිල් ප‍්‍රතිපත්තියම අද ඇයට කඳුළු උරුම කර දී ඇත.

ඒත් එම අහිංසකාවියට මෙම තත්ත්වය උදාවූයේ කෙසේද? තවමත් ගැටළුවකි. මම නැවතත් ඇගේ මව් දෙසට හැරුනෙමි.

”අපි දෙපැත්තෙන්ම කතා කරාට පස්සේ මේ දරුවෝ ගොඩක් හොඳට හිටියා මිස්. ඒත් ආයෙත් කාලයකට පස්සේ දෙන්නා ස්කයිප් එකෙන් නිතර නිතර රණ්ඩුවෙනවා කියලා නංගී කිව්වා. මම දුවගෙන් ඒ ගැන අහලා බැලූවා. එයා කිව්ව දේ මට විශ්වාස කරන්නත් බැරිවුණා දුවේ.’’

”ඒ පිරිමි ළමයා නිතරම නිල් චිත‍්‍රපටි බලනවලූ. ඒවා බලලා දුවත් එක්ක කියනවලූ. දුව ඒකට කැමති නෑ. ඒ නිසා රංඩු වෙනවා කියලා දුව කිව්වා.”

අද අහන්න දකින්න ලැබෙන දේත් එක්ක මම ඉක්මන්වෙලා ගත්ත තීරණේ භයානකකම ගැන හිතුනේ ඒ වෙලාවේ. මට ඉන්නේ දුව විතරයි. මම කැමති නෑ එයා අඬනවා බලන්න. ඒ නිසා මම ඒ දරුවාගෙ අම්මලාට කතා කරලා එයා නිල් චිත‍්‍රපටි බලන එක ගැන දැනුම්වත් කළා. එයාලගේ අම්මලත් ඒ දරුවට අවවාද කරලා තිබ්බා.

එදායින් පස්සේ සතියක් විතර ඒ දරුවා අපේ දුවට කතා කරලා නෑ. දවස් දෙක තුනකින් විතර දුවට එයාගේ යාළුවෝ කතා කරලා එයාගේ නිරුවත් ෆොටෝ ඉන්ටනෙට් එකේ තියන බව කියලා තියනවා. මුලින් දුව ඒක මට හැංගුවා. ඒත් අන්තිමට දුව මට ඒ ගැන කිව්වා.

ඒක එහෙම වුණේ කොහොමද කියලා දුව මට කලින් කිව්වේ නෑ. එයා මුලින්ම කිව්වේ එයාගේ ෆේස්බුක් ගිණුමේ තිබුණ ෆොටෝ අරගෙන වෙනස් කරලා හදලා දාලා තියෙන්නේ කියලා. ඒත් ප‍්‍රශ්නෙ ටික ටික දුරදිග ගිය නිසා එයා මට හැමදේම කිව්වා.

අර ළමයාට නිල් චිත‍්‍රපටි බලන්න එපා කිව්වාම එයා කියලා ඒවා නොබලා ඉන්නනම් දුවගෙ පින්තූර එවන්න කියලා. දුව ඒක විශ්වාස කරලා. එයාට තිබුණ ආදරේට, එයා ඒ වගේ දේවලින් ගලවා ගන්න දුවම එයාගේ ෆෝන් එකෙන් පින්තූර අරගෙන ඒ පිරිමි ළමයට යවලා. ඒත් එයා නිල් චිත‍්‍රපටි බලන එක නතර කරලා නෑ. දුව ඒ නිසා නිතරම එයත් එක්ක රණ්ඩු කරලා. අන්තිමට දුව මට කියලා එයාගේ මව්පියන්ට කියලා අවවාද කළ තරහට මගෙ දරුවගෙන් පළිගත්තේ එහෙමයි.

ඔය සිද්ධියෙන් පස්සේ දුව ගොඩක් මානසිකව වැටුණා. හීනෙන් බයවෙලා නැගිට්ටා. ඇඳේ ඉඳගෙන අඬන්න වුණා. මෙයාට ඉස්කෝලේ ගුරුවරුත් ගොඩක් ආදරෙයි. යාළුවොත් ගොඩක් ගරු කළා. ඒත් ඔය සිදුවීම ගොඩක් අය දැනගත්තට පස්සේ එක දිගටම මෙයාට කෝල් ආව අවස්ථා තිබුණා. අද ඒ ගැන කල්පනා කරලම ඒ දුක දරාගන්න බැරුව මෙයා නිහඬ වෙලා. දැන් ඩොක්ටර් කෙනෙක්ට පෙන්නනවා. ඒත් මෙයා ඒ පරිසරයෙන් ඈත් කරන්න  ඕනෑ නිසයි අපි අනුරාධපුරේ ආවේ. ඉස්සර මෙයා ගොඩක් ආසයි උඩමළුවට එන්න. මට  ඕන කොහොම හරි මගෙ අහිංසකීව සනීප කරගන්න.

සැබැවින්ම ඛේදනීය ඉරණමකි. ආදරය සුන්දරය. එම සුන්දර ආදරය තුළ විශ්වාසය, ගෞරවය, ආරක්ෂාව ආදී බොහෝ දේ තිබිය යුතුය. අද පවතින ඒකාකාරී අධ්‍යාපන රටාව මත ළමයින්ගේ පරිකල්පන ශක්තිය හීන වී ඇත. දහම් අධ්‍යාපනයක් නොලබන දරුවෝ පින, පව, සංස්කෘතිය, සදාචාරය, කර්මඵල පිළිබඳ කිසිදු හැඟීමකින් තොරව අර්ථ විරහිත ජීවිත ගත කරති.

rasawitha-02

ඒ වෙතින් නොදැනුවත්වම ඔවුන් ඔවුන්වම විනාශ කර ගනිමින් සමාජය ද කෙළෙසා දමයි. නව තාක්ෂණය අවශ්‍යය. එහෙත් එය භාවිතය දැලි පිහියෙන් කිරි කෑමක් බඳුය. එබැවින් ජීවිතයට අවශ්‍ය දේ තෝරාගෙන අනවශ්‍ය දේ බැහැර කර තාක්ෂණය භාවිත කළ යුතු බව සිහියට ගත යුතුය.



RASAVITHA-02

අද පරිගණක අපරාධ දවසින් දවස වැඩිවෙනවා. ඊට හේතු ලෙස අප දකින්නේ අන්තර්ජාල භාවිතය පිළිබඳ ඇති නොදැනුවත්කම හෝ ගණන් නොගන්නාකම.

විශේෂයෙන්ම පාසල් යන වයසේ දරුවෝ අද ජංගම දුරකථනයත් පරිගණකයක් කරගෙන. හැම වෙලාවෙම අන්තර්ජාලයේ සැරිසරනවා. අද ෆේස්බුක් ගිණුම් බොහෝදෙනෙක් භාවිත කරනවා. ඒත් ෆේස්බුක් එකක් තියෙන්නේ මොකටද කළ යුත්තේ මොනවද කියන සීමා මායිම් දන්නේ නෑ.

සමහර අවස්ථාවල ෆේස්බුක් එකට ලස්සන පින්තූර, වීඩියෝ පට එනවා. ඒවා බලන්න පාස්වර්ඞ් ගහලා ඒ සයිට්වලට යන්න  ඕනෑ. සමහර දේවල් හොඳ වගේම, හොඳ වගේ එන දරුවන්ට අනුචිත බොහෝ දේත් එහි තියෙන්න පුළුවන්. විශේෂයෙන්ම නිරුවත් පින්තූර වගේම අසභ්‍ය වීඩියෝ දර්ශන. මේ වගේ දේවල් බලපුවහම සාමාන්‍ය විදියට ජීවිතය දකින දරුවෙක් අසාමාන්‍ය වෙනවා. ඒකට ඇබ්බැහිවෙනවා. ඒ නිසා අධ්‍යාපනය කඩාවැටීම් සිදුවෙනවා. විශේෂයෙන්ම පාසල් යන දරුවන්ගේ අතට අන්තර්ජාල භාවිතය පත්කරද්දි ඔවුන් යන සයිට්, ඔවුන් බලන කරන දේවල් හොයා බලන්න මව්පියෝ දැනුම්වත්වෙන්න  ඕන.

ඒ වගේම තරුණ ගෑනු ළමයි තමන්ගේ හොඳම යාළුවා, යෙහෙළිය, ඥාතියා, ආදරවන්තයා යන මේ කවුරු කිව්වත් තමන්ගේ නිරුවත් පින්තූර අන්තර්ජාලයට මුදාහරින්න එපා. ඒ වගේම ස්කයිප් එකක් ඉදිරියේ නිරුවත් වෙන්න එපා. අද ළමයි තාවකාලික ගැටලූවලට පිළියම් විදියට අන්ධානුකරණයෙන් අදහන අන්තර්ජාල පෙම්වතුන්ට රැුවටෙනවා. ඔවුන් කියන හැමදේම කරනවා. අන්තිමට ජීවිතය වරද්දා ගන්නවා. අන්තර්ජාල භාවිතයේදී කල්පනාකාරී වෙන්න. ඔබට ආත්ම ගෞරවයක් තියනවා. ඔබ ආරක්ෂා කරගත යුතු දේවල් තියනවා.

ඔබේ මව්පියෝ දිවා රෑ නොබලා මහන්සි වෙන්නේ ඔබේ ජීවිත සුඛිත මුදිත කරන්න. ඒ නිසා එයාලගෙ ජීවිතවලට කඳුළු දීලා, ඔබ සමාජය ඉදිරියේ අසරණවන්න, පිළිකුලට, හිනාවට බඳුන් වන චරිතයක් වෙන්න එපා. බුද්ධිමත්ව අන්තර්ජාලය භාවිත කරන්න. ජීවිතයට වැදගත් යයි පෙනෙන දේ පමණක් ගන්න. ජීවිතයට අනවශ්‍ය දේ එකතු කරගෙන විනාශ වෙන්න එපා.

Friday, February 27, 2015

අඩු මුදලට පරිගණක පාඨමාලා.

1.1

2009 සිට මේ දක්වා සිසුනට නොමිලේ පරිගණකයක් නිවසටම ලබාදෙමින් අප සිදුකරන්නේ අනාගත පරපුර සවිබල ගැන්වීමකි. ඔබ හෝ ඔබේ දරුවායන පරිගණක පාඨමාලව සදහා ඔබ වැය කරන මුදලට සරිලන අද්‍යපනයක් ලැබුනද .. හෘදසාක්ෂියට එකගව එය නැහැ කියා කියන්නට සිදු වේ. සතියකට එක දිනයක් හෝ ආසන්න දින ගණනකදී සිසුන් පිරිසක් සමග ඔබට කියාදෙමින් නෝට් ලබා දෙනු ලැබේ. පැක්ට්‍රිකල්  ලැබෙන්නේ සතියකට පැය 2ක් හෝ ආසන්න කාලයකි. පරිගණකයක් ලග නැති පිරිස එයින් සැහීමකට පත්වේවිද…? සාමාන්යෙන් අවම දිනකට පැය 4ක් වත් පුහුණු විය යුතුය නමුත් ඔබ පුහුණු වන්නේ සතියකටද පැය දෙකකි. ඉතින් අප එයට විසඳුමක් ලෙස ඔබගේ නිවසටම පරිගණකයක් ලබාදෙන්නෙමු .. ඔබ වෙනත් ආයතනයකට යනවිට ඔවුන් ඔබට ලබාදෙන වෙලාවට ය යුතුය. එහෙත් අප ඔබට පහසු වෙලාවක් උදැසන 5.00 සිට රාත්‍රී 10.00 වනතුරු ලබා දී ඇත.  ඔබට පමණක් පුද්ගලිකව කියාදෙන බැවින් සෘජුව ප්‍රශ්න ඇසිය හැක.

  දරුවා පරිගණක පන්ති යනවා කියා වෙනත් තැන්වල යාමේ අවදානමින් මිදීමට අවැසි දෙමවුපියනටද මෙය මහගු පිටුවහලක් වනු ඇත. නිවසේදීම සියලු ඉගැන්වීම් සිදු කරන බැවින් ඔබට දරුවාගේ තත්වය පුද්ගලිකව මෙන්ම අපෙන්ද අසා බලගත හැක. දිඉර්ග කාලයක් පන්ති පවත්වා පළපුරුද්ද අප සතු වන බැවින් දරුවාගේ අද්යාපන තත්වයට ගැලපෙන ලෙස ඉගැන්විය හැක.

  කාර්යාලයේදී පරිගණක භාවිතයට යොමුවන නවක ඔබට ඉක්මන් කෙටි පරිගණක පටමාලාවන් ද අප සතුව පවතී. අපගෙන් අද්‍යාපනය ලැබූ බොහෝදෙනා දැනට බොහෝ ආයතන වල සෙව්කය කරයි.

ඔබගේ නිවාස කටුමැටි පැලක් වුවත් සිවු මහල් ප්‍රසාදයක් වුවත් අප එය පිළිබඳව සිතන්නේ නැත. ඔබගේ රැකියාව ජාතිය කුලය අපට වැදගත් නැත. අපට දැනෙන්නේ ඔබගේ අවශ්‍යතාවය පමණි.  නිවසේ තත්වය පිළිවෙල පිළිබඳව නොසිතා අදම අපට කතාකරන්න දිනයක් සහ වෙලාවක් වෙන්කරගන්න . අපට අවැසි වෙන්නේ පරිගණකය තැබීමට ස්ථානයක්, විදුලි බලය සහ ඔබ පමණි.  

කතාකරන්න : රවීන්ද්‍ර - 075-473407
                      raweendragampola@gmail.com


දරුවාට වගකිමක් ඇති නිවැරදි පරිගණක පාඨමාලාවක්

2.1 

2009 සිට මේ දක්වා සිසුනට නොමිලේ පරිගණකයක් නිවසටම ලබාදෙමින් අප සිදුකරන්නේ අනාගත පරපුර සවිබල ගැන්වීමකි. ඔබ හෝ ඔබේ දරුවායන පරිගණක පාඨමාලව සදහා ඔබ වැය කරන මුදලට සරිලන අද්‍යපනයක් ලැබුනද .. හෘදසාක්ෂියට එකගව එය නැහැ කියා කියන්නට සිදු වේ. සතියකට එක දිනයක් හෝ ආසන්න දින ගණනකදී සිසුන් පිරිසක් සමග ඔබට කියාදෙමින් නෝට් ලබා දෙනු ලැබේ. පැක්ට්‍රිකල්  ලැබෙන්නේ සතියකට පැය 2ක් හෝ ආසන්න කාලයකි. පරිගණකයක් ලග නැති පිරිස එයින් සැහීමකට පත්වේවිද…? සාමාන්යෙන් අවම දිනකට පැය 4ක් වත් පුහුණු විය යුතුය නමුත් ඔබ පුහුණු වන්නේ සතියකටද පැය දෙකකි. ඉතින් අප එයට විසඳුමක් ලෙස ඔබගේ නිවසටම පරිගණකයක් ලබාදෙන්නෙමු .. ඔබ වෙනත් ආයතනයකට යනවිට ඔවුන් ඔබට ලබාදෙන වෙලාවට ය යුතුය. එහෙත් අප ඔබට පහසු වෙලාවක් උදැසන 5.00 සිට රාත්‍රී 10.00 වනතුරු ලබා දී ඇත.  ඔබට පමණක් පුද්ගලිකව කියාදෙන බැවින් සෘජුව ප්‍රශ්න ඇසිය හැක.

  දරුවා පරිගණක පන්ති යනවා කියා වෙනත් තැන්වල යාමේ අවදානමින් මිදීමට අවැසි දෙමවුපියනටද මෙය මහගු පිටුවහලක් වනු ඇත. නිවසේදීම සියලු ඉගැන්වීම් සිදු කරන බැවින් ඔබට දරුවාගේ තත්වය පුද්ගලිකව මෙන්ම අපෙන්ද අසා බලගත හැක. දිඉර්ග කාලයක් පන්ති පවත්වා පළපුරුද්ද අප සතු වන බැවින් දරුවාගේ අද්යාපන තත්වයට ගැලපෙන ලෙස ඉගැන්විය හැක.

  කාර්යාලයේදී පරිගණක භාවිතයට යොමුවන නවක ඔබට ඉක්මන් කෙටි පරිගණක පටමාලාවන් ද අප සතුව පවතී. අපගෙන් අද්‍යාපනය ලැබූ බොහෝදෙනා දැනට බොහෝ ආයතන වල සෙව්කය කරයි.

ඔබගේ නිවාස කටුමැටි පැලක් වුවත් සිවු මහල් ප්‍රසාදයක් වුවත් අප එය පිළිබඳව සිතන්නේ නැත. ඔබගේ රැකියාව ජාතිය කුලය අපට වැදගත් නැත. අපට දැනෙන්නේ ඔබගේ අවශ්‍යතාවය පමණි.  නිවසේ තත්වය පිළිවෙල පිළිබඳව නොසිතා අදම අපට කතාකරන්න දිනයක් සහ වෙලාවක් වෙන්කරගන්න . අපට අවැසි වෙන්නේ පරිගණකය තැබීමට ස්ථානයක්, විදුලි බලය සහ ඔබ පමණි.  

කතාකරන්න : රවීන්ද්‍ර - 075-473407

                      raweendragampola@gmail.com




පරිගණක පන්ති